මක්නිසාද එකල නුඹ සර්වපරාක්‍රමයාණන් කෙරෙහි ප්‍රීතිමත්වී, නුඹේ මුහුණ දෙවියන්වහන්සේ දෙසට ඔසවනවා ඇත.
1 යොහන් 3:22 - Sinhala Revised Old Version තවද අපි උන්වහන්සේගේ ආඥා රක්ෂාකරමින් උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්නදේ කරන බැවින් අපි උන්වහන්සේගෙන් ඉල්ලන සියල්ල ලබමුව. Sinhala New Revised Version තවද, අපි උන් වහන්සේගේ ආඥා පිළිපදින නිසා ද, උන් වහන්සේට ප්‍රියමනාප දේ කරන නිසා ද, උන් වහන්සේගෙන් ඉල්ලන සියල්ල ලබමු. සිංහල කාලීන පරිවර්තනය එවිට අප ඉල්ලන කවර දෙයක් වුව උන්වහන්සේගෙන් අපට ලැබේ. මන්ද අප උන්වහන්සේගේ ආඥා පිළිපදින බැවින් හා උන්වහන්සේ ප්‍රිය මනාප දේ කරන බැවිනි. Sinhala New Revised Version 2018 තවද, අපි උන් වහන්සේගේ ආඥා පිළිපදින නිසා ද, උන් වහන්සේට ප්‍රියමනාප දේ කරන නිසා ද, උන් වහන්සේගෙන් ඉල්ලන සියල්ල ලබමු. |
මක්නිසාද එකල නුඹ සර්වපරාක්‍රමයාණන් කෙරෙහි ප්‍රීතිමත්වී, නුඹේ මුහුණ දෙවියන්වහන්සේ දෙසට ඔසවනවා ඇත.
ස්වාමිනි, ඔබ යටහතුන්ගේ කැමැත්ත ඇසූසේක. භූමිකවූ මනුෂ්‍යයාගෙන් තවත් භය නොපැමිණෙන පිණිස,
ස්වාමීන්වහන්සේ දුෂ්ටයන්ගෙන් ඈත්ව සිටිනසේක; එහෙත් උන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාව අසනසේක.
නුඹලාගේ අත් විදහනකල මාගේ ඇස් නුඹලාගෙන් සඟවාගන්නෙමි. එසේය, නුඹලා යාච්ඤා බොහෝමයක් කරන කල්හිත් මම නොඅසන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී තිබේ.
ඔහු කථාකරද්දීම දීප්තිමත් වලාපටලයක් ඔවුන් මත්තෙහි පැතිර තිබුණේය. බලව, මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි; මොහුට ඇහුම්කන්දෙව්යයි වලාපටලයෙන් හඬක් විය.
තවද නුඹලා ඇදහිල්ල ඇතුව යාච්ඤාවෙන් ඉල්ලන කොයි දෙයක් නුමුත්, ඒ සියල්ල නුඹලාට ලැබේයයි ඔවුන්ට කීසේක.
එබැවින් නුඹලාට කියමි–නුඹලා යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහන්න, ඒවා නුඹලාට ලැබෙන්නේය.
නුඹලා මාගේ නාමයෙන් ඉල්ලන කොයි දෙයක් වුවත්, පුත්‍රයා තුළ පියාණන්වහන්සේ මහිමය ලබන පිණිස මම ඒක ඉෂ්ටකරන්නෙමි.
මම මාගේ පියාණන්වහන්සේගේ ආඥා රක්ෂාකොට උන්වහන්සේගේ ප්‍රේමයෙහි යම්සේ පවතිම්ද, එසේම නුඹලාත් මාගේ ආඥා රක්ෂාකරවුනම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය.
නුඹලා මා තුළෙහි පවතින්නෝ නම්, මාගේ වචනය නුඹලා තුළෙහි පවතී නම්, නුඹලා කැමති දෙයක් ඉල්ලන්න, එවිට නුඹලාට ලැබේ.
යේසුස්වහන්සේ උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ වැඩය නම් උන්වහන්සේ විසින් එවූ තැනැත්තා කෙරෙහි නුඹලා විසින් අදහාගැන්මයයි කීසේක.
මා එවූ තැනන්වහන්සේ මා සමඟ සිටිනසේක; උන්වහන්සේ මා තනියම සිටින්ට නෑරියසේක; මක්නිසාද උන්වහන්සේට ප්‍රසන්නවූ දේවල් මම නිතරම කරමියි කීසේක.
දෙවියන්වහන්සේ පව්කාරයන්ගේ බස් නොඅසන බවත් යමෙක් දෙවියන්වහන්සේට නමස්කාරකරන්නෙක්ව උන්වහන්සේගේ කැමැත්ත කරන්නේ නම් ඒ අයගේ බස් අසන බවත් අපි දනිමුව.
ඉතින් මේ නොදන්නාකමේ කාලවල් දෙවියන්වහන්සේ නොබලා හැරිය නුමුත් සියලු මනුෂ්‍යයන්ට හැමතැන්හි පසුතැවිලිවෙන්ට දැන් අණකරනසේක.
දෙවියන්වහන්සේ කෙරෙහි පසුතැවිල්ලත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලත් ගැන යුදෙව්වරුන්ට හා ග්‍රීක්වරුන්ට සාක්ෂිදුනිමි.
නුමුත් මට සියල්ල ලැබී, පූර්ණව සිටිමි. නුඹලා විසින් එවන ලද දේවල් එපප්‍රොදිතස්ගෙන් ලැබ පිරී සිටිමි. ඒවා දෙවියන්වහන්සේට මිහිරි සුවඳක්ව, ප්‍රියවූ ප්‍රසන්නවූ පූජාවක්ව තිබේ.
තමන් ඉදිරියෙහි ප්‍රසන්නව තිබෙන දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අප තුළ කරමින්, නුඹලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නුඹලා සම්පූර්ණකරනසේක්වා. උන්වහන්සේට සදාකාලේටම ගෞරවය වේවා. ආමෙන්.
නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ.
නුඹලා ඉල්ලන නුමුත් නුඹලාගේ තෘෂ්ණා ගැන වියදම්කරන පිණිස වැරදිලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත.
එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි.
උන්වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය.