ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 10:6 - Sinhala New Revised Version

එවිට ගිබියොන්හි සෙනඟ කතා කොට, “ඔබේ දාසයන් අත් නොහළ මැනව; අප වෙත ඉක්මනින් අවුත්, අප ගළවා අපට උපකාර කළ මැනව. මන්ද, කඳුකරයේ වසන අමෝරිවරුන්ගේ සියලු රජවරු අපට විරුද්ධ ව එකතු වී සිටිති”යි ගිල්ගාල්හි කඳවුරේ සිටි ජෝෂුවාට දන්වා යැවූ හ:

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට ගිබියොන්හි සෙනඟ කතා කොට, “ඔබේ දාසයන් අත් නොහළ මැනව; අප වෙත ඉක්මනින් අවුත්, අප ගළවා අපට උපකාර කළ මැනව. මන්ද, කඳුකරයේ වසන අමෝරිවරුන්ගේ සියලු රජවරු අපට විරුද්ධ ව එකතු වී සිටිති”යි ගිල්ගාල්හි කඳවුරේ සිටි ජෝෂුවාට දන්වා යැවූ හ:

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට ගිබියොන් හි මනුෂ්‍යයෝ: ඔබගේ දාසයන් අත්නෑර අප වෙතට ඉක්මනින් අවුත් අප ගළවා අපට උපකාරකළ මැනවි. මක්නිසාද කඳු රටේ වසන අමෝරිවරුන්ගේ සියලු රජවරු අපට විරුද්ධව එකතුවී සිටිතියි ගිල්ගාල්හි කඳවුරේ සිටි යෝෂුවාට කියා යැවූහ.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 10:6
14 හුවමාරු යොමු  

ඈ, “ඒකට කමක් නැත” කියා කොටළු දෙන සූදානම් කරගෙන ඇගේ වැඩකාරයාට කතා කොට, “කොටළු දෙන දක්කාගෙන යන්න; මා ඔබට කියන තෙක් දැක්කීමේ වේගය අඩු නොකරන්නැ”යි කීවා ය.


ජෙරුසලම සිසාරා කඳු වැටි ඇත්තාක් මෙන් සමිඳාණෝ සිය සෙනඟ සිසාරා දැනටත්, සදහටත් වැඩ සිටින සේක.


ඒ නැව්වල ආම්පන්නවලින් වැඩක් නැත.


අමලෙක්වරු රටේ දකුණු දිශාවේ වාසය කරති, හිත්තීවරු සහ ජෙබුසිවරු, අමෝරිවරු කඳුකරයේ වාසය කරති; කානානිවරු මුහුදුබඩ ද ජොර්දාන් ගඟ අසබඩ ද වාසය කරති”යි කී හ.


දින ගණනකට පසු මරිය තුමී නැඟිට ජුදා කඳුකරයෙහි නුවරකට යුහු ව ගොස්,


එවිට මම ඔබේ ගෝත්‍ර නායකයන් අතර නැණවත්, කාරණා කාරණා දන්න අයවලුන් ඔබ හැමගේ ප්‍රධානීන් වශයෙන් පත් කෙළෙමි; සමහරෙක් සහශ්‍රාධිපතීහු ද සමහරෙක් ශතාධිපතීහු ද සමහරෙක් පණසාධිපතීහු ද තවත් සමහරෙක් දශාධිපතීහු ද වූ හ. තවද, ගෝත්‍රයක් පාසා නිලධාරීන් ද පත් කෙළෙමි.


එබැවින් අමෝරිවරුන්ගේ රජවරුන් පස්දෙන, එනම්, ජෙරුසලමේ රජ ද හෙබ්‍රොන් රජ ද ජර්මුත්හි රජ ද ලාකීෂ්හි රජ ද එග්ලොන්හි රජ ද එකතු වී, ඔව්හු ද ඔවුන්ගේ සියලු සේනාවෝ ද ගොස්, ගිබියොන් ඉදිරියෙහි කඳවුරු බැඳ, ඊට විරුද්ධ ව යුද්ධ කළෝ ය.


එවිට ජෝෂුවා මුළු යුද්ධ හමුදාව ද බලසම්පන්න වීරයන් ද සමඟ ගිල්ගාල් කෙරෙන් නැඟී ගියේ ය.


ජුදා කඳු රටේ තිබෙන හෙබ්‍රොන් නම් කිරියත්-අර්බා ද ඒ අවට තිබෙන තණ බිම් ද ඔවුන්ට දෙන ලදී. අර්බා වනාහි ආනාක්ගේ පියා ය.


ඉශ්රායෙල් ජනයා ගිල්ගාල්හි කඳවුරු බැඳ, මාසයේ දස සතර වන දින සවස ජෙරිකෝවේ මිටියාවතේ දී පාස්කු මංගල්‍යය පැවැත්වූ හ.


ජෝෂුවා ඔවුන් සමඟ සාමය ඇති කරගෙන, ඔවුන්ට ජීවත් වන්නට ඉඩ දෙන හැටියට ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේ ය. ඉශ්රායෙල් ජනයන්ගේ ප්‍රජා මූලිකයෝ ද ඔවුන්ට දිවුරුම් දුන්නෝ ය.


මෙසේ ඔව්හු ගිල්ගාල්හි කඳවුරේ සිටි ජෝෂුවා වෙත ගොස්, ඔහුටත්, ඉශ්රායෙල් සෙනඟටත් කතා කොට, “අපි දුර රටකින් ආවෙමු; එබැවින් අප සමඟ ගිවිසුමක් කළ මැනවැ”යි කීවෝ ය.


ඔව්හු ජෝෂුවාට කතා කරමින්, “අපි ඔබ වහන්සේගේ දාසයෝ වමු”යි ඔහුට කී හ. ජෝෂුවා ද, “ඔබ කවරහු ද? කොතැනින් ආවහු දැ”යි ඔවුන්ගෙන් ඇසුවේ ය.