ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




සෙකරියා 1:19 - Sinhala New Revised Version

“එහි තේරුම කුමක් දැ”යි මා සමඟ සිටි දේව දූතයාගෙන් මම ඇසීමි. ඔහු පිළිතුරු දෙමින්, “මේවා ජුදා, ඉශ්රායෙල් හා ජෙරුසලම විසුරුවාදැමූ ලෝක බලවත්තු සතරදෙනා ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“එහි තේරුම කුමක් දැ”යි මා සමඟ සිටි දේව දූතයාගෙන් මම ඇසීමි. ඔහු පිළිතුරු දෙමින්, “මේවා ජුදා, ඉශ්රායෙල් හා ජෙරුසලම විසුරුවාදැමූ ලෝක බලවත්තු සතරදෙනා ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට මම: මේවා මොනවාදැයි මා සමග කථාකළ දූතයාගෙන් ඇසීමි. මේවා යූදා සහ ඉශ්‍රායෙල්ද යෙරුසලමද විසිරෙවු අංයයි ඔහු මට කීවේය.

පරිච්ඡේදය බලන්න



සෙකරියා 1:19
20 හුවමාරු යොමු  

තවද, කෙනානාගේ පුත් ශෙදෙකියා යකඩ අං සාදාගෙන, “ඔබ සිරියාවේ වැසියන් නැති කරන තුරු මේවායින් ඔවුන්ට අනිනු ඇත කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.


විප්‍රවාසයෙන් මිදී පැමිණි අය ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන බව ජුදාවරුන්ගේ ද බෙන්ජමින්වරුන්ගේ ද එදිරිකාරයෝ අසා,


එවිට දේශයේ සෙනඟ, ජුදා සෙනඟ අධෛර්යවත් කරවන්නටත්, තවදුරටත් ගොඩනැඟීමේ වැඩ නොකරන ලෙස ඔවුන් බියගන්වන්නත් පටන්ගත්හ.


තවද, අර්තක්ෂස්තා රජු දවස, බිෂ්ලාම් ද මිතේදාත් ද ටබෙයෙල් ද ඔවුන්ගේ සෙසු සහකාරයෝ ද පර්සියාවේ රජු වූ අර්තක්ෂස්තාට ලියුමක් ලියා යැවූ හ. ඒ ලියුම අරමීය භාෂාවෙන් අරමීය අකුරුවලින් ලියන ලද්දේ ය.


ඒ කාලයේ දී යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි තත්තෙනයි නම් දිශාධිපතියා ද ෂෙතර්-බෝසෙනයි ද ඔවුන්ගේ සහකාරයෝ ද ඔවුන් වෙත අවුත්, කතා කොට, “මේ මාලිගාව ගොඩනැඟීමට, ප්‍රතිසංස්කරණය කිරීමට ඔබට නියෝග කෙළේ කවරෙක් දැ”යි ඔවුන්ගෙන් ඇසූ හ.


මම මෙසේ කියමි: “පාරට්ටු කරන්නෙනි, පාරට්ටු නවතාලන්න; දුදනෙනි, අහංකාරකමින් උදම් නොවන්න;


මහෝත්තමයාණන්ට විරුද්ධ ව අහංකාර නොවන්න; මැවුම්කරුන් හට විරුද්ධ ව උඩඟුවෙන් කතා නොකරන්න.


මෝවබ්හි තෙද බලය බිඳ දමා ඇත; එහි පරාක්‍රමය විනාශ කර ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


එවිට, හණ රෙදි හැඳගෙන ගඟේ උඩහින් සිටි මිනිසා සිය දකුණත ද වමත ද අහස දෙසට ඔසවා, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේගේ නමින් දිවුරා, “අවුරුදු තුනහමාරකට ඒවා පවතිනු ඇත. ශුද්ධවන්ත සෙනඟගේ බලය නැති වී ගිය පසු මේ සියල්ල ඉෂ්ට වන්නේ ය”යි කියනු ඇසීමි.


මම එහි සිටි අයගෙන් එක් කෙනෙකු ළඟට එළඹ ඒ සියල්ලේ තේරුම මට කියන ලෙස ඔහුගෙන් ඉල්ලුවෙමි. ඔහු කතා කොට, ඒ සියල්ලේ තේරුම මෙසේ පහදා දුන්නේ ය:


මොන කැකිරි ගෙඩියක් ගැන ඔබ ජය ඝෝෂා කරන්නහු ද? “අප ජයගත්තේ අපේ ම බලයෙන් නොවේ දැ”යි ඔබ කියන්නහු ය.


ඔබ සෙබළුන්ගේ ප්‍රධානියාට ඔහුගේ ම හෙල්ලවලින් ඇන්න සේක. ඔව්හු මා විසුරුවා දමන්නට සුළි සුළඟක් මෙන් ආවෝ ය. ඔවුන්ගේ ප්‍රීතිමත්කම අසරණයන් රහසින් නාස්ති කිරීම ය.


මා හිස ඔසවා බැලූ විට සතුන්ගේ අං සතරක් මට දර්ශනය විය.


“මොවුන් අවුත් සිටින්නේ කුමට දැ”යි මම ඇසීමි. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “කිසිවෙකු නැවත නොනැඟිටින ලෙස ජුදා රට විසුරුවාදැමූ ජාතීහු මොවුහු වෙති. ඔවුන් පැමිණෙන්නේ, ඒ ජාතීන් බිය ගන්වා ජුදා රට විසුරුවාදමන්නට බලය යෙදූ ජාතීන් මැඩලීමට ය”යි වදාළ සේක.


“ස්වාමීනි, මේ අශ්වයන් මෙහි සිටීමේ තේරුම කුමක් දැ”යි මම ඇසීමි. මා සමඟ කතා කළ දූතයා පිළිතුරු දෙමින්, “එහි තේරුම, මම නුඹට පහදා දෙමි”යි කීවේ ය.


“ඔබ කොහේ යනවා දැ”යි මම ඔහුගෙන් ඇසීමි. “ජෙරුසලම මැන, එය කොපමණ දිග ද කියාත්, කොපමණ පළල ද කියාත් බලන පිණිස මම යමි”යි ඔහු පිළිතුරු දුන්නේ ය.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹලාගේ මුතුන්මිත්තන් මා උදහස් කළ විට ඔවුන් පිට විපත්තිය පමුණුවන්නට මම සිතට ගතිමි. මාගේ සිත මම වෙනස් නොකෙළෙමි.