Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 22:4 - Sinhala New Revised Version

4 ආහබ්ගේ වංශය කළාක් මෙන් ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කළේ ය. මන්ද, ඔහුට විනාශය පැමිණෙන ලෙස ඔව්හු ඔහුගේ පියාගේ මරණයෙන් පසු ඔහුගේ උපදේශකයෝ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ආහබ්ගේ වංශය කළාක් මෙන් ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කළේ ය. මන්ද, ඔහුට විනාශය පැමිණෙන ලෙස ඔව්හු ඔහුගේ පියාගේ මරණයෙන් පසු ඔහුගේ උපදේශකයෝ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ආහබ්ගේ වංශය කළාක් මෙන් ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. මක්නිසාද ඔහුට විනාශය පැමිණෙන ලෙස ඔව්හු ඔහුගේ පියාගේ මරණයෙන් පසු ඔහුට මන්ත්‍රණකාරයෝ වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 22:4
9 හුවමාරු යොමු  

නැණවතුන් ඇසුරු කරන්න, ඔබත් නැණවත් වනු ඇත; අනුවණයන් ඇසුරු කරන්න, ඔබ විනාශ වනු ඇත.


අවවාදයට සවන් නොදෙන පුතා, ප්‍රඥාවේ වචනයට පිටුපා යනු නියත ය.


දැහැමියන්ගේ අදහස් යුක්ති සහගත ය; දුෂ්ටයන්ගේ කුමන්ත්‍රණ වංචනික ය.


මාගේ පුත්‍රය, පවිටුන් මෙසේ කියමින් ඔබ පොළඹවන විට, එකඟ නොවන්න:


ඔහු ද ආහබ්ගේ වංශයෙන් පැවතෙන්නන්ගේ අඩි පාරේ ගමන් කෙළේ ය. මන්ද, දුෂ්ටකම් කිරීමට ඔහුගේ මවු තොමෝ ඔහුට උපදෙස් දුන්නා ය.


තමා පිහිටෙවූ ඒ රූපය කැප කරන පිණිස, දිශාධිපතීන්ට ද අධිපතීන්ට ද ආණ්ඩුකාරයන්ට ද විනිශ්චයකාරයන්ට ද භාණ්ඩාගාරිකයන්ට ද මන්ත්‍රීවරුන්ට ද නීතිඥයන්ට ද පළාත්වල සියලු මුලාදෑනීන්ට ද රැස් වන ලෙස රජතුමා නියෝග කෙළේ ය.


නෙබුකද්නෙශර් රජ පුදුමයට පත් වී, වහා නැඟිට මන්ත්‍රීවරුන් අමතා, “අප බැඳ ගින්නට හෙළුවේ මිනිස්සු තුන්දෙනෙක් නොවෙත් දැ”යි ඇසී ය. “එසේ ය, රජතුමනි” කියා ඔව්හු පිළිතුරු දුන්හ.


ඔම්රි රජුගේ අණපණත් ද, ආහබ්ගේ නපුරු ක්‍රියා ද නුඹලා අනුගමනය කළහු ය. ඔවුන්ගේ ප්‍රතිපත්ති නුඹලා පිළිපැද්දහු ය. ඒ නිසා මම නුඹලා විනාශයට පත් කර, නුඹලා එපා කළ සෙනඟක් කරන්නෙමි. හැම තැන සිටින සියලු ජනයා නුඹලාට අපහාස කරන්නෝ ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්