Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 9:19 - Sinhala New Revised Version

19 එහෙත්, සියලු ප්‍රජා මූලිකයෝ කතා කොට, “අපි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට දිවුරුම් දුනිමු; එබැවින් ඔවුන්ට අත ගසන්නට අපට නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එහෙත්, සියලු ප්‍රජා මූලිකයෝ කතා කොට, “අපි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට දිවුරුම් දුනිමු; එබැවින් ඔවුන්ට අත ගසන්නට අපට නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 නුමුත් සියලු අධිපතීහු කථාකොට: අපි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගැන ඔවුන්ට දිවුළෙමුව, එබැවින් ඔවුන්ට අත ගසන්ට නොහැකිවමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 9:19
5 හුවමාරු යොමු  

රජුගේ ආඥා රක්ෂා කරන්න; ඔබ දෙවියන් වහන්සේට දිවුරුම් දුන් නිසා එසේ කරන්න.


සියලු දේ සියල්ලන්ට එක සේ සිදු වන්නේ ය. ධර්මිෂ්ඨයාට හා දුෂ්ටයාටත්, යහපත් අයට සහ අයහපත් අයටත්, පවිත්‍ර අයට හා අපවිත්‍ර අයටත්, පූජා කරන්නාට සහ පූජා නොකරන්නාටත් සිද්ධ වන්නේ එක ම දෙයක් වේ. පව්කාරයා හා යහපත් මනුෂ්‍යයා අතර වෙනසක් නැත. දිවුරුම් දෙන්නා සහ දිවුරුම් නොදෙන්නා අතර වෙනසක් නැත.


සැබෑ ලෙසත්, යුතු ලෙසත්, අවංක ලෙසත් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරන්නෙහි නම්, සියලු ජාතීහු නුඹ ආසිරිලත් අයුරින් ආසිරි පතා මට ප්‍රශංසා කරන්නෝ ය.”


ප්‍රජා මූලිකයෝ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නමින් ඔවුන්ට දිවුරුම් දී තිබුණ නිසා ඔවුන්ට පහර නොදුන්නෝ ය. සියලු සෙනඟ ප්‍රජා මූලිකයන්ට විරුද්ධ ව දොස් පැවරුවෝ ය.


අප ඔවුන්ට මෙසේ කළ යුතු ය: ඔවුන්ට ජීවත් වීමට අපි ඉඩ හරිමු. එසේ නොකළොත්, අප ඔවුන්ට දුන් දිවුරුම නිසා උදහස අප පිටට පැමිණෙනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්