Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 14:15 - Sinhala Revised Old Version

15 තවද ඔහුත් ඔහුගේ මෙහෙකරුවොත් රාත්‍රියෙහි ඔවුන්ට විරුද්ධව බෙදී, ඔවුන්ට පහරදී, දමස්කයට වම් පැත්තෙහි වූ හෝබා දක්වා ලුහුබැඳ ගොස් සියලු සම්පත් ආපසු ගෙනාවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එහි දී ඔහුගේ පිරිස කණ්ඩායම් දෙකකට බෙදී රාත්‍රි කාලයේ සතුරන්ට පහර දී ඔවුන් පරාජය කළහ. මෙසේ පරාජය කොට දමස්කස් නුවරට උතුරින් පිහිටි හෝබා දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 එහි දී ඔහුගේ පිරිස කණ්ඩායම් දෙකකට බෙදී රාත්‍රි කාලයේ සතුරන්ට පහර දී ඔවුන් පරාජය කළහ. මෙසේ පරාජය කොට දමස්කස් නුවරට උතුරින් පිහිටි හෝබා දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 14:15
14 හුවමාරු යොමු  

ඒ ලබ්ධි මාර්ගයට අයිති අයවලුන්ගෙන් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බවුණොත් ඔවුන් බැඳ යෙරුසලමට ගෙන එන පිණිස දමස්කයේ සිනගෝගවලට ඔහුගෙන් ලියුම් ඉල්ලාගත්තේය.


කරුණාකරන, ණයට දෙන මනුෂ්‍යයාට ශුභ සිද්ධවේ; ඔහු විනිශ්චයේදී තමාගේ කාරණය ඉෂ්ටකරගන්නේය.


එවිට ආසා ස්වාමීන්වහන්සේගේ ගෘහ ගබඩාවල ඉතුරුව තිබුණු රන් රිදී සියල්ලද රජගෙයි තිබුණු වස්තුද ගෙන තමාගේ සේවකයන්ගේ අතට භාරදී, දමස්කයෙහි විසූ සිරියේ රජවූ, හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිම්මොන්ගේ පුත්‍රවූ බෙන්-හදද්ට ඒවා යවමින්:


මුදාලීමේ පිළිවෙළ මෙසේය: තමාගේ අසල්වාසියාට ණයට දුන් කවුරු නුමුත් ණයට දෙනලද්ද තමාගේ අසල්වාසියාගෙන්වත් සහෝදරයාගෙන්වත් අයනොකර මිදීමක් දෙන්ට ඕනෑය; මක්නිසාද ස්වාමීන්වහන්සේ දෙන මිදීම ප්‍රකාශකරනලද්දේය.


සාවුල් බිමෙන් නැගිට තමාගේ ඇස් ඇරිය කල, ඔහුට කිසිවක් පෙනුණේ නැත; ඔව්හු ඔහුගේ අත අල්ලා දමස්කයට ගෙනගියෝය.


දමස්කයෙහි අනනියස් නම් එක්තරා ගෝලයෙක් සිටියේය; ස්වාමීන්වහන්සේ දර්ශනයකින්: අනනියස්නි කියා ඔහුට කීසේක. ස්වාමිනි, මම මෙහියයි ඔහු කීවේය.


ආබ්‍රම් කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, මට දරුවෙක් නැත, දමස්කයේ එලියේසර් මාගේ උරුමක්කාරයා වෙන්ට සිටින්නේය, ඉතින් ඔබ මට කුමක් දෙනසේක්දැයි කීය.


ඔහු ඒ මනුෂ්‍යයන් තුන්සියය කණ්ඩායම් තුනකට බෙදා, ඔවුන් සියල්ලන් අතට හොරණෑද ඇතුළේ පන්දම් ඇති හිස් කළද දී


මක්නිසාද සිරියේ ඉස නම් දමස්කයය, දමස්කයේ ඉස නම් රෙශීන්ය. තව හැටපස් අවුරුද්දකින් එප්‍රායිම් සෙනඟක්ව නොසිටින හැටියට සුනුවිසුණු කරනු ලබන්නේය.


දමස්කය ගැන දිව්‍ය ප්‍රකාශනයය. බලව, දමස්කය නුවරක්ව නොතිබෙන ලෙස අහක්කරනු ලැබ ජරාවාස ගොඩක් වන්නේය.


දමස්කය ගැනය. හමාත්ද අර්පාද්ද ලජ්ජාවට පැමුණුණෝය; මක්නිසාද ඔව්හු නරක ආරංචියක් අසා දියවී ගියෝය. මුහුද පිට චංචලය ඇත්තේය; ඊට නිශ්චලවෙන්ට බැරිය.


නුඹේ බොහෝ කර්මාන්ත නිසාත් නුඹේ සියලු සම්පත්වල අධිකකම නිසාත් දමස්කය නුඹ සමඟ හෙල්බොන්හි මුද්‍රිකපානයද සුදු ලොම්ද වෙළඳාම් කළාය.


දමස්කයේ සීමාවටත් හමාත්හි සීමාවටත් අතරේ තිබෙන සිබ්‍රායිම්ද හවුරාන්හි සීමාවේ තිබෙන මධ්‍ය හාශෙර්ද යන ඒවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්