සමිඳාණන් වහන්සේ ද, “නුඹ කළ මේ දේ කුමක් ද? බලන්න, නුඹේ සහෝදරයාගේ ලේ පොළොවෙන් මට මොරගසයි.
යෙසායා 5:7 - Sinhala New Revised Version සව් බලැති සමිඳුන්ගේ මිදි වත්ත නම්, ඉශ්රායෙල් වංශය ය. එතුමාණන් ප්‍රිය කළ මිදි වැල් නම්, ජුදාහි සෙනඟ ය. ඔවුන් යුක්තිය ඉටු කරනු ඇතැ යි එතුමන් බලා සිටි නමුත්, ඔවුන් කෙළේ මිනී මැරීම ය; ඔවුන් දැහැමිකම් කරනු ඇතැ යි එතුමන් බලා සිටි නමුත්, ඇති වූයේ විලාප නැඟීම ය. Sinhala New Revised Version 2018 සව් බලැති සමිඳුන්ගේ මිදි වත්ත නම්, ඉශ්රායෙල් වංශය ය. එතුමාණන් ප්‍රිය කළ මිදි වැල් නම්, ජුදාහි සෙනඟ ය. ඔවුන් යුක්තිය ඉටු කරනු ඇතැ යි එතුමන් බලා සිටි නමුත්, ඔවුන් කෙළේ මිනී මැරීම ය; ඔවුන් දැහැමිකම් කරනු ඇතැ යි එතුමන් බලා සිටි නමුත්, ඇති වූයේ විලාප නැඟීම ය. Sinhala Revised Old Version මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේගේ මිදිවත්ත නම් ඉශ්‍රායෙල් වංශයය, උන්වහන්සේගේ ප්‍රිය පැළෑටිය නම් යූදා මනුෂ්‍යයෝය. උන්වහන්සේ යුක්තිය දකින්ට බලාසිටිනසේක, නුමුත් තිබුණේ අයුක්තියය; ධර්මිෂ්ඨකම දකින්ට බලාසිටිනසේක, නුමුත් තිබුණේ විලාපයය. |
සමිඳාණන් වහන්සේ ද, “නුඹ කළ මේ දේ කුමක් ද? බලන්න, නුඹේ සහෝදරයාගේ ලේ පොළොවෙන් මට මොරගසයි.
මාගේ සෙනඟ වන ඉශ්රායෙල් ඔවුන්ට ම හිමි ස්ථානයෙහි වාසය කරමින්, තවත් බැහැර කරනු නොලබන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියම කොට ඔවුන් ස්ථිර කොට පිහිටුවන්නෙමි. දුෂ්ටයෝ පෙර කළා සේ තවත් ඔවුන්ට හිරිහැර නොකරන්නාහ.
ඔව්හු දිළිඳුන්ගේ මොරගැසීම එතුමාණන් වෙත නැඟී එන්නට සැලැස්වූ හ, දුගී ජනයාගේ අයැදුමට එතුමාණෝ සවන් දුන් සේක.
එහෙත් සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට, තමන්ගේ ප්‍රේමය පතන්නන්ට, ප්‍රසන්න වන සේක.
සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “මිසරයේ සිටින මාගේ සෙනඟගේ දුඃඛිත තත්ත්වය මම දිටිමි. ඔවුන්ගේ විධායකයන්ට විරුද්ධ ව නඟින මොරගැසීමට මම සවන් දුනිමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් දනිමි.
මේ මහ පොළොවෙහි කෙරෙන සියලු අයුක්තිය දෙස බැලූ විට පීඩා ලබන්නන්ගේ කඳුළු මම දිටිමි; ඔවුන්ට සනසන්නෙක් ද නො වී ය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේ ය. එහෙත්, සනසන්නෙක් නො වී ය.
අහෝ, විශ්වාසවන්ත ව සිටි නුවර දැන් වෙසඟනක වී සිටින හැටි! එදා එහි සිටියෝ යුක්තිය ඉටුකළ දැහැමියෝ ය; අද සිටින්නෝ මිනීමරුවෝ ය.
හිස් මුදුන සිට යටි පතුල දක්වා කිසිම නිරෝගී තැනක් ඔබට නැත. තුවාළවලින් ද තැළීම්වලින් ද පැසවන වණවලින් ද ඔබේ සිරුර පිරී ඇත. ඔබේ තුවාළ සෝදා බැඳ නැත; ඒවාට බෙහෙත් තෙල් දමා නැත.
සමිඳාණෝ ප්‍රජා මූලිකයන් ද නායකයන් ද විනිශ්චය කරන්න පැමිණෙන සේක. එතුමාණෝ මෙසේ පැමිණිලි කරන සේක: “නුඹලා මිදි වතු සූරා කා දුප්පතුන්ගෙන් කොල්ලකාගත් දෙයින් නුඹලාගේ ගෙවල් පුරවාගන්නහු ය.
මාගේ සෙනඟ පාගාදමන්නත්, දුප්පතුන්ට අසාධාරණ දේ කරන්නත් නුඹලාට යුතු නැත. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වන මම ය.”
එහෙත්, ඉශ්රායෙල්හි සුවිශුද්ධ දෙවිඳුන් වදාරන දේ මෙසේ ය: “නුඹලා මා කියන දේ නොසලකා බලහත්කාරයත්, වංචාවත් කෙරෙහි විශ්වාසය තබන්නහු ය.
ඔහු බිම හාරා ගල් ඉවත්කර, ඉතා හොඳ මිදි වැල් පැළකර, ඒ මැද මුරකොටුවක් ගොඩ නඟා, මිදියුසට තටාකයක් සාදා, හොඳ මිදි පල ලබන්න බලා සිටියේ ය. අහෝ! එහෙත්, එහි හටගත්තේ වල් මිදි පමණකි.
අපි ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබ ප්‍රතික්ෂේප කර අපේ දෙවිඳුන්ගේ මාර්ගයෙන් හැරී ගියෙමු. අපි අනුන්ට පීඩා කර ඔබට විරුද්ධ ව කැරලි ගැසීමු. අපේ සිතුවිලි වංක ය; අපේ වචන බොරු ය.
යුක්තිය බැහැර කොට ඇත; දැහැමිකම දුරින් දුරු වී ඇත. සත්‍යය ප්‍රසිද්ධ තැන්වල වැටී බිඳී ඇත. ඇත්තට තැනක් නැත.
යුක්ති සහගත නඩු කියන, අවංක සිතින් උසාවියට යන කෙනෙක් නැත. ඔව්හු නිරර්ථක පැමිණිලි විශ්වාස කොට බොරු කියන්නෝ ය. නපුර පිළිසිඳගෙන අයුක්තිය බිහි කරන්නෝ ය. පොළොං බිජු රකින සේ,
තරුණයෙකු කන්‍යාවක සරණ කොට ගන්න සේ නුඹේ පුත්‍රයෝ නුඹ සරණ කොට ගන්නෝ ය. මනාලයා මනාලිය කෙරෙහි ප්‍රීති වන්නාක් මෙන් නුඹේ දෙවිඳාණෝ නුඹ ගැන ප්‍රීති ප්‍රමෝද වන සේක.
එඬේරු බොහෝ දෙනෙක් මාගේ මිදි වත්ත නාස්ති කළෝ ය; මාගේ කෙත් පාගාදැමුවෝ ය; මාගේ ප්‍රියංකර දේශය පාළුකරයක් කළෝ ය.
එක කූඩයක කලින් ඉදෙන, හොඳ අත්තික්කා පල තිබුණේ ය. අනික් කූඩයේ කන්නට බැරි තරම් ඉතා නරක අත්තික්කා තිබුණේ ය.
බබිලෝනියේ වැටීමේ ශබ්දයට පොළොව කම්පා වනු ඇත. ඔවුන්ගේ කෑගැසීමේ හඬ අවට ජාතීන් අතරේ ඇසෙන්නේ ය.”
දේශයේ සෙනඟ බලහත්කාරකම් කොට කොල්ලකෑහ; අසරණයාට ද දිළින්දාට ද පීඩා කළහ; අයුතු ලෙස විදේශිකයාට බලහත්කාරකම් කළහ.
ඉශ්රායෙල් සෙනඟ බොහෝ පල දරන සරු මිදි වැලක් මෙන් වූ හ. ඔවුන්ගේ පල වැඩි වන්න වැඩි වන්න ඔව්හු වැඩි වැඩියෙන් පූජාසන සාදාගත්හ. ඔවුන්ගේ දේශය වර්ධනය වූ පමණට ඔව්හු පූජනීය රූපස්ථම්භ වැඩි කරගත්හ.
එම්බා මනුෂ්‍යය! යහපත් දේ කුමක් දැ යි සමිඳාණන් ඔබට පෙන්වා දී ඇත. එතුමාණන් ඔබෙන් ඉල්ලන්නේ කුමක් ද? යුක්තිය ඉටු කිරීමත්, දයා පෙම දැක්වීමත්, යටහත් ලෙස ඔබේ සමිඳුන් සමඟ හැසිරීමත් පමණකි.
තාඩන පීඩන හා බලහත්කාරය මා අවටින් ඇත. කලකෝලාහල හා අඬදබර හැම තැන ම ඇත. මෙවැනි හිරිහැර හා නපුරුකම් මට බලා සිටින්නට ඔබ වහන්සේ සලසා ඇත්තේ මන් ද?
ඔබේ දෙවි සමිඳාණෝ ඔබ සමඟ ය; ඔබට ජය අත් කර දෙන සෙබළාණෝ ය. එතුමාණෝ ඔබ ගැන ප්‍රිය මනාප වන සේක; සිය පෙමින් ඔබට නව ජීවනයක් දෙන සේක; ඔබ ගැන සොම්නස් සිතින් ගී ගයන සේක;
“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ සුවඳතලා, ශතපුෂ්ප, සුදුදුරු යන මෙයින් දසයෙන් කොටස දෙන්නහු ය. එහෙත්, යුක්තිය ද දයාව ද ඇදහිල්ල ද යන ව්‍යවස්ථාවලියේ වඩා බරපතල කාරණා ඔබ පැහැර හරින්නහු ය. ඒවාත් පැහැර නොහැර, මේවාත් පිළිපැදිය යුතු ව තිබිණි.
දෙවියන් වහන්සේත්, දිවා රෑ දෙක්හි තමන් හට අයැදින, තමන් තෝරාගත් අය ගැන යුක්තිය ඉටු නොකරන සේක් ද? උන් වහන්සේ ඔවුන් ගැන බොහෝ නොඉවසන සේක් ද?
උන් වහන්සේ, මා තුළ ඇති, පල නොදරන සියලු අතු කපා හරින සේක. පල දරන සියලු අතු, වඩා පල දරන පිණිස පාහින සේක.
‘ණයෙන් මිදෙන අවුරුද්ද වන හත් වන අවුරුද්ද ආසන්න ය’යි යන දුෂ්ට හිතකට ඉඩ නොදෙන්න. ඔබේ දිළිඳු සහෝදරයා දෙස නපුරු ඇසකින් බලා, ඔහුට කිසිත් නුදුන් පසු ඔහු ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේට මොරගැසුවොත්, එය ඔබට පාපයක් වනු ඇත.
බලන්න, ඔබගේ කෙත් වතුවල අස්වැන්න නෙළූ ගොවීන්ට නොගෙවා ඔබ වංචා කරගත් ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධ ව මොරගසයි. ගොවීන්ගේ මොරගැසීම සේනාවල සමිඳාණන් වහන්සේගේ කන්වල වැටෙන්නේ ය.