Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙසායා 3:14 - Sinhala New Revised Version

14 සමිඳාණෝ ප්‍රජා මූලිකයන් ද නායකයන් ද විනිශ්චය කරන්න පැමිණෙන සේක. එතුමාණෝ මෙසේ පැමිණිලි කරන සේක: “නුඹලා මිදි වතු සූරා කා දුප්පතුන්ගෙන් කොල්ලකාගත් දෙයින් නුඹලාගේ ගෙවල් පුරවාගන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 සමිඳාණෝ ප්‍රජා මූලිකයන් ද නායකයන් ද විනිශ්චය කරන්න පැමිණෙන සේක. එතුමාණෝ මෙසේ පැමිණිලි කරන සේක: “නුඹලා මිදි වතු සූරා කා දුප්පතුන්ගෙන් කොල්ලකාගත් දෙයින් නුඹලාගේ ගෙවල් පුරවාගන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ වැඩිමහල්ලන්ද ඔවුන්ගේ අධිපතීන්ද විනිශ්චයකිරීමට පැමිණෙනසේක. මිදිවත්ත කාදැමුවේ නුඹලාය; අසරණයන්ගෙන් ගත් කොල්ලය නුඹලාගේ ගෙවල තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 3:14
34 හුවමාරු යොමු  

එතුමාණන් ඔබට තරවටු කර, ඔබ විනිශ්චයට ගෙන එන්නේ ඔබේ දේව ගරුබිය නිසා නොවන්නේ ය.


මිනීමරුවා අලුයමින් නැඟිට දිළිඳුන් හා අසරණයන් මැරීමට යයි; රාත්‍රියේ දී සොරකමට යයි.


දුදනෝ මවු ළයෙන් අනාථ දරුවන් උදුරාගනිති. දිළිඳුන්ගේ දූ දරුවන් ඇප වෙනුවට තබාගනිති.


නඩු විනිශ්චය සඳහා මිනිසෙකු දෙවි තුමන් වෙත පමුණුවනු වස් නියමිත දිනයක් නැත.


ගුහාවේ නිදන සිහ රදකු මෙන් ඔහු ගොදුරු සොයා රහස් තැනක ලැග ඇත; දිළිඳු දනන් ඩැහැගනු ඇත; මරු දැල දා ඇදගනු ඇත.


කෑම කන්නාක් මෙන් මාගේ සෙනඟ කා දමන, මා හට අයැදුම් නොකරන, අදමිටු මේ අයට සිහි නුවණ නැද් ද?


ඔබේ දාසයා විනිශ්චයට ගෙන නොගිය මැනව. ඔබ අබිමුව නිදොස් කෙනෙක් මෙදියත නැත.


මිහි පිට දිළිඳුන් ද ජනතාව අතරෙන් දුගීන් ද ගිලදැමීමට, කඩුපත් වැනි දත් හා පිහියා වැනි හකු ද ඇති මිනිසුන් ඇත.


මාගේ සෙනඟ පීඩනයට පමුණුවන නියමයන් නිකුත් කරන පිණිස අයුතු නීති පනවන නුඹලාට වන විපතක මහත!


එසේ කිරීමෙන් නුඹලා දුප්පතුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ද යුක්තිය ද ලබාගැනීමට ඉඩ නොදෙන්නහු ය. වැන්දඹුවන්ගේත්, අනාථයන්ගේත් දේපළ පැහැරගන්නහු ය.


එතුමාණෝ යුක්ති සහගත ලෙස දුප්පතුන් විනිශ්චය කොට, යටහත් පහත් අයට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන සේක. එතුමාණෝ තමන්ගේ ආඥා යෂ්ටියෙන් දේශයට පහර දෙන සේක. වචනයකින් දුෂ්ටයෝ මිය යන්නෝ ය.


සමිඳුන් තමන් සෙනඟ අතරෙන් දුප්පත් අය පෝෂණය කොට, ඔවුන්ට සුරැකි ව ජීවත් වීමට සලසන සේක. එහෙත්, පිලිස්තිවරුන් වන නුඹලාගෙන් එකෙකු වත් ඉතිරි නොවන සේ එතුමාණෝ නුඹලා පිට භයානක සාගතයක් එවන සේක.


පීඩිත වූවෝ ඒ මත දැන් ඇවිදිති. ඔවුන්ගේ පාදවලින් ඔව්හු ඒවා පාගාදමති.


දුප්පත් සහ යටහත් පහත් අය ඉශ්රායෙල්හි ස්වාමීන් වන ශුද්ධ තැනැන් වහන්සේ දෙන ප්‍රීතිය නැවත ලබන්නෝ ය.


එහෙත්, ඉශ්රායෙල්හි සුවිශුද්ධ දෙවිඳුන් වදාරන දේ මෙසේ ය: “නුඹලා මා කියන දේ නොසලකා බලහත්කාරයත්, වංචාවත් කෙරෙහි විශ්වාසය තබන්නහු ය.


සව් බලැති සමිඳුන්ගේ මිදි වත්ත නම්, ඉශ්රායෙල් වංශය ය. එතුමාණන් ප්‍රිය කළ මිදි වැල් නම්, ජුදාහි සෙනඟ ය. ඔවුන් යුක්තිය ඉටු කරනු ඇතැ යි එතුමන් බලා සිටි නමුත්, ඔවුන් කෙළේ මිනී මැරීම ය; ඔවුන් දැහැමිකම් කරනු ඇතැ යි එතුමන් බලා සිටි නමුත්, ඇති වූයේ විලාප නැඟීම ය.


නුඹලා උපවාසයේ යෙදී සිටින අතර, විවාදයටත්, තරඟයටත්, දුෂ්ට පහර දීමටත් පෙළඹෙන්නහු ය. මෙලෙස මෙදින උපවාස කිරීමෙන් නුඹලාගේ යැදුම් සගයට නොනැඟේ.


එඬේරු බොහෝ දෙනෙක් මාගේ මිදි වත්ත නාස්ති කළෝ ය; මාගේ කෙත් පාගාදැමුවෝ ය; මාගේ ප්‍රියංකර දේශය පාළුකරයක් කළෝ ය.


පක්ෂීන්ගෙන් පිරී තිබෙන කූඩුවක් මෙන් ඔවුන්ගේ ගෙවල් කොල්ලකෑ දෙයින් පිරී තිබේ. ඒ නිසා ඔව්හු බලවත් වී, පොහොසත් වී සිටිති.


අසරණයාට ද දිළින්දාට ද පීඩා කොට කොල්ලකන්නේ ය; ණයට ගත් තැනැත්තාගේ උකස ආපසු නොදෙන්නේ ය; දේව රූප දෙසට නෙත් යොමා,


‘ජන හීන මරුකතරකට’ නුඹලා ගෙනවුත්, එහි දී මුහුණට මුහුණ ලා නුඹලා විනිශ්චයට පමුණුවන්නෙමි.


මිසර දේශයේ පාළුකරයේ දී මම නුඹලාගේ පියවරුන් විනිශ්චය කළාක් මෙන් නුඹලා ද විනිශ්චයට පමුණුවන්නෙමි”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.


එබැවින් නුඹලා තවත් ඉශ්රායෙල් ජාතිකයෙකුට යමක් විකුණන විට හෝ ඔහුගෙන් යමක් මිලට ගන්න විට හෝ ඔහු සමඟ අසාධාරණ ලෙස ක්‍රියා නොකළ යුතු ය.


එබැවින් නුඹලා එකිනෙකාට වංචා නොකළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පාන්න. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.”


දුබලුන් පොළොවේ ධූලි මත පාගා, අහිංසකයන් අහකට නෙරපාදමති. පියාත් පුතාත් දෙදෙන ම, එක ම දේවාල ගණිකාවන් සේවනය කර මාගේ ශුද්ධ නාමය කෙලෙසති;


සමාරිය කඳුකරේ සිටින තරබාරු එළදෙනුනි; දිළිඳුන් තළා පෙළා, අසරණයින්ට පීඩා කරන, ‘බොන්නට දෙයක් දෙන්න’ කියා සැමියන්ට අණ කරන ඔබ හැම මෙයට සවන් දෙන්න.


සිය යහන්වල වැතිර, නපුරු උපා හිතන මතන අයට වන විපතක මහත! පහන් වූ විට ඔවුන්ගේ අතේ බලය නිසා ඔව්හු ඒවා කරති.


ඔව්හු තමන් ආසා කළ කෙත් බලහත්කාරයෙන් ගනිති; ගෙවල් ද පැහැර ගනිති. ඔව්හු මිනිසුන් සහ ගේදොර ද දේපළ ද සොරාගනිති.


නුඹලා මාගේ සෙනඟ කා දමන්නහු ය. ඔවුන් හමගසා, ඇටකටු පොඩිකර ඇතිලියක සහ මුට්ටියක දැමීමට මස් මෙන් පෙති ගසන්නහු ය.


දුදනන්ගේ නිවෙස්වල ඔවුන් වංචාවෙන් ලබාගත් වස්තුව ඇත. මා ද්වේෂ කරන හොර මිනුම් ඔව්හු පාවිච්චි කරති.


ජේසුස් වහන්සේ නැවතත් කතා කොට මෙසේ වදාළ සේක: “මේ උපමාවත් අසන්න. එක් වතු හිමියෙක් මිදි වත්තක් වවා එය වටා වැට බැඳ, එහි මිදි යන්ත්‍රයකට වළක් කැණ, මුර අට්ටාලයක් ඉදි කොට, එය ගොවීන්ට අඳේට දී පිටරට ගියේ ය.


එහෙත් ඔබ දිළිඳුන්ට අවමන් කළහු ය. ඔබට පීඩා කරන්නෝ ධනවත්තු නොවෙත් ද? නඩු ශාලාවලට ඔබ ඇදගෙන යන්නෝත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්