එහෙත්, දාවිත් සහ සාවුල්ගේ පුත් ජොනතන් තම තමන් අතර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන ලද දිවුරුම නිසා රජ සාවුල්ගේ පුත්‍ර වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් ඉතුරු කෙළේ ය.
යොෂුවා 9:18 - Sinhala New Revised Version ප්‍රජා මූලිකයෝ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නමින් ඔවුන්ට දිවුරුම් දී තිබුණ නිසා ඔවුන්ට පහර නොදුන්නෝ ය. සියලු සෙනඟ ප්‍රජා මූලිකයන්ට විරුද්ධ ව දොස් පැවරුවෝ ය. Sinhala New Revised Version 2018 ප්‍රජා මූලිකයෝ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නමින් ඔවුන්ට දිවුරුම් දී තිබුණ නිසා ඔවුන්ට පහර නොදුන්නෝ ය. සියලු සෙනඟ ප්‍රජා මූලිකයන්ට විරුද්ධ ව දොස් පැවරුවෝ ය. Sinhala Revised Old Version සභාවේ අධිපතීන් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගැන ඔවුන්ට දිවුරුම්දී තිබුණු නිසා ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔවුන්ට පහර නුදුන්නෝය. මුළු සභාව අධිපතීන්ට විරුද්ධව කොඳුළෝය. |
එහෙත්, දාවිත් සහ සාවුල්ගේ පුත් ජොනතන් තම තමන් අතර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන ලද දිවුරුම නිසා රජ සාවුල්ගේ පුත්‍ර වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් ඉතුරු කෙළේ ය.
ඔහු දුදනන් පිළිකුල් කරන්නේ ය. සමිඳුන්ට ගරු කරන අයට ඔහු ගරුසරු පා, වාසි අවාසි නොතකා, සිය පොරොන්දු ඉටු කරයි.
කතා කිරීමට පෙර හොඳින් සිතා බලන්න; දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඉක්මන්කාරකමින් බාරහාර නොවන්න. මන්ද, දෙවියන් වහන්සේ ස්වර්ගයෙහි ය. ඔබ පොළොවෙහි ය. ඒ නිසා ඔබේ වචන ස්වල්ප වේ වා!
ඔබේ වචනවලින් පව් කිරීමට ඉඩ නොතබන්න. ‘මා අදහස් නොකළ දෙයකැ’යි පූජකයාට නොකියන්න. දෙවියන් වහන්සේ ඔබ කෙරේ උදහස් වී ඔබේ ව්‍යාපාර නාස්ති කරදමන්න උන් වහන්සේට ඉඩ තබන්නේ මන් ද?
සියලු දේ සියල්ලන්ට එක සේ සිදු වන්නේ ය. ධර්මිෂ්ඨයාට හා දුෂ්ටයාටත්, යහපත් අයට සහ අයහපත් අයටත්, පවිත්‍ර අයට හා අපවිත්‍ර අයටත්, පූජා කරන්නාට සහ පූජා නොකරන්නාටත් සිද්ධ වන්නේ එක ම දෙයක් වේ. පව්කාරයා හා යහපත් මනුෂ්‍යයා අතර වෙනසක් නැත. දිවුරුම් දෙන්නා සහ දිවුරුම් නොදෙන්නා අතර වෙනසක් නැත.
‘යම් කිසි තරුණ කාන්තාවක ඇගේ පියාගේ ගෘහයේ සිටිය දී, සමිඳාණන් වහන්සේට බාරයක් වී දිවුරුම් දුන් පසු,
ඔබ වචනයෙන් පොරොන්දු වූ දේ ඉටු කළ යුතු ය. ඔබ වචනයෙන් පොරොන්දු වූ ස්වේච්ඡා පූජාව, දෙවි සමිඳාණන් වහන්සේට පොරොන්දු වූ ලෙසට ඉටු කළ යුතු ය.
“ඔබේ අසල්වැසියාගේ මිදි වත්තට ඔබ ඇතුළු වුවහොත් ඔබට කැමැති පරිදි ඇති තරමට එහි මිදිපල කත හැකි ය. එහෙත්, ඒවා මල්ලක දමා නොගත යුතු ය.
ඉශ්රායෙල් සෙනඟ ගමන් කොට තුන් දවසකට පසු ඔවුන්ගේ නගරවලට පැමිණියෝ ය. ඒ නගර නම්: ගිබියොන්, කෙපීරා, බෙයේරොත්, කිරියත්-ජෙයාරීම් යන මේවා ය.
එහෙත්, සියලු ප්‍රජා මූලිකයෝ කතා කොට, “අපි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට දිවුරුම් දුනිමු; එබැවින් ඔවුන්ට අත ගසන්නට අපට නොහැකි ය.