Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 21:11 - Sinhala New Revised Version

11 ජුදා කඳු රටේ තිබෙන හෙබ්‍රොන් නම් කිරියත්-අර්බා ද ඒ අවට තිබෙන තණ බිම් ද ඔවුන්ට දෙන ලදී. අර්බා වනාහි ආනාක්ගේ පියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ජුදා කඳු රටේ තිබෙන හෙබ්‍රොන් නම් කිරියත්-අර්බා ද ඒ අවට තිබෙන තණ බිම් ද ඔවුන්ට දෙන ලදී. අර්බා වනාහි ආනාක්ගේ පියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 ඔව්හු යූදා කඳු රටේ තිබෙන හෙබ්‍රොන් නම් කිරියත්-අර්බාද ඒ අවට තිබෙන එහි පිට-බිම්ද ඔවුන්ට දුන්නෝය. අර්බා වනාහි අනාක්ගේ පියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 21:11
15 හුවමාරු යොමු  

කානාන් දේශයේ හෙබ්‍රොන් හෙවත් කිර්යත්-අර්බාහි දී මියගියා ය. ආබ්‍රහම් ඈ ගැන හඬා වැලපුණේ ය.


ජාකොබ් ද ආබ්‍රහම් සහ ඊසාක් තාවකාලික ව පදිංචි වූ ආලෝන අරඹ හෙවත් කිර්යත්-අර්බා හෙවත් හෙබ්‍රොන් නම් ස්ථානයේ ඊසාක් වෙත පැමිණියේ ය.


තවද, සතර අවුරුද්දකට පසු අබ්සලොම්, රජුට කතා කොට, “මා සමිඳාණන් වහන්සේට වුණ බාරය හෙබ්‍රොන්හි දී ඉෂ්ට කරන පිණිස මට යන්නට අවසර දුන මැනව.


ජුදා දේශයෙහි වූ හෙබ්‍රොන් සහ ඒ වටකරින් වූ එහි තණ බිම් ද ඔවුන්ට දෙන ලද්දේ ය.


දින ගණනකට පසු මරිය තුමී නැඟිට ජුදා කඳුකරයෙහි නුවරකට යුහු ව ගොස්,


මීට පළමුවෙන් හෙබ්‍රොන් නගරයේ නම කිරියත්-අර්බා ය. අර්බා වනාහි අනාක්වරුන් අතර සිටි ඉතා ශ්‍රේෂ්ඨ තැනැත්තා ය. යුද්ධයෙන් තොර ව රටේ සාමදානය ඇති විය.


හුම්තා ද හෙබ්‍රොන් නම් වූ කිරියත්-අර්බා ද ශීයෝර් ද යන නගර නවය ද ඒවායේ ගම් ද යන මේවා ය.


ලෙවී ගෝත්‍රයේ වූ කොහාත්වරුන්ගේ පවුල්වලට අයිති ආරොන්ගේ පුත්‍රයන්ට ය. මන්ද, පළමු වන පස ඇට ලැබුණේ ඔවුන්ට ය.


එහෙත්, නගරයේ කෙත් ද එහි ගම් ද ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට දී තිබුණේ ය.


එසේ ජුදා සෙනඟ කලින් කිරියත්-අර්බා යන නම තිබූ හෙබ්‍රොන්හි වාසය කළ කානානිවරුන්ට විරුද්ධ ව ගොස්, ෂේෂයිට ද අහීමාන්ට ද තල්මයිට ද පහර දුන්නෝ ය.


හෙබ්‍රොන්හි ද දාවිත් සහ ඔහුගේ සෙනඟ ගැවසුණ සියලු තැන්හි ද සිටි ප්‍රජා මූලිකයන් වෙත ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්