Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 21:7 - Sinhala New Revised Version

7 එහෙත්, දාවිත් සහ සාවුල්ගේ පුත් ජොනතන් තම තමන් අතර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන ලද දිවුරුම නිසා රජ සාවුල්ගේ පුත්‍ර වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් ඉතුරු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 එහෙත්, දාවිත් සහ සාවුල්ගේ පුත් ජොනතන් තම තමන් අතර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන ලද දිවුරුම නිසා රජ සාවුල්ගේ පුත්‍ර වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් ඉතුරු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 නුමුත් ඔවුන් අතරේ එනම් දාවිත් සහ සාවුල්ගේ පුත් යොනාතාන් අතරේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කරන්ට යෙදුණු දිවුරුම නිසා රජ සාවුල්ගේ පුත්‍ර වන යොනාතාන්ගේ පුත්‍රවූ මෙපිබොෂෙත් ඉතුරු කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 21:7
16 හුවමාරු යොමු  

සාවුල්ගේ පුත් ජොනතන්ට දෙපා කොර වූ පුත්‍රයෙක් සිටියේ ය. ජෙශ්‍රෙයෙල්හි සිටි සාවුල් හා ජොනතන් ගැන ආරංචි ලැබුණු කල ඔහු පස් හැවිරිදි ළමයෙකු ව සිටියේ ය. ඔහුගේ කිරි මව ඔහු වඩාගෙන පලා ගියා ය. ඈ කඩිනම් කර පලා යන අතර ඔහු වැටී කොර වුණේ ය. ඔහුගේ නම මෙපිබොෂෙත් ය.


ඔවුන් දෙදෙනා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්හ. දාවිත් හොරෙෂ්හි නැවතී සිටියේ ය; ජොනතන් තමාගේ ගෙදරට ගියේ ය.


මා මැරුණොත්, මාගේ පවුලේ ඥාතීන් කෙරෙහි ඔබේ කරුණාව කවදාවත් පහ නොකරන්න. එසේ ය, සමිඳාණන් වහන්සේ දාවිත්ගේ සතුරන් එකිනෙකා මිහි පිටින් සිඳ දැමූ පසුත්,


ජොනතන් සිය පණට මෙන් දාවිත්ට ප්‍රේම කළ බැවින් ඔහු සහ දාවිත් ගිවිසුමක් කරගත්හ.


එබැවින් ඔබේ ස්වාමියාගේ පුත්‍රයාට කෑම කන්නට ලැබෙන පිණිස ඔබ සහ ඔබේ පුත්‍රයෝ ද ඔබේ වැඩකාරයෝ ද ඔහු උදෙසා බිම් වගා කොට එහි අස්වැන්න රැස් කරගන්න. එහෙත්, ඔබේ ස්වාමියාගේ පුත් මෙපිබොෂෙත් මාගේ මේසයේ කෑම කනු ඇතැ”යි කීවේ ය. ශීබාට පුත්‍රයෝ පසළො‍ස්දෙනෙක් හා වැඩකාරයෝ විසිදෙනෙක් සිටියහ.


ඒ නිසා කරුණා කොට ඔබේ මෙහෙකරුවා වන මට මේ උපකාරය කර මා සමඟ ඔබේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ කළ ගිවිසුම පවත්වන්න. එහෙත්, මා අතේ වරදක් ඇත්නම්, ඔබ ම මා මරන්න. ඔබේ පියා වෙත මා ගෙනයන්නේ කුමට ද?”


ජොනතන් දාවිත්ට කතා කොට, “ඔබ ද මා ද ඔබේ පරම්පරාව ද මාගේ පරම්පරාව ද අප දෙදෙනා අතරේ කරගත් ගිවිසුම සදහට ම පවතින ලෙස සමිඳාණන් වහන්සේ සහතික කරන සේකැ”යි කී ය. එවිට දාවිත් නැඟිට පිටත් ව ගියේ ය. ජොනතන් ආපසු නුවරට ගියේ ය.


මෙසේ කී පසු දාවිත් තමාට ප්‍රේම කරන බවට ජොනතන් යළිත් ඔහුගෙන් දිවුරුම් ගත්තේ ය. එසේ කෙළේ, ජොනතන් සිය පණට මෙන් දාවිත්ට ප්‍රේම කළ නිසා ය.


තවද, ඔහු රජු සම්බ වන්නට ජෙරුසලමට ආ කල රජ කතා කොට, “මෙපිබොෂෙත් ඔබ මා සමඟ නො‍ගියේ මන්දැ”යි ඔහුගෙන් ඇසී ය.


එවිට රජ, “බලන්න, මෙපිබොෂෙත්ට අයිති සියල්ල ඔබට අයිති වේවා”යි ශීබාට පැවසී ය. ශීබා ද, “මාගේ ස්වාමීන් වන රජතුමනි, මාගේ ගරු බුහුමන් පිළිගත මැනව; ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවා”යි කී ය.


දාවිත් කතා කොට, “බය නොවන්න; සැබෑවට ම ඔබේ පියා වූ ජොනතන් නිසා මම ඔබට කරුණාව පෙන්වා, ඔබේ පියා වූ සාවුල්ගේ ගම් බිම් ඔබට නැවත දෙන්නෙමි. ඔබ නිතර ම මා සමඟ එකට වාඩි වී කෑම කන්නෙහි ය”යි ඔහුට කී ය.


ජොනතන් දාවිත් අමතා මෙසේ කීවේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අපේ සාක්ෂිකාරයාණෝ වන සේක් වා! හෙට හෝ අනිද්දා හෝ මේ වේලාවට පමණ මාගේ පියාගේ අදහස මා සොයා දැනගත් පසු, දාවිත්ට හොඳක් වන්නට තිබේ නම්, ඒ බව දන්වන පිණිස මම ඔබ වෙත පණිවුඩයක් එවන්නෙමි.


දාවිත් කතා කොට, “සාවුල්ගේ වංශයෙන් යමෙක් තව ඉතුරු ව සිටී ද? සිටිනවා නම්, මම ජොනතන් නිසා ඔහුට කරුණාව පෙන්වන්නෙමි”යි කීවේ ය.


රජුගේ ආඥා රක්ෂා කරන්න; ඔබ දෙවියන් වහන්සේට දිවුරුම් දුන් නිසා එසේ කරන්න.


දාවිත් සාවුල්ට දිවුරුම් දුන්නේ ය. ඉක්බිති සාවුල් ගෙදර ගියේ ය; දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඔවුන් සැඟවී සිටි ස්ථානයට ගියහ.


සාවුල්ගේ පුත්‍රයා වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් දාවිත් වෙත අවුත් මුණින්තළා වී වැන්දේ ය. දාවිත් ද, “මෙපිබොෂෙත්” කියා ඔහු ඇමතුවේ ය. “ඔබේ මෙහෙකරුවා මෙහි ය”යි ඔහු කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්