මනුෂ්‍යයා පිරිසිදුව පෙනෙන්ටත් ස්ත්‍රියගෙන් උපන් තැනැත්තා ධර්මිෂ්ඨව පෙනෙන්ටත් ඔහු කවරෙක්ද?
1 කොරින්ති 4:4 - Sinhala Revised Old Version මක්නිසාද මට විරුද්ධව කිසිවක් ඇති බව නොදනිමි; නුමුත් ඒ නිසාම නිදොස් නොවෙමි. මා විනිශ්චයකරන්නේ ස්වාමීන්වහන්සේය. Sinhala New Revised Version මන්ද, මට විරුද්ධ ව කිසිවක් ඇති බව මම නොදනිමි. ඒ නිසා ම මම නිදොස් නොවෙමි. මා විනිශ්චය කරන්නේ සමිඳාණන් වහන්සේ ය. සිංහල කාලීන පරිවර්තනය මටම එරෙහි කිසිවක් ඇති වගක් මගේ හෘදය සාක්ෂියට නො දැනේ; එනිසාම මා නිදොස් වන්නේ ද නැත. මා විනිශ්චය කරන්නේ ස්වාමින්වහන්සේ ය. Sinhala New Revised Version 2018 මන්ද, මට විරුද්ධ ව කිසිවක් ඇති බව මම නොදනිමි. ඒ නිසා ම මම නිදොස් නොවෙමි. මා විනිශ්චය කරන්නේ සමිඳාණන් වහන්සේ ය. |
මනුෂ්‍යයා පිරිසිදුව පෙනෙන්ටත් ස්ත්‍රියගෙන් උපන් තැනැත්තා ධර්මිෂ්ඨව පෙනෙන්ටත් ඔහු කවරෙක්ද?
එසේනම් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවන්නේ කොහොමද? නොහොත් ස්ත්‍රියෙකුගෙන් උපන් තැනැත්තා පවිත්‍රවන්නේ කොහොමද?
මාගේ ධර්මිෂ්ඨකම අත්නෑර ඒක අල්ලාගනම සිටින්නෙමි. මට දිවි ඇති තාක් මාගේ සිත මට වරද නොතබන්නේය.
මම ධර්මිෂ්ඨයයි කීවත් මාගේ මුඛය මා වරදට පත්කරන්නේය, මම නිදොස්යයි කීවත් එය මා වරදකාරයෙක් බව ඔප්පුකරන්නේය.
ඔබගේ මෙහෙකරුවා විනිශ්චයකිරීමට නොපැමුණුණ මැනව; මක්නිසාද ජීවත්වන කිසිවෙක් ඔබ ඉදිරියෙහි නිදොස් නොවන්නේය.
අහස උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශකරන්නේය; මක්නිසාද දෙවියන්වහන්සේම විනිශ්චයකාරයාණෝය.
මනුෂ්‍යයෙකුගේ සියලු මාර්ග තමාගේම ඇසට හරිව පෙනෙයි; එහෙත් ස්වාමීන්වහන්සේ සිත් කිරාබලනසේක.
බොහෝදෙනෙක් ආණ්ඩුකාරයාගේ කරුණාව සොයති; එහෙත් මනුෂ්‍යයෙකුගේ යුක්තිය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.
උන්වහන්සේ තුන්වෙනි වර ඔහුට කථාකොට: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, නුඹ මට ආදරේදැයි ඔහුගෙන් ඇසූසේක. තුන්වෙනි වර: මට ආදරේදැයි යේසුස්වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේතෘස් දුකට පැමිණ–ස්වාමිනි, ඔබ සියල්ල දන්නාසේක; මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: මාගේ බැටළුවන් පෝෂණයකරන්න.
පාවුල් ඉතා ඕනෑකමින් සභාව දෙස ඇස් හෙළා: සහෝදරයෙනි, මම අද දක්වා දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු ආකාර යහපත් හෘදයසාක්ෂියක් ඇතුව හැසුරුණෙමියි කීවේය.
ව්‍යවස්ථාවක් නැතුව පව්කළාවූ සියල්ලෝ ව්‍යවස්ථාව නැතුව විනාශවන්නෝය. ව්‍යවස්ථාවක් ඇතුව පව්කළාවූ සියල්ලෝ ව්‍යවස්ථාව කරණකොටගෙන විනිශ්චයකරනු ලබන්නෝය.
මක්නිසාද ආබ්‍රහම් ක්‍රියා කරණකොටගෙන ධර්මිෂ්ඨ කරනලද්දේවී නම්, ඔහුට පාරට්ටුකරගැනීමට කාරණයක් ඇත; නුමුත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි නොවේය.
නුමුත් නුඹලා විසින්වත් මනුෂ්‍ය විනිශ්චයෙන්වත් මා විනිශ්චයකරනු ලැබීම මට ඉතා සුළු දෙයක්ය. එසේය, මමම මා විනිශ්චය නොකරමි.
එහෙයින් ස්වාමීන්වහන්සේ එන තුරු කාලයට පළමුවෙන් කිසිවක් විනිශ්චය නොකරන්න. උන්වහන්සේ අන්ධකාරයේ සැඟවුණු දේ එළිදරව්කොට, සිත්වල අදහස් ප්‍රකාශකරනසේක; එවිට එකිනෙකාට තම තමාගේ ප්‍රශංසාව දෙවියන්වහන්සේගෙන් ලැබෙන්නේය.
මක්නිසාද අපේ පාරට්ටුව නම් අපි වනාහි ලෝකයෙහිද විශේෂයෙන් නුඹලා කෙරෙහිද දිව්‍යවූ ශුද්ධකමින් හා අවංකකමින්, මාංසික ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ කරුණාවෙන්, හැසුරුණෙමුව යන අපේ හෘදයසාක්ෂියය.
මක්නිසාද එකිනෙකා තම තමාගේ ශරීරයේදී කළාවූ දේවල ඵල, ඒ දේ යහපත් වුවත් අයහපත් වුවත්, කළ දේවල හැටියට ලබන පිණිස, අප සියල්ලෝම ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි ප්‍රකාශවෙන්ට ඕනෑය.