Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 15:17 - Sinhala Revised Old Version

17 ඉශ්‍රායෙල් රජවූ බාෂා යූදාට විරුද්ධව ගොස් යූදාහි රජවූ ආසා වෙතට පිටතට යන්ට හෝ ඇතුළට එන්ට හෝ කිසිවෙකුට ඉඩ නොදෙන පිණිස රාමා ගොඩනැගුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ බාෂා ජුදාට විරුද්ධ ව ගොස්, ජුදාහි රජ වූ ආසා වෙතින් පිටත යන්න හෝ ඔහු වෙත ඇතුළට එන්න හෝ කිසිවෙකුට ඉඩ නොදෙන පිණිස, රාමා නම් නගරය ශක්තිමත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ බාෂා ජුදාට විරුද්ධ ව ගොස්, ජුදාහි රජ වූ ආසා වෙතින් පිටත යන්න හෝ ඔහු වෙත ඇතුළට එන්න හෝ කිසිවෙකුට ඉඩ නොදෙන පිණිස, රාමා නම් නගරය ශක්තිමත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 15:17
10 හුවමාරු යොමු  

මේ සෙනඟ යෙරුසලමේ තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි පූජා ඔප්පුකරන්ට ගියොත් මේ සෙනඟගේ සිත් තමුන්ගේ ස්වාමිවූ යූදාවරුන්ගේ රජවූ රෙහොබොවම් වෙතට හැරීයන්නේය; තවද ඔවුන් මා මරා යූදාහි රජවූ රෙහොබොවම් වෙතට හැරී යනවා ඇතැයි කීවේය.


ගිබියොන්ද රාමාද බෙයේරොත්ද,


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: වැලපීමද දුක්ඛිත ඇඬීමද සහිතවූ හඬක් රාමාහි ඇසෙයි, රාඛෙල් ඇගේ දරුවන් ගැන අඬමින් ඔවුන් නැති නිසා ඇගේ දරුවන් ගැන සැනසෙන්ට අකැමැතිව සිටියි.


තවද ඉස්සාඛර් වංශයේ අහියාගේ පුත්‍රවූ බාෂා නාදාබ්ට විරුද්ධව කුමන්ත්‍රණයකොට, නාදාබ් සහ සියලු ඉශ්‍රායෙල්වරුන් පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතෝන් වටලාගන සිටින අතර එහිදී ඔහුට පහරදුන්නේය.


ඉක්බිති සාමුවෙල් රාමාට ගියේය; සාවුල් වනාහි ගිබියාහි තිබුණ තමාගේ ගෙදරට ගියේය.


තවද යෙරොබොවම් තමාගේ සිතින් සිතනුයේ: ඉතින් රාජ්‍යය දාවිත්ගේ වංශයට හැරීයන්නේය.


ඉෂ්මායෙල් විසින් ගෙදලියා ළඟ මැරූ මනුෂ්‍යයන්ගේ මළකඳන් සියල්ල හෙළුවාවූ වළ නම් ආසා රජු විසින් ඉශ්‍රායෙල්වරුන්ගේ රජවූ බයෙෂාට භයින් සෑදූ වළය. නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මැරුම්කෑ අයගෙන් ඒක පිරෙවුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්