Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 9:8 - Sinhala New Revised Version

8 ඔව්හු ජෝෂුවාට කතා කරමින්, “අපි ඔබ වහන්සේගේ දාසයෝ වමු”යි ඔහුට කී හ. ජෝෂුවා ද, “ඔබ කවරහු ද? කොතැනින් ආවහු දැ”යි ඔවුන්ගෙන් ඇසුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඔව්හු ජෝෂුවාට කතා කරමින්, “අපි ඔබ වහන්සේගේ දාසයෝ වමු”යි ඔහුට කී හ. ජෝෂුවා ද, “ඔබ කවරහු ද? කොතැනින් ආවහු දැ”යි ඔවුන්ගෙන් ඇසුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඔව්හු: අපි නුඹවහන්සේගේ දාසයෝයයි යෝෂුවාට කීවෝය. යෝෂුවාද: නුඹලා කවුරුද? කොතැනින් ආවහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 9:8
9 හුවමාරු යොමු  

එවිට මාලිගාවේ ප්‍රධානියා ද නගරාධිපතියා ද ප්‍රජා මූලිකයෝ ද රාජ කුමාරයන් ඇතිදැඩි කළ අය ද ජේහු වෙත පණිවුඩයක් යවමින්, “අපි ඔබේ මෙහෙකරුවෝ ය, ඔබ අපට අණ කරන සියල්ල කරන්නෙමු‍; කිසිවෙකු රජ කර නොගන්නෙමු‍. ඔබට යහපත් ව පෙනෙන හැටියට කළ මැනවැ”යි කී හ.


ඒ නුවර වාසීහු ද සාමදානයට කැමැති ව, එහි දොරටු විවෘත කරත් නම්, එහි සිටින සියල්ලන් ම වහලුන් මෙන් ඔබට වහල් සේවය ඉටු කළ යුතු ය.


එවිට ගිබියොන්හි සෙනඟ කතා කොට, “ඔබේ දාසයන් අත් නොහළ මැනව; අප වෙත ඉක්මනින් අවුත්, අප ගළවා අපට උපකාර කළ මැනව. මන්ද, කඳුකරයේ වසන අමෝරිවරුන්ගේ සියලු රජවරු අපට විරුද්ධ ව එකතු වී සිටිති”යි ගිල්ගාල්හි කඳවුරේ සිටි ජෝෂුවාට දන්වා යැවූ හ:


එබැවින් අපේ ප්‍රජා මූලිකයෝ ද අපේ රට වැසි සියල්ලෝ ද අපට කතා කොට, ‘ඔබේ ගමනට ආහාර රැගෙන, ඔවුන් හමු වන්නට ගොස් ඔවුන්ට කතා කොට, අපි ඔබ හැමගේ දාසයෝ වමු. අප සමඟ ගිවිසුමක් කළ මැනව යි ඔවුන්ට කියන්නැ’යි අපට කී හ.


මෙසේ කළ නිසා ඔබ සාප ලද්දහු ය. ඔබ අතරෙන් සමහරෙකු මාගේ දෙවියන් වහන්සේගේ ගෘහයට දර කපන්නන් ද දිය අදින්නන් ද වශයෙන් සෑම කල්හි ම ඔබ සපයනු ඇතැ”යි කීවේ ය.


අහෝ! අපි දැන් ඔබ අතේ ය: ඔබට හරි යයි ද සාධාරණ යයි ද දැනෙන හැටියට අපට කළ මැනවැ”යි කී හ.


ජෝෂුවා ඒ දවසේ, ඔවුන් තම සෙනඟටත්, සමිඳාණන් වහන්සේගේ පූජාසනයටත් දර කපන්නන් ද දිය අදින්නන් ද කෙළේ ය. සමිඳාණන් වහන්සේ සිය පූජාසනය සඳහා තෝරාගන්න ස්ථානයේ දී ඔව්හු අද දක්වා ම එසේ කරති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්