හිතෝපදේශ 19:20 - Sinhala New Revised Version අවවාදයට සවන් දී උපදෙස් පිළිගන්න; එවිට ඔබ මතු දවස නැණවතෙක් වන්නෙහි ය. Sinhala New Revised Version 2018 අවවාදයට සවන් දී උපදෙස් පිළිගන්න; එවිට ඔබ මතු දවස නැණවතෙක් වන්නෙහි ය. Sinhala Revised Old Version නුඹේ මතු කාලයෙහි නුඹ ප්‍රඥාවන්තව සිටින පිණිස මන්ත්‍රණය අසා ගුරුකම පිළිගන්න. |
දිවි පෙවෙත කොතරම් ලුහුඬු ද කියා වටහා දුන මැනව. මෙය මෙනෙහි කරන පිණිස නැණවත් සිතක් අපට දුන මැනව.
උදයෙන් උදය ඔබේ ප්‍රේමයෙන් පිරී අපි අවදි වමු. දිවිය පුරා තුටු පහටු සිතින් අපි ගී ගයමු.
ඒවායින්, බුද්ධි වර්ධනය හා දැහැමි ක්‍රියා ද අවංකකම ද යුක්තිය හා සාධාරණකම ද පිළිබඳ උපදෙස් ලැබෙනු ඇත.
මන්ත්‍රණයෙහි දක්ෂතාව හා විමංසන බුද්ධිය මට ඇත; ස්ථානෝචිත ප්‍රඥාව හා බල මහිමය ද මා සතු ය.
එම්බා ජෙරුසලම! මා නුඹෙන් වෙන් වී නොයන පිණිසත්, මා විසින් නුඹ පාළු, වැසියන් නැති දේශයක් කරනු නොලබන පිණිසත් මේ අනතුරු ඇඟවීම සිතට ගන්න.”
මාගේ සෙනඟ මට බිය වී මාගේ උපදෙස් පිළිගනු ඇතැ යි මම බලාපොරොත්තුවෙන් සිටියෙමි. ඔවුන්ට මා ඉගැන්වූ පාඩම ඔවුන් කිසි කලෙක අමතක නොකරති යි මම සිතුවෙමි. එහෙත්, ඔව්හු වැඩි වැඩියෙන් දූෂ්‍ය ලෙස හැසුරුණෝ ය.
ධූලි වැනි ජාකොබ්ගේ පෙළපත ගිණිය හැක්කේ කාට ද? ඉශ්රායෙල් පරපුර ගිණීමට සමතා කවරෙක් ද? දැහැමියෙකු මෙන් මම මරණයට පත් වෙම් වා! මා අවසානය ඔවුන්ගේ මෙන් ම වේ වා!”
ඔවුන්ට නැණනුවණ තිබිණි නම්, ඔව්හු නැණවත් වූවෝ නම්, අනාගතය ගැන මෙනෙහි කළෝ නම්, කෙතරම් හොඳ ද?
පාළුකරයේ දී ඔබේ පියවරුන් පවා නොදත්, ‘මන්නා’ නමැති ආහාරයකින් උන් වහන්සේ ඔබ පෝෂණය කළ සේක. උන් වහන්සේ එසේ කෙළේ ඔබ යටහත් බවට පමුණුවා, ඔබ සෝදිසි කොට, අන්තිමේ දී ඔබට සෙත සලසනු සඳහා ය.