Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 16:30 - Sinhala New Revised Version

30 “ ‘අසංවර වේශ්‍යා ස්ත්‍රියකගේ ක්‍රියා වන මේ සියල්ල කරන නුඹ දොළදුකින් සිටිනු නොවේ දැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ අසන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 “ ‘අසංවර වේශ්‍යා ස්ත්‍රියකගේ ක්‍රියා වන මේ සියල්ල කරන නුඹ දොළදුකින් සිටිනු නොවේ දැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ අසන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 නොහික්මෙන වේශ්‍යා ස්ත්‍රියෙකුගේ ක්‍රියා වන මේ සියල්ල කරන්නාවූ නුඹේ සිත කොපමණ දුර්වලව තිබෙනවා නොවේදැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 16:30
14 හුවමාරු යොමු  

වැහිවලා වළක්වනු ලැබුවේත්, වසන්ත කාලයේ වැසි නොවැස්සේත් ඒ නිසා ය. වේශ්‍යාවකගේ පෙනුම නුඹට ඇත; එහෙත්, නුඹට කිසි ලජ්ජාවක් නැත.


සමිඳාණන් වහන්සේ කතා කොට, “මාගේ සෙනඟ අඥාන ය; ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවන් වැනි ය; ඔවුන්ට කිසි තේරුමක් නැත; නපුරු දේ කිරීමට ඔව්හු දක්ෂ ය, එහෙත්, යහපත කිරීමට ඔව්හු නොදනිති”යි වදාළ සේක.


ඔවුන්ගේ අහංකාර පෙනීම ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දෙයි; සොදොම් වැසියන් මෙන් ඔව්හු එළිපිට ම පව් කරති; ඔවුන්ට වන විපතක මහත! එය ඔවුන් තමන් විසින් තමන් පිට ම පමුණුවාගෙන ඇත.


ගවයාට උගේ අයිතිකාරයා ගැන දැනුමක් ඇත; කොටළුවාට උගේ ස්වාමියාගේ පට්ටිය ගැන තේරුමක් ඇත. එහෙත්, මාගේ ඉශ්රායෙල් සෙනඟට එවැනි දැනුමක් නැත. මාගේ සෙනඟට තේරුම්ගැන්මක් කොහෙත්ම නැත.”


අමනකම වූ කලී, කටකාර, අනුවණ, විලිබිය නැති ගැහැණියක වැනි ය.


ඇගේ මේ රැවටිලි වදනින්, ඈ ඔහු කැමැති කරවා, ඉච්චා තෙපුලින් ඈ ඔහු වශී කරගන්නී ය.


නුඹ කානාන් දේශයෙහි දී කල්දියාව දක්වාත් නුඹේ වේශ්‍යාකම් වැඩි කරගත්තෙහි ය. එහෙත්, නුඹ එයිනුත් සෑහීමට නොපැමිණියෙහි ය.


ඔවුන්ගේ සිත් එතුමන් කෙරෙහි නිතර ම එකඟ නො වී ය. එතුමන්ගේ ගිවිසුමට විශ්වාසවන්ත ව නොසිටියෝ ය.


සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළසේක: “මිනිසෙකු සිය භාර්යාව දික්කසාද කළ පසු, ඈ ඔහුගෙන් වෙන් වී ගොස් වෙන මිනිසෙකුගේ භාර්යාව වූවොත්, පළමු පුරුෂයා නැවත ඈ වෙත හැරී යනු ඇද් ද? එසේ කිරීමෙන් සහමුලින් ම දේශය අපවිත්‍ර නොවන්නේ ද? එහෙත්, ඉශ්රායෙලය, නුඹ පෙම්වතුන් බොහෝ දෙනෙකු සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය. එහෙයින් මා වෙත හැරී එන්නට නුඹට පුළුවන් ද? මෙසේ පවසන්නේ දෙවි සමිඳාණන් වහන්සේ ය.


“ඉශ්රායෙල් ජනයෙනි, විජාතීන් මෙන් ප්‍රීති උත්සව නොපවත්වන්න. මන්ද, නුඹලා දෙවියන් වහන්සේට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගෙන ඇත. නුඹලා සියලු කමත්වල දී වේශ්‍යාවන්ගේ පණයම් ලබන්නට ලොල් වූවහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්