මෙසේ යන විට ඔව්හු සොදොම්හි විසූ ආබ්‍රම්ගේ බෑණා වන ලොත් සහ ඔහුගේ වස්තුවත් රැගෙන ගියහ.
හිතෝපදේශ 13:20 - Sinhala New Revised Version නැණවතුන් ඇසුරු කරන්න, ඔබත් නැණවත් වනු ඇත; අනුවණයන් ඇසුරු කරන්න, ඔබ විනාශ වනු ඇත. Sinhala New Revised Version 2018 නැණවතුන් ඇසුරු කරන්න, ඔබත් නැණවත් වනු ඇත; අනුවණයන් ඇසුරු කරන්න, ඔබ විනාශ වනු ඇත. Sinhala Revised Old Version ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය. |
මෙසේ යන විට ඔව්හු සොදොම්හි විසූ ආබ්‍රම්ගේ බෑණා වන ලොත් සහ ඔහුගේ වස්තුවත් රැගෙන ගියහ.
ඔහු සමඟ වැඩුණු තරුණයෝ ඔහුට කතා කොට, “ ‘ඔබේ පියාණෝ අප පිට බර වියගහක් තැබූ හ. එහෙත්, ඔබ එය අපට සැහැල්ලු කළ මැනව’යි ඔබට කී මේ සෙනඟට ඔබ මෙසේ කිව යුතු ය: ‘මාගේ පියාණන්ගේ තුනටියට වඩා මාගේ සුළැඟිල්ල ලොකු ය.
එහෙත්, ප්‍රජා මූලිකයන් ඔහුට දුන් දැනුමැතිකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණු තමන්ට උපදේශ දුන් තරුණයන් සමඟ මන්ත්‍රණය කරමින්,
තවද, රථාධිපතීහු ජෙහෝෂාපාට් දුටු කල, “මොහු ඉශ්රායෙල් රජ ම ය”කියා ඔහුට විරුද්ධ ව සටන් කරන්නට හැරුණෝ ය. එවිට ජෙහෝෂාපාට් මොරගැසී ය.
ඔහු ජෙහෝෂාපාට්ට කතා කොට, “යුද්ධයට මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහි දැ”යි ඇසී ය. ජෙහෝෂාපාට් ද, “මාත් ඔබ මෙන් ම, මාගේ සෙනඟත් ඔබේ සෙනඟ මෙන් ම, මාගේ අශ්වයොත් ඔබේ අශ්වයන් මෙන් ම සූදානම් ය”යි ඉශ්රායෙල් රජුට කීවේ ය.
එහෙත්, ප්‍රජා මූලිකයන් ඔහුට දුන් දැනුමැතිකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණු, තමාගේ සේවයෙහි සිටි තරුණයන් සමඟ සම්මන්ත්‍රණය කරමින්,
එහෙත්, හනානීගේ පුත් ජේහු නම් දිවැසිවරයා ජෙහෝෂාපාට්ගේ පෙරමඟට පිටත් ව ගොස්, ඔහුට කතා කොට, “දුෂ්ටයාට උපකාර කිරීමත්, සමිඳාණන් වහන්සේට වෛර වන්නන්ට ප්‍රේම කිරීමත් ඔබට යුතු ද? මේ කාරණය නිසා ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස පැමිණ තිබේ.
ආහබ්ගේ වංශය කළාක් මෙන් ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කළේ ය. මන්ද, ඔහුට විනාශය පැමිණෙන ලෙස ඔව්හු ඔහුගේ පියාගේ මරණයෙන් පසු ඔහුගේ උපදේශකයෝ වූ හ.
එකල සමිඳාණන් වහන්සේට ගරුබිය දැක්වූ අය එකිනෙකා සමඟ කතා කරගත් විට සමිඳාණන් වහන්සේ ඔවුන් කී දේට සවන් දුන් සේක. සමිඳාණන් වහන්සේට බිය වන්නා වූ ද උන් වහන්සේට ගෞරව කරන්නා වූ ද අය සම්බන්ධයෙන් උන් වහන්සේ ඉදිරියේ පොතක සටහනක් ලියන ලද්දේ ය.
ඔව්හු ප්‍රේරිතවරුන්ගේ ඉගැන්වීමෙහි ද, සහභාගිකමෙහි ද රොටි කැඩීමෙහි ද යාච්ඤාවෙහි ද නිරත ව කල් ගත කළහ.
තවද, මෙසේ කියන හඬක් ස්වර්ගයෙන් මට ඇසිණි: “මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ වංසගතවලට අසු නොවන පිණිසත් ඇගෙන් ඉවත් ව එන්න.