Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 යොහන් 3:23 - Sinhala Revised Old Version

23 උන්වහන්සේගේ ආඥාව නම් උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහීමත් උන්වහන්සේ අපට ආඥාකළ ලෙස එකිනෙකාට ප්‍රේමකිරීමත්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 උන් වහන්සේගේ ආඥාව නම්, උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඇදහීමත්, උන් වහන්සේ අපට අණ කළ ලෙස එකිනෙකාට ප්‍රේම කිරීමත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 මෙයයි උන්වහන්සේගේ ආඥාව: උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප අදහා ගැනීමත්, උන්වහන්සේ අපට අණ කළ පරිදි එකිනෙකාට ප්‍රේම කිරීමත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 උන් වහන්සේගේ ආඥාව නම්, උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඇදහීමත්, උන් වහන්සේ අපට අණ කළ ලෙස එකිනෙකාට ප්‍රේම කිරීමත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 යොහන් 3:23
24 හුවමාරු යොමු  

මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට ප්‍රේමකරන්නය කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි.


සහෝදරයන්ට අවංකකමින් ප්‍රේමකරන පිණිස සත්‍යතාවට කීකරුවීමෙන් නුඹලාගේ ආත්ම පිරිසිදු කරගත් බැවින් සිතින් එකිනෙකාට උනන්දුලෙස ප්‍රේමකරන්න.


මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන්නය යනුය.


යේසුස්වහන්සේ උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ වැඩය නම් උන්වහන්සේ විසින් එවූ තැනැත්තා කෙරෙහි නුඹලා විසින් අදහාගැන්මයයි කීසේක.


ඇරත් ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.


මක්නිසාද පටන්ගැන්මේ සිට නුඹලා ඇසූ පණිවිඩය නම්, අපි විසින් එකිනෙකාට ප්‍රේමකළ යුතුය යන මේය.


දෙවියන්වහන්සේට ප්‍රේම කරන තැනැත්තේ තමාගේ සහෝදරයාටත් ප්‍රේමකරාවා යන මේ ආඥාව අපි උන්වහන්සේගෙන් ලැබීමුව.


එහෙත් සහෝදර ප්‍රේමය ගැන නම් නුඹලාට ලියන්ට වුවමනා නැත. මක්නිසාද එකිනෙකාට ප්‍රේමකරන්ට නුඹලාම දෙවියන්වහන්සේගෙන් ඉගෙනගෙන සිටින්නහුය.


ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරින්න.


තවද වලාපටලයක් පැමිණ ඔවුන් මත්තෙහි පැතිර තිබුණේය. එවිට: මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය. මොහුට ඇහුම් කන්දෙන්නැයි වලාකුළෙන් හඬක් නික්මුණේය.


මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම්, නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යනුය.


ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගන්න, එවිට නුඹ ගැළවෙන්නෙහිය, නුඹද නුඹේ ගෙයි වැසියෝද එසේමයයි කීවෝය.


සදාකාල ජීවනය නම් මේය–එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.


නුඹලාගේ සිත් නොකැලඹේවා. දෙවියන්වහන්සේ කෙරේ විශ්වාසකරන්න; මා කෙරේත් විශ්වාසකරන්න


පුත්‍රයාණන් සිඹිව්, නැතහොත් උන්වහන්සේ උදහස්වනසේක, නුඹලාද මාර්ගයේදී විනාශවන්නහුය, මක්නිසාද උන්වහන්සේගේ උදහස වහාම ඇවිලෙන්නේය. උන්වහන්සේ සරණකොට ගන්න සියල්ලෝ ආශීර්වාදලද්දෝය.


පව්කාරයන් ගළවන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ලෝකයට ආසේක යන කීම විශ්වාසවූ සර්ව ප්‍රකාරයෙන් පිළිගත යුතුවූ කීමක්ය; ඔවුන් අතුරෙන් මම ප්‍රධාන පව්කාරයාය.


නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.


උන්වහන්සේ පාස්කු මංගල්‍යයේදී යෙරුසලමෙහි සිටි කල්හි බොහෝ දෙනෙක් උන්වහන්සේ කළ ලකුණු දැක, උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගත්තෝය.


උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා විනිශ්චයකරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබ සිටියි.


ප්‍රේමවන්තයෙනි, මා නුඹලාට ලියා එවන්නේ අලුත් ආඥාවක් නොව පටන්ගැන්මේ සිට නුඹලාට තිබුණු පරණ ආඥාවක්ය. ඒ පරණ ආඥාව නම් නුඹලා ඇසූ වචනය වේ.


යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව යමෙක් ඒත්තුගන්නේද, දෙවියන්වහන්සේ ඔහු තුළත් ඔහු දෙවියන්වහන්සේ තුළත් ඇත්තේය.


දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහන්නාවූ නුඹලාට මේ දේ මා ලියා එවුවේ නුඹලාට සදාකාල ජීවනය ඇති බව නුඹලා දැනගන්නා පිණිසය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්