Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 12:7 - Sinhala New Revised Version

7 එවිට, හණ රෙදි හැඳගෙන ගඟේ උඩහින් සිටි මිනිසා සිය දකුණත ද වමත ද අහස දෙසට ඔසවා, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේගේ නමින් දිවුරා, “අවුරුදු තුනහමාරකට ඒවා පවතිනු ඇත. ශුද්ධවන්ත සෙනඟගේ බලය නැති වී ගිය පසු මේ සියල්ල ඉෂ්ට වන්නේ ය”යි කියනු ඇසීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 එවිට හණ රෙදි ඇඳගන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයා තමාගේ දකුණතද වමතද අහස දෙසට ඔසවා, සදාකාලයටම ජීවත්වන තැනන්වහන්සේ ගැන දිවුරා: කාලයකටත් කාලවලටත් කාල භාගයකටත් එය පවතිනවා ඇත; ශුද්ධවන්ත සෙනඟගේ බලය විසිරවීම තීන්දුකළාම මේ සියල්ල තීන්දුවන්නේයයි කියනවා ඇසීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 12:7
30 හුවමාරු යොමු  

ඔහු මහෝත්තමයාණන්ට විරුද්ධ ව කතා කරන්නේ ය; මහෝත්තමයාණන්ගේ සැදැහැවතුන්ට පීඩා කරන්නේ ය. ඔහු කාලයන් ද ව්‍යවස්ථාව ද වෙනස් කරන්නට සිතන්නේ ය; සැදැහැවත්හු අවුරුදු තුනහමාරකට ඔහුගේ අතට භාරදෙනු ලබන්නෝ ය.


එහෙත් මරුකතරෙහි ඇගේ රක්ෂස්ථානයට සර්පයා වෙතින් පියාඹා යන පිණිස මහා රාජාලියෙකුගේ පියාපත් දෙක ඇයට දෙන ලදි. එහි කාලයක් ද කාල දෙකක් ද අර්ධ කාලයක් ද ඈ පෝෂණය කරනු ලබයි.


ඔහු බලසම්පන්න වන්නේ ය. ඔහු භයානක ලෙස නැති නාස්ති කරන්නේ ය. ඔහු කරන හැම දෙයකින් ම ඔහු ජය ගන්නේ ය. ඔහු බලවතුන් ද සැදැහැවතුන් ද වර්ණනා කරන්නේ ය.


අහංකාර වචන ද දේව අපහාස ද තෙපලීමට කටක් ඌට දෙන ලදි. තවද මාස සතළිස් දෙකක් තමා කැමැති සේ ක්‍රියා කිරීමට ඌට බලය දෙන ලද්දේ ය.


ස්ත්‍රිය කාන්තාරයට පලා ගියා ය. එක් දහස් දෙසිය සැට දවසක් ඇය පෝෂණය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් පිළියෙළ කරන ලද ස්ථානයක් ඈට එහි විය.


ඔව්හු කඩු මුවහතින් වැටෙන්නෝ ය; සියලු විජාතීන්ගේ රටවලට වහලුන් මෙ‍න් ගෙනයනු ලබන්නෝ ය; විදේශීන්ගේ පාලන අවදිය නිම වනතෙක් ජෙරුසලම විජාතීන් විසින් මඬිනු ලබන්නී ය.”


අවුරුදු සත ගත වූ පසු, නෙබුකද්නෙශර් රජු වන මම මාගේ ඇස් ස්වර්ගය දෙස එසවීමි. මාගේ සිහිය මට නැවත ලැබුණේ ය. මම සදහට ම ජීවත් වන මහෝත්තමයාණන්ට ප්‍රශංසා කෙළෙමි; ගෞරව කෙළෙමි. මන්ද, එතුමාණන්ගේ පාලනය සදාතනික ය; එතුමාණන්ගේ රාජ්‍යය පරපුරෙන් පරපුරට පවත්නේ ය.


එහෙයින්, අන්ධකාරයෙන් ස්වකීය විස්මපත් ආලෝකයට ඔබ කැඳවාගත් තැනැන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දන්වනු පිණිස ඔබ වනාහි තෝරාගත් වංශයක් ද රාජකීය පූජක පෙළක් ද ශුද්ධ ජාතියක් ද දෙවියන් වහන්සේ සතු සෙනඟක් ද වන්නහු ය.


සැබෑ ලෙසත්, යුතු ලෙසත්, අවංක ලෙසත් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරන්නෙහි නම්, සියලු ජාතීහු නුඹ ආසිරිලත් අයුරින් ආසිරි පතා මට ප්‍රශංසා කරන්නෝ ය.”


ඔව්හු ‘ශුද්ධ සෙනඟ’ කියාත්, ‘සමිඳුන්ගේ මුදාගත් ජනතාව’ කියාත් කියනු ලබන්නෝ ය. ‘දෙවිඳුන්ගේ තෝරාගත් නගරය’ කියාත් කියනු ලබන්නේ ය.


තවද, දෙවි සමිඳාණන් වහන්සේ වදාළ ප්‍රකාර, ඔබ උන් වහන්සේට කැප වූ ජනතාවක් වන පිණිස, තමන් මැවූ අන් සියලු ජාතීන්ට වඩා කීර්තියෙන් ද මහිමයෙන් ද ගෞරවයෙන් ද ඔබ උසස් කරන සේක.”


මෙසේ කළ යුත්තේ, ඔබ වනාහි දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ ශුද්ධ සෙනඟක් වන බැවිනි. පොළෝ තලයෙහි සිටින සියලු සෙනඟ අතරෙන් තමන් වහන්සේට ම විශේෂ වූ සෙනඟක් මෙන් උන් වහන්සේ ඔබ තෝරාගත් සේක.


එවිට සිහින් හණ රෙදි හැඳගෙන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයාට මම කතා කොට, “මේ අරුමපුදුම දේවල් තීන්දු වීමට කොපමණ කල් ගතවනු ඇද්දැ”යි ඇසුවෙමි.


“මන්ද, අවස්ථාව පැමිණි විට සිරියාවේ රජු පළමු සේනාවට වඩා විශාල සේනාවක් රැස් කරගෙන, ඇති තරම් යුද්ධෝපකරණ සහිත ව මහ සේනාවක් සමඟ ආපසු එන්නේ ය.


ඔහු පිළිතුරු දෙමින්, ‘රෑ දාවල් දෙදහස් තුන්සියයක් පසු වන තුරු ය, ඉන්පසු ශුද්ධස්ථානය පවිත්‍ර කරනු ලබන්නේ ය’යි කීවේ ය.


අහසට මා අත ඔසවා දිවුරා කියමි, මා සදහට ම ජීවත් ව සිටින්නාක් මෙන්,


ඔබ වගඋත්තර දිය යුත්තේ කෙසේ දැ යි කල් තියා සූදානම් නොවන්නට සිතට ගන්න.


“මා කෙරෙන් යුක්තිය වළක්වා, සෝදුකින් මා පිරෙවූ, සව් බලැති දෙවිඳුන් නමින් මම මෙය දිවුරා කියමි:


ඒ ජීවමාන සත්ත්වයන් සිංහාසනයෙහි වැඩ හිඳින, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේට ප්‍රශංසාව ද ගෞරවය ද ස්තුතිය ද දෙන හැම විට ම,


කුලදෙටුවෝ විසිහතර දෙනා ද, සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේට නමස්කාර කරති. එසේ කරමින් ඔව්හු සිය ඔටුනු සිංහාසනය ඉදිරියෙහි හෙළා:


ඔවුන්ට මෙසේ කියන්න: ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මා ඉශ්රායෙල් තෝරාගත් විට, ජාකොබ්ගේ වංශයට මම පොරොන්දුවක් වීමි.


එසේ සිටිය දී මා ඇස් ඔසවා බැලූ විට, සිනිඳු හණ රෙදි හැඳගත්, දඹ රන් බඳ පටියකින් ඉඟටිය බැඳගත් මිනිසෙකු දිටිමි.


මේ වචන මා ඇසූ නමුත්, තේරුම් නොගතිමි. එවිට මම කතා කරමින්, “මාගේ ස්වාමීනි, මේ සියල්ලේ ප්‍රතිඵල කුමක් වන්නේ දැ”යි ඇසීමි.


තම ජනයාගේ බලය නැති වූ බව, දාසයා ද නිර්දාසයා ද නැති බව, සමිඳාණෝ දැක; සිය සෙනඟට යුක්තිය ඉටු කරන සේක; ඔවුන්ට අනුකම්පා කරන සේක.


ඔහු මේ වචන පවසද්දී ම ස්වර්ගයෙන් එන හඬක් ඇසුණේ ය. ඒ මෙසේ ය: “එම්බා නෙබුකද්නෙශර් රජ, නුඹේ රාජ්‍යය නුඹෙන් පහ විය;


මා බලා සිටිය දී මේ අඟ සැදැහැවතුන්ට විරුද්ධ ව යුද්ධ කර ජයගත් බව මම දිටිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්