Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 13:3 - Sinhala Revised Old Version

3 පූජකයාද ශරීරයේ හමෙහි රෝගය බලාවා. රෝගය තිබෙන තැන මයිල් සුදුවූ බවද ඒ රෝගය සෑදී තිබෙන ස්ථානය ඔහුගේ ශරීරයේ හමට වඩා පහත්ව තිබෙන බවද පෙනේනම් ඒක කුෂ්ඨයේ ලකුණක්ය. පූජකයා ඔහු බලා ඔහු අපවිත්‍රයයි කිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 පූජකවරයා ද ඔහුගේ ශරීරයේ හමේ කුෂ්ඨය සෝදිසි කළ යුතු ය. රෝගය ඇති ස්ථානයේ රෝම සුදු පාට වී, කුෂ්ඨය හමේ ගැඹුරට ගොස් තිබේ නම්, එය බෝවෙන චර්ම රෝගයක් වේ. පූජකවරයා ද ඔහු සෝදිසි කළ පසු ඔහු අපවිත්‍ර ය කියා ප්‍රකාශ කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 පූජකවරයා ද ඔහුගේ ශරීරයේ හමේ කුෂ්ඨය සෝදිසි කළ යුතු ය. රෝගය ඇති ස්ථානයේ රෝම සුදු පාට වී, කුෂ්ඨය හමේ ගැඹුරට ගොස් තිබේ නම්, එය බෝවෙන චර්ම රෝගයක් වේ. පූජකවරයා ද ඔහු සෝදිසි කළ පසු ඔහු අපවිත්‍ර ය කියා ප්‍රකාශ කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:3
29 හුවමාරු යොමු  

ඇගේ දරුවන්ද වසංගතයෙන් නසන්නෙමි; මා වනාහි අදහස්ද හෘදයන්ද විමසන තැනැත්තා බව සියලු සභාවෝ දැනගන්නාහුය. මම නුඹලා එක් එක්කෙනාට නුඹලාගේ ක්‍රියා හැටියට දෙන්නෙමි.


දෙවියන්වහන්සේගේ වචනය නුඹලාට කියාදුන්නාවූ නුඹලාගේ ප්‍රධානීන් සිහිකරන්න; ඔවුන්ගේ හැසිරීමේ කෙළවර බලමින් ඔවුන්ගේ ඇදහිල්ල අනුවයන්නෝ වෙන්න.


නුමුත් නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය.


හිමෙනියස්ද අලෙක්ෂන්දර්ද එබඳු තැනැත්තෝය. අපහාස නොකරන්ට දැනමුතුවෙන පිණිස ඔවුන් සාතන්ට භාරදුනිමි.


එසේවී නම් කුමක් කියමුද? ව්‍යවස්ථාව පාපයද? එසේ නොවේවා. නුමුත් ව්‍යවස්ථාවෙන් දැන නොගත්තා නම් පාපය කුමක්දැයි මා නොදැන සිටිනවා ඇත. මක්නිසාද: තණ්හා නොවෙන්නැයි ව්‍යවස්ථාවෙහි කියා නොතිබුණා නම් තණ්හාව කුමක්දැයි මා විසින් නොදැන සිටිනවා ඇත.


දෙවියන්වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙන්න.


යමෙකුගේ පව් නුඹලා කමාකරවුද ඒවා ඔවුන්ට කමාකරනු ලැබේ; යමෙකුගේ පව් නුඹලා කමා නොකරවුද ඒවා කමාකරනු නොලැබේයයි ඔවුන්ට කීසේක.


ස්වර්ගරාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. නුඹ පොළොවෙහිදී යමක් බඳින්නෙහිද ඒක ස්වර්ගයෙහිදී බඳිනු ලබන්නේය. නුඹ පොළොවෙහිදී යමක් මුදන්නෙහිද ඒක ස්වර්ගයෙහිදී මුදනු ලබන්නේයයි ඔහුට කීසේක.


මක්නිසාද පූජකයා විසින් තමාගේ තොල්වල දැනගැන්ම තබාගැනීම යුතුය, මිනිසුන් වනාහි ව්‍යවස්ථාවද ඔහුගේ මුඛයෙන් දැනගත යුතුය. කුමක්හෙයින්ද ඔහු සේනාවල ස්වාමීන්වහන්සේගේ පණිවිඩකාරයෙක්ය.


සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට–


විදේශියෝ ඔහුගේ සවිය නාස්තිකළෝය, නුමුත් ඔහු එය නොදන්නේය. පැසුණු ඉසකේ ඔහු මතුයෙහි තැනින්තැන තිබේ, නුමුත් ඔහු නොදන්නේය.


ශුද්ධවූ එක සහ ශුද්ධ නැති එක අතරේ තිබෙන වෙනස ඔවුන් මාගේ සෙනඟට පෙන්වා, අපවිත්‍ර එක සහ පවිත්‍ර එක අතරෙත් තිබෙන වෙනස ඔවුන්ට දන්වත්වා.


නොහික්මෙන වේශ්‍යා ස්ත්‍රියෙකුගේ ක්‍රියා වන මේ සියල්ල කරන්නාවූ නුඹේ සිත කොපමණ දුර්වලව තිබෙනවා නොවේදැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


මනුෂ්‍යයෙකුගේ ශරීරයේ හමෙහි බිබිලක්වත් කබොල්ලක්වත් රතුපල්ලක්වත් හටගැනී ඒක ඔහුගේ ශරීරයේ හමෙහි කුෂ්ඨ ලකුණක් වන්නේ නම් ඔහු පූජකයාවූ ආරොන් වෙතට හෝ ඔහුගේ පුත්‍රයන්වූ පූජකයන්ගෙන් එක්කෙනෙකු වෙතට හෝ පමුණුවනු ලබාවා.


නුඹලා විසින් ශුද්ධ දේ සහ අකැප දේ අතරෙහිත් අපවිත්‍ර දේ සහ පවිත්‍ර දේ අතරෙහිත් වෙනසක් කරන පිණිසද,


ඔහු දකුණු දිශාවේ සිට බෙතෙල් දක්වා ගමන්කරමින් බෙතෙල් සහ ආයි අතරෙහි පළමුවෙන් තමාගේ කූඩාරමද


නුමුත් ඔහුගේ ශරීරයේ හමෙහි තිබෙන පැල්ලම සුදු බවද හමට වඩා පහත්ව නැති බවද එහි මයිල් සුදු නොවී තිබෙන බවද පෙනේනම් පූජකයා රෝගකාරයා සත් දිනක් වෙන්කර සිටුවා,


නොහොත් ඔහු මනුෂ්‍යයාගේ අපවිත්‍රකමක එනම් මනුෂ්‍යයෙකු අපවිත්‍රවෙන කවර අපවිත්‍රකමකවත් ස්පර්ශවුණොත්, ඔහු එය නොදැන සිටිය නුමුත් දැනගත්කල වරදකාරයෙක් වන්නේය.


එවිට පූජකතැන බලා කබොල්ල හමෙහි පැතිර තිබෙන බව පෙනේනම් ඔහු අපවිත්‍රයයි කිය යුතුය. ඒක කුෂ්ඨ රෝගයය.


පූජකයා ඔහු බලාවා, එවිට හමෙහි සුදු බිබිලක් තිබී එයින් මයිල් සුදුවී බිබිලෙහි අමු මාංස පෙනේනම්, ඒක ඔහුගේ ශරීරයේ හමෙහි කල්ගිය කුෂ්ඨ රෝගයක්ය,


පූජකයා බැලූ කල එය හමට වඩා පහත්වී එහි මයිල් සුදුවී තිබෙන බව දුටුවොත් ඔහු අපවිත්‍රයයි පූජකයා කිය යුතුය. එය කුෂ්ඨ ලකුණය, ඒක ගඩගෙඩියෙන් හටගත්තේය.


ඔහු කුෂ්ඨය බැලූ කල කුෂ්ඨය ගෙයි බිත්තිවල පලාවන් හෝ රත්වන් හෝ පැළුණු රේඛා සහිතව බිත්තියට වඩා පහත් පෙනීමක් ඇතුව තිබුණොත්,


සියලු ආකාර කුෂ්ඨරෝගද කබලුද,


ඉදිමුමද කබුලද පල්ලද සම්බන්ධව,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්