Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 9:17 - Sinhala New Revised Version

17 ඉශ්රායෙල් සෙනඟ ගමන් කොට තුන් දවසකට පසු ඔවුන්ගේ නගරවලට පැමිණියෝ ය. ඒ නගර නම්: ගිබියොන්, කෙපීරා, බෙයේරොත්, කිරියත්-ජෙයාරීම් යන මේවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ඉශ්රායෙල් සෙනඟ ගමන් කොට තුන් දවසකට පසු ඔවුන්ගේ නගරවලට පැමිණියෝ ය. ඒ නගර නම්: ගිබියොන්, කෙපීරා, බෙයේරොත්, කිරියත්-ජෙයාරීම් යන මේවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කොට තුන්වෙනි දින ඔවුන්ගේ නුවරවලට පැමිණියෝය. ඔවුන්ගේ නුවරවල් නම් ගිබියොන්, කෙපීරා, බෙයේරොත්, කිරියත්-යෙයාරීම් යන මේවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 9:17
24 හුවමාරු යොමු  

සාවුල්ගේ පුත්‍රයාට කඩා වදින යුද කණ්ඩායම් භාර අධිපතියන් දෙදෙනෙක් සිටියහ; එක් කෙනෙකුගේ නම බානා ය; අනික් අයගේ නම රේකාබ් ය. මොවුහු බෙන්ජමින් ගෝත්‍රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝ ය. මන්ද, බෙයේරොත් ද බෙන්ජමින් වංශයට ඇතුළත් කර තිබිණි.


බලවන්තයන් තිස්දෙනාගෙන් එක් කෙනෙකු ව, තිස්දෙනාගේ ප්‍රධානියා ව සිටි ගිබියොන්හි ඉෂ්මයියා ය; ජෙරමියා ය; ජහසියෙල් ය; ජෝහානාන් ය; ගෙදේරාතිය ජොසාබාද් ය;


මොවුහු කාලෙබ්ගේ පුත්‍රයෝ ය. එප්‍රාතාගේ කුලුඳුලා වූ බෙන්හූර් ය; කිරියත්-ජෙයාරීම්ගේ පියා වූ ෂෝබාල්;


කිරියත්-ජෙයාරීම්ගේ පියා වූ ෂෝබාල්ට පුත්‍රයෝ සිටියෝ ය. එනම්; හාරොවේ සහ මෙනුහොත්වරුන්ගෙන් දෙකෙන් කොටසක් ය.


කිරියත්-ජෙයාරීම්ගේ පවුල් නම්: ඉත්රියවරු, පූතිවරු, ෂුමාතිවරු සහ මිෂ්රායිවරු ය; මොවුන්ගෙන් ශොරාතිවරු ද එෂ්තායෝලිවරු ද පැවත ආවෝ ය.


මන්ද, මෝසෙස් පාළුකරයේ දී සෑදූ සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයත්, දවන පූජාසනයත් ඒ කාලයෙහි ගිබියොන්හි ගිරිකුළක තිබුණේ ය.


කිරියත්-ආරිමෙත්, කෙපිරායෙත් බෙයේරොතෙත් පුත්‍රයෝ හත්සිය හතළිස්තුන්දෙනෙක් ය.


කිරියත්-ජෙයාරීම්හි ද කෙපීරාහි ද බෙයේරොත්හි ද මනුෂ්‍යයෝ හත්සිය හතළිස්තුන්දෙනෙක් ය.


“තවද, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවැස් වැකි පැවසූ කිරියත්-ජෙයාරිම්හි ෂෙමායාගේ පුත් උරියා නම් මිනිසෙක් විය. ඔහු ජෙරමියාගේ සියලු වචනවලට අනුකූල ව මේ නගරයටත්, මේ දේශයටත් විරුද්ධ ව දිවැස් වැකි කීවේ ය.


ගිබියොන් රාජකීය නගරයක් මෙන් විශාල නගරයක් ව තිබුණ නිසා ද එය ආයි නගරයටත් වඩා විශාල නිසා ද එහි වැසියන් සියලු දෙනා බලසම්පන්න නිසා ද ජෙරුසලම් වැසියෝ බියපත් වූවෝ ය.


කිරියත්-ජෙයාරීම් වන කිරියත්-බාල් ද රබ්බා ද යන නගර දෙක සහ ඒවායේ ගම් ය.


සීමාව කන්ද මුදුනේ සිට නෙප්තොවාහි දිය උල්පතට එතැනින් එප්‍රොන් කන්දේ නගර දක්වා වැටී ගියේ ය. එතැනින් කිරියත්-ජෙයාරීම් වන බාලාට ගොස්,


එතැනින් සීමාව බෙත්-හෝරොන් ඉදිරිපිට ඊට දකුණෙන් තිබෙන කන්දෙන් දකුණට බස්නාහිර පැත්තට හැරී ගොස්, ජුදාගේ පරපුරට අයිති නගරයක් වූ කිරියත්-ජෙයාරීම් වන කිරියත්-බාල්හි කෙළවර වුණේ ය. බස්නාහිර පැත්ත මේ ය.


දකුණු පැත්ත කිරියත්-ජෙයාරීම්හි කෙළවර සිට පටන්ගෙන ඒ සීමාව බස්නාහිර දෙස නෙප්තෝවාහි දිය උල්පත දක්වා විය.


ඉශ්රායෙල්වරුන් ඔවුන් සමඟ ගිවිසුමක් කර තුන් දවසකට පසු ඔවුන් තමන්ගේ අසල්වාසීන් බවත්, තමන් අතරෙහි වාසය කරන බවත් ඔවුන්ට ආරංචි වුණේ ය.


ප්‍රජා මූලිකයෝ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නමින් ඔවුන්ට දිවුරුම් දී තිබුණ නිසා ඔවුන්ට පහර නොදුන්නෝ ය. සියලු සෙනඟ ප්‍රජා මූලිකයන්ට විරුද්ධ ව දොස් පැවරුවෝ ය.


එහෙත්, ගිබියොන් වැසියන් ජෝෂුවා ජෙරිකෝවටත්, ආයි නගරයටත් කළ දේ ඇසූ විට,


ඔව්හු පිළිතුරු දෙමින් මෙසේ කී හ: “ඔබේ දාසයන් වන අපි ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ගැන අසා බොහෝ දුර රටකින් ආවෙමු. උන් වහන්සේගේ කීර්තිය ද උන් වහන්සේ මිසරයේ කළ සියල්ල ද


ඔව්හු ජුදයේ තිබෙන කිරියත්-ජෙයාරීම්හි කඳවුරු බැඳගත්තෝ ය. ඒ නිසා ඒ ස්ථානයට අද දක්වා දාන්ගේ කඳවුර යන අර්ථය ඇති මහනේ-දාන් ය යි කියති. එය පිහිටා තිබෙන්නේ කිරියත්-ජෙයාරීම්ට බටහිරෙන් ය.


ඔව්හු කිරියත්-ජෙයාරීම්හි වැසියන් වෙත දූතයන් අත පණිවුඩයක් යවමින්, “පිලිස්තිවරුන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ආපසු එවා තිබේ; අවුත් එය ගෙන යන්නැ”යි කී හ.


කිරියත්-ජෙයාරීම් වැසියෝ අවුත්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රැගෙන, කන්ද පිට පිහිටි අබිනාදාබ්ගේ ගෙට ගෙන ගොස්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රක්ෂා කරන පිණිස එලෙයාසර් භාරකරු ලෙස පත් කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්