Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 10:6 - Sinhala Revised Old Version

6 එවිට ගිබියොන් හි මනුෂ්‍යයෝ: ඔබගේ දාසයන් අත්නෑර අප වෙතට ඉක්මනින් අවුත් අප ගළවා අපට උපකාරකළ මැනවි. මක්නිසාද කඳු රටේ වසන අමෝරිවරුන්ගේ සියලු රජවරු අපට විරුද්ධව එකතුවී සිටිතියි ගිල්ගාල්හි කඳවුරේ සිටි යෝෂුවාට කියා යැවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එවිට ගිබියොන්හි සෙනඟ කතා කොට, “ඔබේ දාසයන් අත් නොහළ මැනව; අප වෙත ඉක්මනින් අවුත්, අප ගළවා අපට උපකාර කළ මැනව. මන්ද, කඳුකරයේ වසන අමෝරිවරුන්ගේ සියලු රජවරු අපට විරුද්ධ ව එකතු වී සිටිති”යි ගිල්ගාල්හි කඳවුරේ සිටි ජෝෂුවාට දන්වා යැවූ හ:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 එවිට ගිබියොන්හි සෙනඟ කතා කොට, “ඔබේ දාසයන් අත් නොහළ මැනව; අප වෙත ඉක්මනින් අවුත්, අප ගළවා අපට උපකාර කළ මැනව. මන්ද, කඳුකරයේ වසන අමෝරිවරුන්ගේ සියලු රජවරු අපට විරුද්ධ ව එකතු වී සිටිති”යි ගිල්ගාල්හි කඳවුරේ සිටි ජෝෂුවාට දන්වා යැවූ හ:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 10:6
14 හුවමාරු යොමු  

ඔව්හු ගිල්ගාල්හි කඳවුරේ සිටි යෝෂුවා වෙතට ගොස් ඔහුටත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ටත් කථාකොට: අපි දුර රටකින් ආවෙමුව. එබැවින් අප සමඟ ගිවිසුමක් කළමැනවියි කීවෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිල්ගාල්හි කඳවුරු බැඳගෙන මාසේ දසසතරවෙනි දා සවස යෙරිකෝවේ සමභූමිවලදී පාස්කුව පැවැත්තුවෝය.


ඒ දවස්වලදී මරියා නැගිට කඳු රට කරා, යුදයේ නුවරකට, වහාම ගොස්,


මක්නිසාද ස්වාමීන්වහන්සේම අපේ විනිශ්චයකාරයාණෝය, ස්වාමීන්වහන්සේ අපේ නීතිදායකයාණෝය, ස්වාමීන්වහන්සේ අපේ රජ්ජුරුවෝය; උන්වහන්සේම අප ගළවනසේක.


යෙරුසලම හාත්පස කඳු තිබෙන්නාක්මෙන්, දැන් පටන් සදාකල්ම, ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනඟ හාත්පසින් සිටිනසේක.


කොටළුදෙන සූදානම්කර ඇගේ වැඩකාරයාට කථාකොට: දක්කාගෙන යන්න; මා නුඹට නොකියා, මා නිසා නුඹේ දැක්කීම බාල නොකරන්නැයි කීවාය.


ඔව්හු යූදා කඳු රටේ තිබෙන හෙබ්‍රොන් නම් කිරියත්-අර්බාද ඒ අවට තිබෙන එහි පිට-බිම්ද ඔවුන්ට දුන්නෝය. අර්බා වනාහි අනාක්ගේ පියාය.


යෝෂුවා ඔවුන් සමඟ සමාදානවී, ඔවුන්ගේ ප්‍රාණ ඉතුරුකරන හැටියට ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය. සභාවේ අධිපතීහුද ඔවුන්ට දිවුරුම් දුන්නෝය.


එහෙයින් මම ප්‍රඥාවන්තවූ අඳුනන්නාවූ මනුෂ්‍යයන් වන නුඹලාගේ ගෝත්‍රවල ප්‍රධානීන් ගෙන සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද නුඹලාගේ ගෝත්‍රවලට මුලාදෑනීන්ද වශයෙන් ඔවුන් නුඹලා කෙරෙහි ප්‍රධානීන් කොට පත්කෙළෙමි.


අමලෙක්වරු දකුණු දිසාවේ රටෙහි වාසය කරති. හිත්තීවරුත් යෙබූසිවරුත් අමෝරිවරුත් කඳුකරයෙහි වාසයකරති. කානානිවරු මුහුද බඩද යොර්දාන් අසබඩද වාසයකරතියි කීවෝය.


එබැවින් අමෝරිවරුන්ගේ රජවරු පස්දෙන එනම් යෙරුසලමේ රජද හෙබ්‍රොන්හි රජද යර්මුත්හි රජද ලාකීෂ්හි රජද එග්ලොන්හි රජද එකතුව ඔව්හුද ඔවුන්ගේ සියලු සේනාවෝද ගොස් ගිබියොන් ඉදිරියේ කඳවුරු බැඳ ඊට විරුද්ධව යුද්ධ කළෝය.


එවිට යෝෂුවා මුළු යුද්ධ හමුදාවද සියලු බලවන්ත යුද්ධකාරයන්ද සමඟ ගිල්ගාල් කෙරෙන් නැගී ගියේය.


ඔව්හු: අපි නුඹවහන්සේගේ දාසයෝයයි යෝෂුවාට කීවෝය. යෝෂුවාද: නුඹලා කවුරුද? කොතැනින් ආවහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්