Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 2:15 - Sinhala Revised Old Version

15 ඵාරාවෝ ඒ දේ අසා මෝසෙස් මරන්ට සෙවීය. නුමුත් මෝසෙස් ඵාරවෝ කෙරෙන් පලාගොස් මිදියන් දේශයෙහි වාසය කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එපවත් සැළ වූ විට පාරාවෝ මෝසෙස් මරාදැමීමට සෙවී ය. එහෙත්, මෝසෙස් පාරාවෝ වෙතින් පලා ගොස් මිදියන් දේශයෙහි පදිංචි විය. ඔහු එහි ළිඳක් ළඟ වාඩි වී සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 එපවත් සැළ වූ විට පාරාවෝ මෝසෙස් මරාදැමීමට සෙවී ය. එහෙත්, මෝසෙස් පාරාවෝ වෙතින් පලා ගොස් මිදියන් දේශයෙහි පදිංචි විය. ඔහු එහි ළිඳක් ළඟ වාඩි වී සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 2:15
17 හුවමාරු යොමු  

ඇදහිල්ලෙන්, ඔහු රජුගේ උදහසට භය නොවී, මිසරය අත්හැර ගියේය. මක්නිසාද අදෘශ්‍යමාන තැනන්වහන්සේ දකින්නාක්මෙන් ඔහු ස්ථිරව සිටියේය.


ඒ කීම නිසා මෝසෙස් පලාගොස්, මිදියන් දේශයෙහි විදේශීව විසුවේය, එහිදී ඔහුට දාව පුත්‍රයන් දෙදෙනෙක් උපන්නෝය.


සවස් වේලෙහි, ස්ත්‍රීන් වතුර අදින පිණිස නික්ම යන වේලෙහි, ඔහු නුවරින් පිටත වතුර ළිඳ ළඟ තමාගේ ඔටුවන් දණගැස්සෙවුවේය.


ඔහු බලා, කෙතෙහි තිබෙන ළිඳක් සහ ඒ ළඟ ඉන්න බැටළු රැළවල් තුනක්ද දුටුවේය; මක්නිසාද ඒ ළිඳෙන් බැටළු රැළවලට වතුර දෙනලදී. ළින් කට උඩ තිබුණු ගලද මහත්ය.


එහි යාකොබ්ගේ ළිඳ තිබුණේය. යේසුස්වහන්සේ ගමනින් වෙහෙසව සිටිසේක්, ඒ ආකාරයෙන්ම ළිඳ ළඟ හිඳගත්සේක. ඒ හවෙනි පැය පමණ විය.


ඔවුන් එක් නුවරකදී නුඹලාට පීඩාකරන කල ඊළඟ නුවරට දුවන්න. මක්නිසාද සැබවක් නුඹලාට කියමි: මනුෂ්‍ය පුත්‍රයා එනතෙක් නුඹලා ඉශ්‍රායෙල්ගේ සියලු නුවරවල ඇවිද කෙළවර නොකරන්නහුය.


නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි; එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති.


ස්වාමීන්වහන්සේ: නුඹේ ප්‍රාණය නසන්ට සෙවූ සියල්ලෝ මළෝය. එබැවින් මිසරයට නැවත යවයි මිදියන්හිදී මෝසෙස්ට කීසේක.


මිදියාන්ගේ පුත්‍රයෝ: ඒඵාද ඒඵෙර්ද හනොක්ද අබීදාද එල්දායාද යන මොව්හුය. මේ සියල්ලෝ කෙතුරාගේ දරුවෝය.


ඈ ඔහු නිසා ගිම්රාම්ද යොක්ෂාන්ද මෙදාන්ද මිදියාන්ද ඉෂ්බාක්ද ෂුවාද බිහිකළාය.


අනික් පුත්‍රයාගේ නම එලියේසර්ය; මක්නිසාද: මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ මට පිහිටවී ඵාරාවෝගේ කඩුවෙන් මා ගළවාගත්සේකැයි ඔහු කීවේය.


ඔව්හු මිදියන් දේශයේ සිට පිටත්ව පාරාන්ට පැමිණ පාරාන් දේශයෙන් මනුෂ්‍යයන් කැඳවාගන මිසරයේ රජවූ ඵාරාවෝ වෙතට මිසරයට ගියෝය; රජ්ජුරුවෝ ඔහුට ගෙයක්දී, ආහාර නියමකොට, ගම් බිම්ද දුන්නාහ.


කූෂාන්හි කූඩාරම් විපත්තියට යටවී තිබෙනවා දුටිමි. මිදියන් දේශයේ තිර වෙවුලුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්