Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 තිමෝති 1:20 - Sinhala New Revised Version

20 හිමෙනියස් ද අලෙක්සන්දර් ද එබඳු තැනැත්තෝ ය. ඔවුන් දේව අපහාස නොකරන පිණිස පාඩමක් වශයෙන් මම ඔවුන් සාතන් හට බාර දුනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

20 හිමේනියස් හා ඇලෙක්සැන්ඩර් ඉන් දෙදෙනෙකි. දේවාපහාස නො කිරීමට ඉගෙන ගන්නා පිණිස, මම ඔවුන් සාතන්ට බාර දුනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 හිමෙනියස් ද අලෙක්සන්දර් ද එබඳු තැනැත්තෝ ය. ඔවුන් දේව අපහාස නොකරන පිණිස පාඩමක් වශයෙන් මම ඔවුන් සාතන් හට බාර දුනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 හිමෙනියස්ද අලෙක්ෂන්දර්ද එබඳු තැනැත්තෝය. අපහාස නොකරන්ට දැනමුතුවෙන පිණිස ඔවුන් සාතන්ට භාරදුනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 තිමෝති 1:20
17 හුවමාරු යොමු  

ඔවුන්ගේ ඒ ඉගැන්වීම් පිළිකාවක් මෙන් ඔඩු දුවන්නේ ය. හිමෙනියස් ද පිලේතස් ද එවැනි අය වෙත්.


එහෙත් සමිඳාණන් වහන්සේ විසින් විනිශ්චය කරනු ලැබීමෙන්, අප හික්මවනු ලබන්නේ ලෝකයා සමඟ වරදට පත් නොවන පිණිස ය.


එහෙත් ඔහු සතුරෙකු මෙන් නොසලකා, සහෝදරයෙකුට මෙන් ඔහුට දැනමුතුකම් දෙන්න.


මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත් ව, පසුතැවී සිත් හරවා ගන්න.


ජුදෙව්වරුන් විසින් අලෙක්සන්දර් ඉදිරිපත් කරනු ලැබූ බැවින්, සමූහයාගෙන් සමහරෙක්, වගකිවයුත්තා ඔහු යයි නිගමනය කළහ. අලෙක්සන්දර් අතින් සංඥා කොට, සමූහයාට පිළිතුරු දෙන්නට කැමැත්ත දැක්වී ය.


එවිට අං දසයක් ද හිස් සතක් ද ඇති මෘගයෙකු මුහුදෙන් මතු වී එනු දිටිමි. උගේ අං පිට කිරුළු දසයක් ද උගේ හිස්වල දේවාපහාස නාම ද තිබිණි.


ඒ කාලයේ දී මිනිස්සු ආත්මාර්ථකාමී, මිලමුදලට ආලය කරන, පුරසාරම් දොඩන, අහංකාර, දේව අපහාස කරන, දෙමව්පියන්ට අකීකරු, කෙළෙහිගුණ නොසලකන, අධර්මිෂ්ඨ,


මේවා ඔවුන්ට මතක් කරමින්, වැඩක් නැති, අසන්නන්ට හානි ගෙන දෙන වචන ගැන විවාද නොකිරීමට දෙවියන් වහන්සේ ඉදිරියෙහි තරයේ අණ කරන්න.


ඔබ සහමුලින් ම කීකරු වූ කල සියලු අකීකරුකම්වලට දඬුවම් දීමට අපි සූදානම් ව සිටිමු.


එහෙත් ජුදෙව්වරු එම ජනකාය දැක, ඊර්ෂ්‍යාවෙන් පිරී, පාවුලු කී කාරණාවලට විරුද්ධ ව කතා කරමින් අපහාස කළහ.


මා ඔබෙන් ඈත් ව සිටිය දී, මේ කරුණු ඔබට ලියා එවන්නේ, මා ඔබ වෙතට පැමිණි විට, තදින් ක්‍රියා කිරීමට මාගේ අධිකාරි බලය යෙදීම වුවමනා නොවන පිණිස ය. සමිඳාණන් වහන්සේ මේ ආධිපත්‍යය මට දෙවා වදාළේ, බිඳ හෙළීමට නොව, ගොඩනැඟීමට ය.


ඔහු ඔවුන් කියන දේත් නොපිළිගත්තොත්, සභාවට දන්වන්න. සභාව කියන දේත් නොපිළිගත්තොත්, ඔහු විජාතිකයෙකු හෝ අයකැමියෙකු මෙන් සලකන්න.


මන්ද, දැනටමත් සමහරු අහක් වී සාතන් අනුව ගොස් සිටිති.


දරුවන්ට මෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ සිත් දිරිගන්වන මේ වචන ඔබ අමතක කළහු ද? “මාගේ පුත්‍රය, සමිඳාණන් වහන්සේගේ හික්මවීම් සුළු කොට නොසිතන්න, උන් වහන්සේ තරවටු කරන කල මලානික නොවන්න:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්