Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 31:15 - Sinhala New Revised Version

15 ඈ හිරු උදාවට පෙර නැඟිට පවුලේ උදවියට කෑම පිළියෙළ කරයි; දාසීන්ට වැඩ නියම කරයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඈ හිරු උදාවට පෙර නැඟිට පවුලේ උදවියට කෑම පිළියෙළ කරයි; දාසීන්ට වැඩ නියම කරයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 ඈ රැයින්ම නැගිට ඇගේ පවුලේ අයට ආහාරත් ඇගේ දාසීන්ට වැඩත් දෙන්නීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 31:15
10 හුවමාරු යොමු  

අලසකමින් තොර ව, කාර්යශීලී වන්න; උද්‍යෝගිමත් හදකින් සමිඳාණන් වහන්සේට සේවය කරන්න;


එවිට සමිඳාණන් වහන්සේ මෙ‍සේ පිළිතුරු දුන් සේක: “ඉදින් ස්වාමියා විසින් තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ඔවුන් කෙරේ පත් කරනු ලබන විශ්වාසී, සිහි නුවණ ඇති ගබඩාකාරයා කවරෙක් ද?


හිරු උදාවට බොහෝ කලින් උන් වහන්සේ අවදි ව හුදකලා තැනකට ගොස් එහි යාච්ඤා කළ සේක.


නින්දට ප්‍රිය වුවහොත් ඔබට දිළිඳුකම ඇත. නොනිදා අවදි ව සිටියොත් කුස පුරා කෑම ඇත.


ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.


ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ස්වකීය සෙනඟටත්, ස්වකීය වාසස්ථානයටත් අනුකම්පා කළ නිසා, උන් වහන්සේ නැවත නැවත පණිවුඩකාරයන් අත ඔවුන්ට කියා ඇරිය සේක.


ජෝෂුවා අලුයම නැඟිට, මුළු ඉශ්රායෙල් ජනතාව සමඟ ෂිට්ටිම් නම් ස්ථානයෙන් නික්ම, ජොර්දාන් ගඟබඩට පැමිණ, ඉන් එතෙර වීමට පෙර කඳවුරු බැන්දේ ය.


බලන්න, මම ඔබට කල්තියා කීවෙමි.


ඈ කෙතක් ගැන සොයා බලා, එය මිලට ගනියි; ඇගේ ශ්‍රමයෙන් ලත් ආදායමින් ඈ මිදි වත්තක් වවයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්