Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 19:4 - Sinhala Revised Old Version

4 තමාම දවසක ගමන් කාන්තාරයට ගොස් රෝතෙම් ගසක් යට හිඳගන, තමා මැරෙන ලෙස ඉල්ලමින්: ස්වාමීන්වහන්ස, ඉතින් ඇත; දැන් ස්වාමීන්වහන්ස, මාගේ ප්‍රාණය ගතමැනව; මක්නිසාද මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 තමා ම මුළු දවසක ගමන් ප්‍රමාණය නිමවමින් පාළුකරයට පිවිස රෝතෙම් නම් ගසක් යට වාඩි වී, තමා මැරෙන ලෙස ඉල්ලමින් “සමිඳාණන් වහන්ස, ඉතින් ඇත, දැන් මාගේ ප්‍රාණය ගත මැනව. මන්ද, මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 තමා ම මුළු දවසක ගමන් ප්‍රමාණය නිමවමින් පාළුකරයට පිවිස රෝතෙම් නම් ගසක් යට වාඩි වී, තමා මැරෙන ලෙස ඉල්ලමින් “සමිඳාණන් වහන්ස, ඉතින් ඇත, දැන් මාගේ ප්‍රාණය ගත මැනව. මන්ද, මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 19:4
19 හුවමාරු යොමු  

ඉතින්, ස්වාමීන්වහන්ස, මාගේ ප්‍රාණය මාගෙන් තුරන්කරගත මැනව; ජීවත්වීමට වඩා නැසීයාම මට හොඳයයි කීවේය.


ඔබ මට මෙසේ කරනසේක්නම්, ඔබගෙන් මට කරුණාව ලැබී තිබේනම්, වහාම මා මරන ලෙස ඔබගෙන් ඉල්ලමි; අහෝ මාගේ කාලකණ්ණිකම මට දකින්ට නුදුන මැනවයි කීවේය.


තවද ඉර උදාවූ කල දෙවියන්වහන්සේ ග්‍රීෂ්මය ඇති පෙරදිග හුළඟක් නියමකළසේක; අව්ව යෝනාගේ ඉසට වැදී, ඔහු ක්ලාන්තවී, තමාගේ ප්‍රාණය හානිවෙන ලෙස ඉල්ලා: ජීවත්වීමට වඩා නැසීයාම මට හොඳයයි කීවේය.


එසේවී නම් කිමෙක්ද? අපි ඔවුන්ට වඩා අඩු තත්ත්වයකද? කිසිසේත් නැත. මක්නිසාද යුදෙව්වරුද ග්‍රීක්වරුද යන සියල්ලෝ පාපයට යටත්ව සිටිතියි කියා අපි පළමු දොස්තැබුවෙමුව.


එහි යාකොබ්ගේ ළිඳ තිබුණේය. යේසුස්වහන්සේ ගමනින් වෙහෙසව සිටිසේක්, ඒ ආකාරයෙන්ම ළිඳ ළඟ හිඳගත්සේක. ඒ හවෙනි පැය පමණ විය.


නුඹ නෝ-ආමොන්ට වඩා හොඳද? ඈ ගංගා අතරේ පිහිටා, ඈ වටකරින් ජල ඇතුව තිබුණාය; ඇගේ අගළ මුහුද විය, ඇගේ ප්‍රාකාරය මුහුදේ පිහිටුවා තිබුණේය.


කල්නේට ගමන්කර ගොස් බලන්න; එතැනින් මහ හමාත්ට යන්න. පිලිස්තිවරුන්ගේ ගාත්ටද යන්න. ඒවා මේ රාජ්‍යවලට වඩා හොඳද? නොහොත් නුඹලාගේ සීමාවට වඩා ඔවුන්ගේ සීමාව විශාලද?


තවද ඔවුන් කථාකරකර යද්දී ගිනි රථයක්ද ගිනි අශ්වයෝද පෙනී ඔවුන් දෙදෙනා වෙන්කළෝය; එලියා සුළි හුළඟකින් ස්වර්ගයට නැගී ගියේය.


ඔහු ඒ අසා නැගිට තමාගේ ප්‍රාණය ගළවා ගැනීමට යනුයේ යූදාට අයිති බෙයෙර්-ෂෙබාට පැමිණ තමාගේ වැඩකාරයා එහි නවතින්ට හැර,


දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා පස්සේ ගොස් ඔහු අලෝන ගහක් යට ඉන්නවා දැක: යූදා සිට ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා නුඹදැයි ඔහුගෙන් ඇසීය. ඒ මමයයි ඔහු කීවේය.


ආකාශයේ පක්ෂීන් බලන්න, උන් වපුරන්නේවත් කපාගන්නේවත් අටුවල රැස්කරගන්නේවත් නැත; නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේද උන් පෝෂණය කරනසේක. නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද?


ඔහු රෝතෙම් ගසක් යට වැතිර නිදාගත්තේය; එවිට දේවදූතයෙක් ඔහුට අතගසා: නැගිට කන්නැයි ඔහුට කීවේය.


එනම් දෙවියන්වහන්සේ මා පොඩිකරදමන්ට සතුටුවී, ස්වකීය හස්තය දිගුකොට මා සිඳ දමනසේක්වා!


උන්වහන්සේ සඳහන් නොකරන්නෙමියි කියාද උන්වහන්සේගේ නාමයෙන් තවත් කථා නොකරන්නෙමියි කියාද කියම් නම්, එය මාගේ ඇට තුළේ වැසී ඇවිළෙන ගින්නක් මෙන් මාගේ සිත තුළ තිබේ, දරන්ට මා වෙහෙසෙන නුමුත් මට බැරිය.


අහෝ මාගේ ඉල්ලීම මට ලැබුණොත්, මා ආශාවන දෙය දෙවියන්වහන්සේ මට දුන්නොත් යහපත!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්