තවද ඔහුත් ඔහුගේ මෙහෙකරුවොත් රාත්‍රියෙහි ඔවුන්ට විරුද්ධව බෙදී, ඔවුන්ට පහරදී, දමස්කයට වම් පැත්තෙහි වූ හෝබා දක්වා ලුහුබැඳ ගොස් සියලු සම්පත් ආපසු ගෙනාවෝය.
1 රාජාවලිය 15:18 - Sinhala Revised Old Version එවිට ආසා ස්වාමීන්වහන්සේගේ ගෘහ ගබඩාවල ඉතුරුව තිබුණු රන් රිදී සියල්ලද රජගෙයි තිබුණු වස්තුද ගෙන තමාගේ සේවකයන්ගේ අතට භාරදී, දමස්කයෙහි විසූ සිරියේ රජවූ, හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිම්මොන්ගේ පුත්‍රවූ බෙන්-හදද්ට ඒවා යවමින්: Sinhala New Revised Version එවිට ආසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඉතිරි ව තිබූ රන් රිදී සියල්ල ද රජ මාලිගාවේ තිබූ වස්තුව ද ගෙන තමාගේ සේවකයන් අතට භාර දී, දමස්කයෙහි විසූ සිරියාවේ රජ වූ හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිමොන්ගේ පුත් බෙන්-හදද්ට ඒවා යවමින්, Sinhala New Revised Version 2018 එවිට ආසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඉතිරි ව තිබූ රන් රිදී සියල්ල ද රජ මාලිගාවේ තිබූ වස්තුව ද ගෙන තමාගේ සේවකයන් අතට භාර දී, දමස්කයෙහි විසූ සිරියාවේ රජ වූ හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිමොන්ගේ පුත් බෙන්-හදද්ට ඒවා යවමින්, |
තවද ඔහුත් ඔහුගේ මෙහෙකරුවොත් රාත්‍රියෙහි ඔවුන්ට විරුද්ධව බෙදී, ඔවුන්ට පහරදී, දමස්කයට වම් පැත්තෙහි වූ හෝබා දක්වා ලුහුබැඳ ගොස් සියලු සම්පත් ආපසු ගෙනාවෝය.
ආබ්‍රම් කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, මට දරුවෙක් නැත, දමස්කයේ එලියේසර් මාගේ උරුමක්කාරයා වෙන්ට සිටින්නේය, ඉතින් ඔබ මට කුමක් දෙනසේක්දැයි කීය.
ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තුද රජගෙයි වස්තුද හැරගෙන ගියේය; ඔහු සියල්ලම රැගෙන, සාලමොන් විසින් සාදා තිබුණු සියලු රන් පලිස්ද ගෙන ගියේය.
ඔහු තමාගේ පියා විසින්ද තමා විසින්ද කැපකළ රන් රිදී සහ බඩුත් ස්වාමීන්වහන්සේගේ ගෘහය ඇතුළට ගෙනායේය.
එකල සිරියේ රජවූ හසායෙල් ඇවිත් ගාද්ට විරුද්ධව යුද්ධකොට ඒක අල්ලාගෙන, යෙරුසලමටත් විරුද්ධව එන්ට තමාගේ මුහුණ යොමු කෙළේය.
එවිට යූදාහි රජවූ යෙහෝවාෂ් තමාගේ පියවරුන්වූ යෙහෝෂාපාට්ද යෙහෝරාම්ද අහසියාද යන යූදාහි රජවරුන් විසින් කැපකළ සියලුම ශුද්ධ දේවල්ද තමාගේම ශුද්ධ දේවල්ද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩාවලත් රජ ගෙයිත් තිබුණාවූ සියලු රන්ද රැගෙන සිරියේ රජවූ හසායෙල්ට හැරියේය. එවිට ඔහු යෙරුසලමෙන් අහක්ව ගියේය.
යෝවාෂ්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යූදාහි රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
ඔහු තමාගේ පියා විසින්ද තමා විසින්ද කැප කළ රන් රිදී සහ බඩු දෙවියන්වහන්සේගේ ගෘහය ඇතුළට ගෙනාවේය.