හිතෝපදේශ 31:16 - Sinhala New Revised Version ඈ කෙතක් ගැන සොයා බලා, එය මිලට ගනියි; ඇගේ ශ්‍රමයෙන් ලත් ආදායමින් ඈ මිදි වත්තක් වවයි. Sinhala New Revised Version 2018 ඈ කෙතක් ගැන සොයා බලා, එය මිලට ගනියි; ඇගේ ශ්‍රමයෙන් ලත් ආදායමින් ඈ මිදි වත්තක් වවයි. Sinhala Revised Old Version ඈ කෙතක් ගැන කල්පනාකොට ඒක මිලයට ගන්නීය, ඇගේ අත්වල ලාභයෙන් ඈ මිදිවත්තක් වවන්නීය. |
මට ම අයිති මිදි වත්තක් තිබේ. සලමොන්, ඔබට දහසක් ද එහි ඵල බලාගන්නන්ට දෙසියයක් ද දෙනු ලැබේ වා!
“ස්වර්ග රාජ්‍යය, කෙතක සඟවා තිබුණු නිධානයකට සමාන ය. එක්තරා මිනිසෙකුට එය සම්බ විය. ඔහුත් එය සඟවා තබා, මහත් ප්‍රීතියෙන් ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිළ දී ගත්තේ ය.
ඈ ඔත්නියෙල් වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන ලෙස ඔහු ඈට පෙරැත්ත කෙළේ ය. ඈ කාලෙබ් වෙත ගොස් කොටළුවා පිටින් බැස්ස විට, “ඔබට ඕනෑ කුමක් දැ”යි කාලෙබ් ඇසී ය.