Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 1:9 - Sinhala New Revised Version

9 “ස්වාමීනි, මේ අශ්වයන් මෙහි සිටීමේ තේරුම කුමක් දැ”යි මම ඇසීමි. මා සමඟ කතා කළ දූතයා පිළිතුරු දෙමින්, “එහි තේරුම, මම නුඹට පහදා දෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 “ස්වාමීනි, මේ අශ්වයන් මෙහි සිටීමේ තේරුම කුමක් දැ”යි මම ඇසීමි. මා සමඟ කතා කළ දූතයා පිළිතුරු දෙමින්, “එහි තේරුම, මම නුඹට පහදා දෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 එවිට මම: මාගේ ස්වාමිනි, මොව්හු කවුරුදැයි ඇසුවෙමි. මා සමග කථාකළ දූතයාද: මොව්හු කවුරුද කියා මම නුඹට පෙන්වන්නෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 1:9
17 හුවමාරු යොමු  

දේව දූතයා නැවතත් ඉදිරියට අවුත්, “හිස ඔසවා බලන්න. දැන් පිටතට එන දේ දෙස බලන්නැ”යි කී ය.


එවිට මා සමඟ කතා කළ දූතයා පිටත් ව යනවාත්, වෙන දූතයෙකු ඔහුගේ පෙරමඟට එනවාත් මම දිටිමි.


“එහි තේරුම කුමක් දැ”යි මා සමඟ සිටි දේව දූතයාගෙන් මම ඇසීමි. ඔහු පිළිතුරු දෙමින්, “මේවා ජුදා, ඉශ්රායෙල් හා ජෙරුසලම විසුරුවාදැමූ ලෝක බලවත්තු සතරදෙනා ය”යි කීවේ ය.


එවිට මම, “පහන් රුක දෙපැත්තේ ඇති ඔලීව ගස් දෙකෙන් කුමක් අදහස් කෙරේ දැ”යි ඇසීමි.


මම එහි සිටි අයගෙන් එක් කෙනෙකු ළඟට එළඹ ඒ සියල්ලේ තේරුම මට කියන ලෙස ඔහුගෙන් ඉල්ලුවෙමි. ඔහු කතා කොට, ඒ සියල්ලේ තේරුම මෙසේ පහදා දුන්නේ ය:


එවිට දෙවියන් වහන්සේගේ දූතයා සිහිනෙන් මට කතා කරමින්, ‘ජාකොබ්’ කියා මා ඇමතුවෙන්, මම ද, ‘මම මෙහි ය’ කියා පිළිතුරු දුනිමි.


සමිඳාණන් වහන්සේ මා සමඟ කතා කළ දූතයාට යහපත්, පැහැදිලි වචනවලින් පිළිතුරු දුන් සේක.


මා සමඟ කතා කළ දේව දූතයා නැවත අවුත්, නින්දෙන් පුබුදු කරනු ලබන්නෙකු මෙන් මා පුබුදුවා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්