ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 15:25 - Sinhala New Revised Version

ඔහුගේ වැඩිමල් පුත්‍රයා ගොවිපළට ගොස් සිටියේ ය. ඔහු පෙරළා එන්නේ ගෙදරට ළං වූ කල, නැටුම් ගැයුම් වැයුම් හඬ අසා,

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

“මේ අතර කෙතේ සිටි ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ආපසු එමින් නිවසට ළං වෙද්දී, නැටුම් හා සංගීත නාදය අසන්නට ලැබුණා.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහුගේ වැඩිමල් පුත්‍රයා ගොවිපළට ගොස් සිටියේ ය. ඔහු පෙරළා එන්නේ ගෙදරට ළං වූ කල, නැටුම් ගැයුම් වැයුම් හඬ අසා,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහුගේ වැඩිමහල් පුත්‍රයා කෙතෙහි සිටියේය. ඔහු ඇවිත් ගෙදරට ළංවූ කල, තූර්යනාදයත් නැටීමත් ඇසී,

පරිච්ඡේදය බලන්න



ලූක් 15:25
12 හුවමාරු යොමු  

දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේ ය.


සමිඳුන් අප මුදා සියොනට ගෙනා කල, අපට එය සිහිනයක් මෙන් විය.


එතුමන්ගේ නාමයට රඟපාමින් පැසසුම් කරත් වා! රබන් ගසා, වීණා වයා එතුමන්ට පසස් ගී ගයත් වා!


රඟපාමින් හා කිකිණි රබානෙන් එතුමන් පසසන්න. වීණාවෙන් හා නළාවෙන් එතුමන් පසසන්න.


ඔබ මාගේ දොම්නස සොම්නසට හැරෙවු සේක. ඔබ මාගේ ගෝණි රෙදි මුදා තුටු පිළියෙන් මා සැරසූ සේක.


ආරොන්ගේ සොහොයුරිය වන, මීරියම් දිවැසිවරිය කිකිණි බැඳි සිඟිති රබානක් අතින් ගත්තා ය. වනිතාවෝ සියලු දෙන ද කිකිණි බැඳි රබන් පොඩි ලෙලවමින්, නටමින් ඇය පසුපස ගමන්ගත්හ.


අඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයක් ඇත; වැලපෙන්නට කාලයක් සහ නටන්නට කාලයක් ඇත;


එම්බා ඉශ්රායෙල් ජාතිය! මම නැවත නුඹ ගොඩනඟන්නෙමි. එවිට නුඹලා ගොඩනඟනු ලබන්නහු ය. නුඹලා නැවත නුඹලාගේ කිකිණි රබන් රැගෙන විනෝද වන්නන් සමඟ ප්‍රීතියෙන් නටන්නහු ය.


මන්ද, මේ මාගේ පුත්‍රයා මැරී සිට යළි ජීවත් ව සිටියි; නැතිවී සිට සම්බ වී ය’යි කී ය. එවිට ඔව්හු ප්‍රීති ප්‍රමෝද වන්න පටන්ගත්හ.


දාසයන්ගෙන් එක් කෙනෙකුට අඬගසා, ‘මෙ‍හි තේරුම කිමෙ‍ක් දැ’යි විචාළේ ය.


‘අපි ඔබට නළා පිම්බෙමු. ඔබ නැටුවේ නැත; අපි ඔබට විලාප කීමු, ඔබ හැඬුවේ නැතැ’යි කියන දරුවන් හා සමාන වෙති.