Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 12:18 - Sinhala Revised Old Version

18 එවිට යූදාහි රජවූ යෙහෝවාෂ් තමාගේ පියවරුන්වූ යෙහෝෂාපාට්ද යෙහෝරාම්ද අහසියාද යන යූදාහි රජවරුන් විසින් කැපකළ සියලුම ශුද්ධ දේවල්ද තමාගේම ශුද්ධ දේවල්ද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩාවලත් රජ ගෙයිත් තිබුණාවූ සියලු රන්ද රැගෙන සිරියේ රජවූ හසායෙල්ට හැරියේය. එවිට ඔහු යෙරුසලමෙන් අහක්ව ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 එවිට ජුදාහි රජ වන ජෙහෝවාෂ් තමාගේ පියවරුන් ද ජෙහෝෂාපාට් ද ජෙහෝරාම් ද අහසියා ද යන ජුදාහි රජවරුන් විසින් කැප කරන ලද සියලු ම පඬුරු ද තමාගේ ම පඬුරු ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවලත්, රජ මැදුරේත් තිබූ සියලු රන් ද රැගෙන සිරියාවේ රජු වන හසායෙල්ට යැවී ය. එවිට ඔහු ජෙරුසලමෙන් ඉවත් ව යන්නට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 එවිට ජුදාහි රජ වන ජෙහෝවාෂ් තමාගේ පියවරුන් ද ජෙහෝෂාපාට් ද ජෙහෝරාම් ද අහසියා ද යන ජුදාහි රජවරුන් විසින් කැප කරන ලද සියලු ම පඬුරු ද තමාගේ ම පඬුරු ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවලත්, රජ මැදුරේත් තිබූ සියලු රන් ද රැගෙන සිරියාවේ රජු වන හසායෙල්ට යැවී ය. එවිට ඔහු ජෙරුසලමෙන් ඉවත් ව යන්නට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 12:18
11 හුවමාරු යොමු  

එවිට ආසා ස්වාමීන්වහන්සේගේ ගෘහ ගබඩාවල ඉතුරුව තිබුණු රන් රිදී සියල්ලද රජගෙයි තිබුණු වස්තුද ගෙන තමාගේ සේවකයන්ගේ අතට භාරදී, දමස්කයෙහි විසූ සිරියේ රජවූ, හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිම්මොන්ගේ පුත්‍රවූ බෙන්-හදද්ට ඒවා යවමින්:


එවිට ආසා ස්වාමීන්වහන්සේගේ ගෘහයේද රජගෙයිද ගබඩාවලින් රන් රිදී පිටතට ගෙනවුත්, දමස්කයෙහි වාසයකළාවූ සිරියේ රජවූ බෙන්හදද්ට ඒවා යවමින්:


තවද ආහාස් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහිත් රජගෙදර ගබඩාවලත් තිබුණු රන් රිදී රැගෙන අෂූර්හි රජුට තෑග්ගක් කොට ඇරියේය.


යෙහෝවාෂ් වනාහි පූජකයන්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙනලද්දාවූ කැපකළ දේවල මිල සියල්ලද එනම් එක් එක්කෙනා විසින් ගෙවන්ට නියමවෙන මුදල්ද එක් එක්කෙනා තම තමාගේ කැමැත්තෙන් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන සියලු මුදල්ද,


ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තුද රජගෙයි වස්තුද හැරගෙන ගියේය; ඔහු සියල්ලම රැගෙන, සාලමොන් විසින් සාදා තිබුණු සියලු රන් පලිස්ද ගෙන ගියේය.


යෝවාෂ්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යූදාහි රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහිත් රජගෙයි ගබඩාවලත් තිබුණු රන් රිදී සියල්ලද භාජන සියල්ලද ඇපකාරයන්ද රැගෙන, සමාරියට හැරී ගියේය.


නුඹලා මාගේ රන් රිදී අරගන ගොස්, මාගේ හොඳවූ ප්‍රියවූ දේවල් නුඹලාගේ මාළිගාවල තැබුවහුය.


එවිට හසායෙල්; මාගේ ස්වාමියා අඬන්නේ මක්නිසාදැයි ඇසීය. ඔහු උත්තරදෙමින්: නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කරන්ට යන නපුර මා දන්නා නිසාය. නුඹ ඔවුන්ගේ බලකොටු ගිනිලා, ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් නසා, ඔවුන්ගේ දරුවන් බිමගසා මරා, ඔවුන්ගේ ගර්භීණීන් ඉරාදමන්නෙහියයි කීවේය.


යෙහෝයාදා මැරුණු පසු යූදාහි අධිපතීහු ඇවිත් රජුට වැන්දෝය. එවිට රජ ඔවුන්ට ඇහුම්කන්දුන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්