එවිට ආබ්‍රම් නේගෙබ් සිට කඳවුරෙන් කඳවුර ගෙවා බෙතෙල් දිශාවට යමින්, බෙතෙල් හා ආයි නුවර අතර, පළමුවෙන් කඳවුරු බැඳි ස්ථානයට පැමිණියේ ය.
ලෙවී කථාව 13:3 - Sinhala New Revised Version පූජකවරයා ද ඔහුගේ ශරීරයේ හමේ කුෂ්ඨය සෝදිසි කළ යුතු ය. රෝගය ඇති ස්ථානයේ රෝම සුදු පාට වී, කුෂ්ඨය හමේ ගැඹුරට ගොස් තිබේ නම්, එය බෝවෙන චර්ම රෝගයක් වේ. පූජකවරයා ද ඔහු සෝදිසි කළ පසු ඔහු අපවිත්‍ර ය කියා ප්‍රකාශ කළ යුතු ය. Sinhala New Revised Version 2018 පූජකවරයා ද ඔහුගේ ශරීරයේ හමේ කුෂ්ඨය සෝදිසි කළ යුතු ය. රෝගය ඇති ස්ථානයේ රෝම සුදු පාට වී, කුෂ්ඨය හමේ ගැඹුරට ගොස් තිබේ නම්, එය බෝවෙන චර්ම රෝගයක් වේ. පූජකවරයා ද ඔහු සෝදිසි කළ පසු ඔහු අපවිත්‍ර ය කියා ප්‍රකාශ කළ යුතු ය. Sinhala Revised Old Version පූජකයාද ශරීරයේ හමෙහි රෝගය බලාවා. රෝගය තිබෙන තැන මයිල් සුදුවූ බවද ඒ රෝගය සෑදී තිබෙන ස්ථානය ඔහුගේ ශරීරයේ හමට වඩා පහත්ව තිබෙන බවද පෙනේනම් ඒක කුෂ්ඨයේ ලකුණක්ය. පූජකයා ඔහු බලා ඔහු අපවිත්‍රයයි කිය යුතුය. |
එවිට ආබ්‍රම් නේගෙබ් සිට කඳවුරෙන් කඳවුර ගෙවා බෙතෙල් දිශාවට යමින්, බෙතෙල් හා ආයි නුවර අතර, පළමුවෙන් කඳවුරු බැඳි ස්ථානයට පැමිණියේ ය.
“ ‘අසංවර වේශ්‍යා ස්ත්‍රියකගේ ක්‍රියා වන මේ සියල්ල කරන නුඹ දොළදුකින් සිටිනු නොවේ දැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ අසන සේක.
“කැප දෙය සහ අකැප දෙය අතර තිබෙන වෙනස ඔව්හු මාගේ සෙනඟට පෙන්වා, අපවිත්‍ර දෙය සහ පවිත්‍ර දෙය අතරෙන් තිබෙන වෙනස ඔවුන්ට දන්වත් වා.
විදේශිකයෝ ඔවුන්ගේ ශක්තිය කාදමති. එහෙත්, ඔව්හු ඒ බව නොදනිති. ඔවුන්ගේ හිසකෙස් අතරින්පතර පැසී ඇති බවත් ඔව්හු නොදනිති.
නුඹ කැප කළ දේවලින් අකැප දේ ද සම්මත පරිදි අපවිත්‍ර දෙයින් පවිත්‍ර දේ ද වෙන් කළ යුතු ය.
ඔහු ඒ තැනැත්තා සෝදිසි කොට, හමේ බිබිල සුදු පාට නම්, එහි රෝම සුදු පාට වී බිබිල ඔඩු දුවන වණයක් වී ඇත්නම්
“යමෙකුගේ ශරීරයේ හමේ බිබිලක් හෝ තඩිස්සියක් හෝ පැල්ලමක් හෝ හටගෙන, එය බෝවෙන චර්ම රෝගයක් වන්නට ඉඩ තිබේ නම්, ඔහු පූජක ආරොන් වෙත හෝ පූජකයෙකු වන ඔහුගේ පුතෙකු වෙත හෝ ගෙනා යුතු ය.
පූජකවරයා ද ඔහු සෝදිසි කළ පසු, එය හමේ ගැඹුරට ගොස් එහි රෝම සුදු පාට වී ඇති බව පෙනේ නම්, ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය ගඩ ගෙඩියකින් හට ගැනුණු චර්ම රෝගයකි.
එහෙත්, හමේ පැල්ලම සුදු පාට නමුත්, එය හමේ ගැඹුරට නොගොස් එහි රෝම සුදු පාට වී නොතිබේ නම්, පූජකවරයා එම කුෂ්ඨය ඇති තැනැත්තා දවස් හතක් වෙන් කොට තැබිය යුතු ය.
පූජකවරයා ඔහු මෙසේ සෝදිසි කොට තඩිස්සිය හමේ පැතිර ගොස් ඇත්නම්, ඔහු ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයක් වේ.
එසේ ඇතුළු වී ඒ ලකුණු පරීක්ෂා කොට ගෙයි බිත්තියේ ඉරි ගැසී ඇති තැන් කොළ පාටට හෝ රතට හෝ හුරුව, බිත්තියේ යටට ම ගොස් තිබෙන බව පෙනේ නම්,
යමෙකු නොදැනුවත්කමින් ආගමික පිළිවෙත් අනුව මනුෂ්‍යයෙකු කෙලෙසන යම්කිසි අපවිත්‍ර දෙයක් ස්පර්ශ කළොත්, ඔහු එය දැනගත් කල වරදකරුවෙක් වන්නේ ය.
සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මේ ප්‍රශ්නය ගැන පූජකයන්ගෙන් තීරණයක් ඉල්ලන්න.
දෙවියන් වහන්සේ පිළිබඳ සත්‍ය ඥානය දීම හා ඉගැන්වීම පූජකයන්ගේ යුතුකම් ය. ඔවුන් සියලු බලැති සමිඳාණන් වහන්සේගේ දූතයන් වන බැවින් මාගේ කැමැත්ත පිළිබඳ ව ඉගෙනගැනීම සඳහා සෙනඟ ඔවුන් වෙත යා යුතු ය.
ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළොවෙහි දී යමක් බඳින්නෙහි ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නෙහි ද එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය”යි වදාළ සේක.
ඔබ යමෙකුගේ පව් කමා කරන්නහු ද, ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ; ඔබ යමෙකුගේ පව් කමා නොකරන්නහු ද, ඒවා කමා නොකරනු ලැබේ ය”යි ඔවුන්ට වදාළ සේක.
ඔබ තමන් ම ද, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් ගබඩාකාරයෙක් ලෙස පත් කරනු ලැබ ඔබට භාර දී ඇති රැළ ද රැකබලාගන්න. දෙවියන් වහන්සේ සිය පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතුවෙන් දිනා ගත් උන් වහන්සේගේ සභාවේ නායකයන් වන්න.
එසේ නම් ව්‍යවස්ථාවත් පාපයත් එක ම යයි නිගමනය කළ හැකි ද? කොහෙත් ම නැත; එහෙත් ව්‍යවස්ථාව නොතිබෙන්නට, පාපය කුමක් දැ යි දැනුමක් මට ඇති විය නොහැක. “තණ්හා නොකරන්නැ”යි ව්‍යවස්ථාවෙහි නොකියන්නට, තණ්හාව කුමක් දැ යි දැනුමක් මට නැත.
හිමෙනියස් ද අලෙක්සන්දර් ද එබඳු තැනැත්තෝ ය. ඔවුන් දේව අපහාස නොකරන පිණිස පාඩමක් වශයෙන් මම ඔවුන් සාතන් හට බාර දුනිමි.
එහෙත් නපුරු මිනිස්සු ප්‍රයෝගයෙන් අනුන් රවටා, තමන් ද රැවටී, වැඩි වැඩියෙන් නරක් වන්නෝ ය.
දෙවියන් වහන්සේගේ වචනය ඔබ වෙත ගෙනා ඔබගේ නායකයන් සිහි කරන්න. ඔවුන්ගේ ජීවිත පැවැත්මේ ප්‍රතිඵල දෙස බලමින්, එම ඇදහිල්ල අනුගමනය කරන්න.
තවද මම ඇගේ දරුවන් වනසාලන්නෙමි. එවිට, මිනිසුන්ගේ සිතුම්පැතුම් විමසන තැනැන් වහන්සේ මා බව, සියලු සභාවෝ දැන ගන්නහු ය. තවද, මම ඔබට එකිනෙකාගේ ක්‍රියා අනුව විපාක දෙන්නෙමි.