මෝඩයාගේ කතාබහින් වාද විවාද ඇති වෙයි, ඔහුගේ කට නිසා ගුටි බැට ලබයි.
අඥානයාගේ තොල් ඔහු විවාදයට පමුණුවයි; ඔහුගේ මුඛයද පහරවලට අඬගසයි.
මෝඩයා සිය කෝපය වහා පෙන්වයි; බුද්ධිමතා අපහාසය නොතකා හරියි.
උඩඟුකම වාද විවාද ඇති කරයි; ඔවා බස් පිළිගන්නන් වෙත ප්‍රඥාව ඇත.
ප්‍රඥාවන්තයා නපුරට බිය වී ඉන් ප්‍රවේසම් වෙයි; අඥානයා උඩඟු වී දුර දිග නොබලා, ක්‍රියා කරයි.
මෝඩයාගේ දොඩමළු කතා තමාට ම පහර දෙන ඉපලකි; ප්‍රාඥයාගේ කියුම් ඔහුට රැකවරණය දෙන්නකි.
නඩුහබ පටන්ගැනීම අමුණක් බිඳීම වැනි ය; වාද විවාද හටගන්න පෙර ඒවා වැළැක්වීම හොඳ ය.
වහා කිපෙන අය දඬුවම් විඳිනු ඇත; ඔබ ඔහු වරක් මිදුවත් නැවත නැවත එය කිරීමට සිදු වේ.
උඩඟු මිනිහාට දඬුවම සිකුරු ය; මෝඩයාට කස පහර නියත ය.
ඕනෑ ම මෝඩයෙකුට දබරයක් ඇරඹිය හැකි ය; ඉන් වැළකී සිටීම මිනිසෙකුට ගෞරවයකි.
අහංකාර මිනිසා දුරින් දුරු කරන්න; එවිට තරඟය, විවාද හා අවලාද නවතිනු ඇත.
කලහකාරී බිරිඳක සමඟ ගෙයි විසීමට වඩා එහි අටුවේ මුල්ලක විසීම හොඳ ය.
ගල් බර ය, වැලිත් බර ය, අනුවණයාගෙන් ඇති වන දුක් ගැහැට ඒ දෙකට ම වඩා බර ය.
නුවණැතියා මෝඩයෙකු උසාවියට ගෙන ගියොත් තමා ම නින්දා අපහාස ලබනු මිස ඉන් වන වැඩක් නැත.