Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 5:8 - Sinhala New Revised Version

8 තමන් පමණක් දේශයේ වාසය කරන පිණිස, අනුන්ට ඉඩකඩ නැති වන තරමට ගෙයකට ගෙයක් එකතු කරගන්න, කෙතකට කෙතක් යා කරගන්න අයට වන විපතක මහත!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 තමන් පමණක් දේශයේ වාසය කරන පිණිස, අනුන්ට ඉඩකඩ නැති වන තරමට ගෙයකට ගෙයක් එකතු කරගන්න, කෙතකට කෙතක් යා කරගන්න අයට වන විපතක මහත!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 දේශ මැද තමුන්ම පමණක් වාසය කරන පිණිස, ඉඩ නැතිවෙන තරම්, ගෙයකට ගෙයක් එකතුකරගන්නාවූ, කෙතකට කෙතක් වැඩිකරගන්නාවූ අයට දුක් වේ!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 5:8
14 හුවමාරු යොමු  

ඔව්හු තමන් ආසා කළ කෙත් බලහත්කාරයෙන් ගනිති; ගෙවල් ද පැහැර ගනිති. ඔව්හු මිනිසුන් සහ ගේදොර ද දේපළ ද සොරාගනිති.


“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ මිනිසුන්ගේ ඇස් හමුයෙහි ස්වර්ග රාජ්‍යයේ දොරටු වසන්නහු ය; ඔබ ම ඇතුළු වන්නේ වත්, ඇතුළුවන්න සොයන අයට ඉඩ දෙන්නේ වත් නැත.


“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් දේශයෙහි තිබෙන ඒ පාළු ඉඩම්වල වසන්නෝ කතා කොට, ‘ආබ්‍රහම් එක් කෙනෙකු ව සිටි නමුත්, ඔහුට දේශය උරුම විය. අපි වනාහි බොහෝ දෙනෙක් ය; දේශය ද උරුමයක් කොට අපට දී තිබේ ය’යි කියති.


“මනුෂ්‍ය පුත්‍රය, ජෙරුසලමේ සිටින අය නුඹ ගැනත්, විප්‍රවාසගත ව සිටින නුඹේ ඥාති ඉශ්රායෙල් සහෝදරයන් ගැනත් කතා කරමින්, ‘දෙවියන් වහන්සේ කෙරෙන් නුඹලා පිටුවහල් කර ඇත; උරුමයක් වශයෙන් දේශය දෙන ලද්දේ අපට යැ’යි කියති.


ඔහු නටබුන් නගර හිමි කරගත්තේ ය; ගරා වැටුණු ගෙවල වාසය කෙළේ ය; ඒවා ගල් ගොඩවල් බවට පත් වන්නේ ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “අම්මොන්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් තමන්ගේ දේශ සීමාවන් පළල් කරගන්න පිණිස ගිලියද්හි ගැබිණියන් දෙපළු කර දැමූ නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි.


ඔහුගේ තණ්හාවට ගොදුරු නොවූ දෙයක් තවත් ඇද් ද? ඔහුගේ සැප සම්පත චිරස්ථායික නොවේ.


ධන ලෝභී මිනිසා සිය පවුලට කරදර ගෙන දෙයි; අල්ලස් නුරුස්සන මිනිසා දිගායු වළඳයි.


සිය යහන්වල වැතිර, නපුරු උපා හිතන මතන අයට වන විපතක මහත! පහන් වූ විට ඔවුන්ගේ අතේ බලය නිසා ඔව්හු ඒවා කරති.


සියලු දෙනා ඔහුට අවමන් කොට ඔහුට විරුද්ධ ව මෙසේ ඇනුම්පද කියනු ඇත; “නුඹලාට අයිති නැති දේ ගොඩගසාගත්, උකස් බඩු තමා පිට පටවාගත් අයට වන විපතක මහත!”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්