Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 4:25 - Sinhala Revised Old Version

25 සාලමොන්ගේ සියලු දවස්වල දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා යූදාවරුද ඉශ්‍රායෙල්වරුද එකිනෙකා තම තමාගේ මුද්‍රිකවැල යටද අත්තික්කා ගස යටද සුවසේ වාසයකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 මොහුගේ මුළු කාලය තුළ දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා ජුදාවරු ද ඉශ්රායෙල්වරු ද එකිනෙකා තම තමාගේ මිදි වතු හා අත්තික්කා වතුවල අයිතිය භුක්ති විඳිමින් සුව සේ වාසය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 මොහුගේ මුළු කාලය තුළ දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා ජුදාවරු ද ඉශ්රායෙල්වරු ද එකිනෙකා තම තමාගේ මිදි වතු හා අත්තික්කා වතුවල අයිතිය භුක්ති විඳිමින් සුව සේ වාසය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 4:25
14 හුවමාරු යොමු  

තවද ඔව්හු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසයකරනවා ඇත. මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේගේ මුඛය එය වදාළේය.


ඒ කාලයෙහි නුඹලා එකිනෙකා තම තමාගේ මිත්‍රයා මුද්‍රිකවැල යටටත් අත්තික්කා ගස යටටත් කැඳවාගන යනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.


හෙසකියාට ඇහුම්කන් නොදෙන්න. කුමක් හෙයින්ද අෂූර්හි රජ මෙසේ කියයි–මා හා සමඟ සමාදානයකට පැමිණ මා වෙතට එන්න; එවිට මම ඇවිත්, නුඹලාගේ දේශයට සමානවූ, ධාන්‍ය හා මුද්‍රිකපානය ඇති, කෑමද මිදිවතුද ඇති, ඔලීව තෙල්ද මීපැණිද ඇති දේශයකට නුඹලා ගෙනයන තුරු,


එවිට දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වාත් ගිලියද් දේශයෙත් සිටි සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් පිටත්ව ඇවිත් සභාව එක්කෙනෙකු මෙන් මිශ්පාහි ස්වාමීන්වහන්සේ වෙතට රැස්වුණාය.


මම පවුරු රහිත ගම් ඇති දේශයට විරුද්ධව නැගී ගොස්, නිශ්චලකමින් සිට නිසැකව වාසයකරන අය ළඟට පැමිණෙන්නෙමි; ඔවුන් සියල්ලෝම පවුරු නැතුව වාසයකරති, ඔවුන්ට අගුල්ද දොරවල්ද නැතැයි කියනවා ඇත.


නුඹේ දේශයෙහි බලාත්කාරයද නුඹේ සීමා ඇතුළේ නාස්තිය හා විනාශයද ගැන තවත් අසන්ට නොලැබෙන්නේය; නුඹේ පවුරු ගැළවීමය කියාද නුඹේ දොරටු ප්‍රශංසාවය කියාද නුඹ කියන්නෙහිය.


මෙසේ ස්වාමීන්වහන්සේ උදය පටන් නියම වේලාව දක්වා ඉශ්‍රායෙල් අතරට වසංගතයක් එවූසේක. එයින් දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සෙනඟගෙන් මනුෂ්‍යයන් සැත්තෑදහසක් මැරුණෝය.


මා කියන මන්ත්‍රණය නම්: දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සිටින සියලු ඉශ්‍රායෙල්වරුන් ගණනින් මුහුදු වෙරෙළ් වැලි මෙන් ඔබ වෙතට රැස්කරගන ඔබම සටනට යන ලෙසය.


සාමුවෙල් ස්වාමීන්වහන්සේගේ අනාගතවක්තෘ කෙනෙකු හැටියට ස්ථිරකරනලද බව දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සිටි සියලු ඉශ්‍රායෙල්වරු දැනගත්තෝය.


නුමුත් නුඹට උපදින පුත්‍රයෙක් ශාන්තදාන්ත මනුෂ්‍යයෙක් වන්නේය; හාත්පසින්ම ඔහුගේ සියලු සතුරන්ගෙන් ඔහුට නිදහස දෙන්නෙමි. එසේය, ඔහුගේ නාමය සාලමොන් වන්නේය, ඔහුගේ දවස්වලදී ඉශ්‍රායෙල්ට සමාදානයද නිශ්චලතාවද දෙන්නෙමි.


හෙසකියාට ඇහුම්කන් නොදෙන්න. මක්නිසාද අෂූර්හි රජ මෙසේ කියන්නේය–මා සමඟ සමාදානයකට පැමිණ මා වෙතට එන්න.


මා ජනයන් අතරෙන් ඔවුන් නැවත ගෙනැවිත්, ඔවුන්ගේ සතුරන්ගේ දේශවලින් ඔවුන් රැස්කොට, මා ශුද්ධ බව ඔවුන් කරණකොටගෙන බොහෝ ජාතීන් ඉදිරියෙහි පෙන්වනු ලැබුවාම,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්