ආබ්රහම් අලුයම නැගිට රොටි සහ වතුර භාජනයකුත් ගෙන හාගර්ගේ කරේ තබා දරුවාද ඈට දී ඇය යන්ට හැරියේය. ඈ පිටත්ව ගොස් බෙයර්-ෂෙබා නම් වනයෙහි මංමුළාවූවාය.
1 රාජාවලිය 19:3 - Sinhala Revised Old Version ඔහු ඒ අසා නැගිට තමාගේ ප්රාණය ගළවා ගැනීමට යනුයේ යූදාට අයිති බෙයෙර්-ෂෙබාට පැමිණ තමාගේ වැඩකාරයා එහි නවතින්ට හැර, Sinhala New Revised Version ඔහු ඒ අසා බිය වී තම පණ ගළවාගැනීමට පලා ගියේ ය. මෙසේ ගොස් ඔහු ජුදාට අයිති බෙයර්-ෂෙබා නම් ස්ථානයට පැමිණ තම වැඩකාරයා එහි නවතින්නට හැර, Sinhala New Revised Version 2018 ඔහු ඒ අසා බිය වී තම පණ ගළවාගැනීමට පලා ගියේ ය. මෙසේ ගොස් ඔහු ජුදාට අයිති බෙයර්-ෂෙබා නම් ස්ථානයට පැමිණ තම වැඩකාරයා එහි නවතින්නට හැර, |
ආබ්රහම් අලුයම නැගිට රොටි සහ වතුර භාජනයකුත් ගෙන හාගර්ගේ කරේ තබා දරුවාද ඈට දී ඇය යන්ට හැරියේය. ඈ පිටත්ව ගොස් බෙයර්-ෂෙබා නම් වනයෙහි මංමුළාවූවාය.
එහෙයින් ඔහු ඒ ස්ථානයට බෙයර්-ෂෙබායයි නම් තැබීය. එසේ කළේ ඔවුන් දෙදෙනා එතැන්හිදී දිවුළ බැවින්ය.
සාලමොන්ගේ සියලු දවස්වල දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා යූදාවරුද ඉශ්රායෙල්වරුද එකිනෙකා තම තමාගේ මුද්රිකවැල යටද අත්තික්කා ගස යටද සුවසේ වාසයකළෝය.
ඵාරාවෝ ඒ දේ අසා මෝසෙස් මරන්ට සෙවීය. නුමුත් මෝසෙස් ඵාරවෝ කෙරෙන් පලාගොස් මිදියන් දේශයෙහි වාසය කෙළේය.
උන්වහන්සේ සඳහන් නොකරන්නෙමියි කියාද උන්වහන්සේගේ නාමයෙන් තවත් කථා නොකරන්නෙමියි කියාද කියම් නම්, එය මාගේ ඇට තුළේ වැසී ඇවිළෙන ගින්නක් මෙන් මාගේ සිත තුළ තිබේ, දරන්ට මා වෙහෙසෙන නුමුත් මට බැරිය.
නුමුත් මේ සියල්ල සිද්ධවූයේ අනාගතවක්තෘවරුන්ගේ ලියවිලි සම්පූර්ණවන පිණිසයයි කීසේක. එවිට ගෝලයන් සියල්ලෝම උන්වහන්සේ අත්හැර පලාගියෝය.
තවද ඒ එළිදරව්කිරීම්වල අතිශය උතුම්කම කරණකොටගෙන පමණට වඩා උසස් නොවන පිණිස මට පහරදීමට සාතන්ගේ දූතයෙකු වැනිවූ උලක් මාගේ මාංසයෙහි මට දෙනලද්දේය, ඒ පමණට වඩා මා උසස් නොවන පිණිසය.
දාවිත් තමාගේ සිතින් කල්පනාකොට: යම් දවසක සාවුල් අතින් මට මරණය පැමිණෙන්නේය. පිලිස්තිවරුන්ගේ දේශයට ගැළවීයාම මිස වෙන හොඳ විධියක් මට නැත; සාවුල්ද මුළු ඉශ්රායෙල් සීමාව තුළේ තවත් මා සෙවීමෙන් මත්තට වලකිනවා ඇත. මෙසේ ඔහුගේ අතින් ගැළවෙන්ට මට පුළුවන්වේයයි කීවේය.
ඔහුගේ කුලුඳුල් පුත්රයාගේ නම යෝවෙල්ය; ඔහුගේ දෙවෙනියාගේ නම අබියාය. ඔව්හු බෙයර්-ෂෙබාහි විනිශ්චයකාරයෝ වූවෝය.