දවස පුරා නිතර ම දුෂ්ට සිතුවිලි සිතන්නේ මන් ද? ඔබේ දිව මුවහත් දැළි පිහියක් බඳු ය; ඔබ කපටිකමට රුසියෙක් වන්නෙහි ය.
හිතෝපදේශ 12:18 - Sinhala New Revised Version කේලාම් බස් කඩුපතක් මෙන් තුවාළ කරයි; නැණවතාගේ බස් සුව සෙත ගෙන දෙයි. Sinhala New Revised Version 2018 කේලාම් බස් කඩුපතක් මෙන් තුවාළ කරයි; නැණවතාගේ බස් සුව සෙත ගෙන දෙයි. Sinhala Revised Old Version කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය. |
දවස පුරා නිතර ම දුෂ්ට සිතුවිලි සිතන්නේ මන් ද? ඔබේ දිව මුවහත් දැළි පිහියක් බඳු ය; ඔබ කපටිකමට රුසියෙක් වන්නෙහි ය.
මිනිසුන් කන සිංහයන් වැනි රුපුන් මැද මම වැතිර සිටින්නෙමි. උන්ගේ දත් හෙල්ල හා ඊගස් වැන්න; උන්ගේ දිව් මුවහත් අසිපත් වැන්න.
දෙවිඳුනි, ඉහළින් වැඩ සිට ඔබේ ශ්‍රේෂ්ඨත්වය දැක්වුව මැනව. ඔබේ මහිමාලංකාරය ලොව පුරා පැතිර ඇත්තේ ය.
ඔව්හු බෙරිහන් දෙමින් තියුණු කඩුපත් වැනි කටුක වචන කියති; “ඒවා ඇසෙන කිසිවෙක් නැතැ”යි ඔව්හු සිතති.
අනුන්ට විරුද්ධ ව බොරු සාක්ෂි කියන්නා මුගුරක් ද කඩුවක් ද තියුණු ඊගසක් ද මෙන් නපුරු ය.
ජාතියේ ඥානවන්ත නායකයෝ පොදු ජනයාට නිසි මඟපෙන්වීම දෙන්නෝ ය. එහෙත්, ටික කලකට ඔව්හු ද ගින්නටත් කඩුවටත්, දාසකමටත්, කොල්ලකෑම්වලටත් ගොදුරු වන්නෝ ය.
දකුණතෙහි තාරකා සතක් විය; උන් වහන්සේගේ මුඛයෙන් දෙමුවහත් තියුණු කඩුවක් නික්මිණි. උන් වහන්සේගේ මුහුණ මද්දහනේ හිරු මෙන් දීප්තිමත් ව බැබළිණි.
එහි වීදිය මැද, ගඟ දෙපස, මසකට වරක් බැගින්, දොළොස් මුරයක් පල දරන ජීවන වෘක්ෂය පිහිටා තිබිණි. ඒ වෘක්ෂයේ කොළ, ජාතීන්ගේ සුවය සඳහා විය.