එහෙත්, දෙවියන් වහන්සේ මිටියාවතේ නගර විනාශ කරන විට උන් වහන්සේ ආබ්‍රහම් සිහි කළ සේක. ලොත් විසූ නගර වනසන විට ඒ විපතින් උන් වහන්සේ ලොත් ගළවා හැරිය සේක.
යාකොබ් 5:16 - Sinhala New Revised Version එබැවින් ඔබ එකිනෙකාට පාපෝච්චාරණය කර, සුවය ලබන පිණිස, එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. දැහැමි මිනිසෙකු යදින යැදුම බලවත් ය; පලදායක ය; සිංහල කාලීන පරිවර්තනය එබැවින් සුවය ලැබෙන පිණිස එකිනෙකාට තම පාප කියා දී එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයකුගේ යාච්‍ඤාව, මහත් බලයෙන් හා ක්‍රියාකාරිත්වයෙන් යුක්ත ය. Sinhala New Revised Version 2018 එබැවින් ඔබ එකිනෙකාට පාපෝච්චාරණය කර, සුවය ලබන පිණිස, එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. දැහැමි මිනිසෙකු යදින යැදුම බලවත් ය; පලදායක ය; Sinhala Revised Old Version එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි. |
එහෙත්, දෙවියන් වහන්සේ මිටියාවතේ නගර විනාශ කරන විට උන් වහන්සේ ආබ්‍රහම් සිහි කළ සේක. ලොත් විසූ නගර වනසන විට ඒ විපතින් උන් වහන්සේ ලොත් ගළවා හැරිය සේක.
ආබ්‍රහම් ද දෙවියන් වහන්සේට යච්ඤා කෙළේ ය. උන් වහන්සේ ද අබිමෙලෙක් සුවපත් කළ සේක; ඔහුගේ භාර්යාවට හා දාසීන්ට දරුසම්පත් ලැබෙන සේ ඔවුන් සුවපත් කළ සේක.
එබැවින් දැන් එම බිරිඳ සිය සැමියාට ආපසු බාර දෙන්න. ඔහු දිවැසිවරයෙකු බැවින් ඔහු නුඹ උදෙසා යච්ඤා කරනු ඇත. නුඹ නොමැරෙන්නෙහි ය; එහෙත් නුඹ ඈ ආපසු බාර නොදෙන්නෙහි නම්, නුඹත්, නුඹ සතු සියල්ලත් නියත වශයෙන් ම මැරෙන බව දැනගන්නැ”යි වදාළ සේක.
“මින්මතු ඔබ ජාකොබ් නොවනු ඇත. ඔබ දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා සමඟ පොරබදා ජයගත් බැවින් ඔබේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි කී ය.
රජු ඉදිරියෙහි වැටී, කතා කොට, “රජතුමනි, ඔබතුමා ජෙරුසලම අත්හැර ගිය දවසේ දී ඔබේ දාසයා හිතුවක්කාරකමින් කළ දේ සිහි නොකළ මැනව; එය මට විරුද්ධ දෙයක් ලෙස නොසැලකුව මැනව; එය සිතට නොගත මැනව.
රජ තෙම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට කතා කොට, “මාගේ අත සුව වන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කර මා උදෙසා යාච්ඤා කරන්නැ”යි කී ය. ඒ මනුෂ්‍යයා ද සමිඳාණන් වහන්සේට කන්නලව් කළ විට රජුගේ අත සුව වී පෙර තිබුණාක් මෙන් විය.
එබැවින් නුඹලා දවන යාග පූජාවක් ඔප්පු කරන පිණිස, ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයා වන ජෝබ් වෙත යන්න. ඔහු නුඹලා වෙනුවෙන් අයැදුම් කරනු ඇත. එවිට නුඹලාගේ අඥානකම්වල හැටියට මා විසින් නුඹලාට දුර්විපාක නොදෙන පිණිස ඔහුගේ අයැදුම් පිළිගන්නෙමි. මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹලා මා ගැන ඇත්ත නොකීවහු ය”යි වදාළ සේක.
මෝසෙස් තමාගේ අත් ඔසවාගෙන සිටි තෙක් ඉශ්රායෙල්වරුන්ට ජය අත් විය. ඔහු තම අත් පහතට හෙළූ විට අමලෙක්වරු ජයගත්හ.
මෝසෙස්, පාරාවෝ වෙතින් අහක් වී නුවරින් පිටත ගොස් සමිඳාණන් වහන්සේ වෙත අත් එසවී ය. මේඝ ගර්ජනා හා ගල් වර්ෂා නැවතිණි. වැස්ස ද පොළොව මත නොවැටිණි.
එකල සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මෝසෙස් හා සාමුවෙල් මා ඉදිරියෙහි සිට කන්නලව් කළත්, මේ සෙනඟට මම අනුකම්පා නොකරමි. මා ඉදිරියෙන් ඔවුන් පහ කරන්න; ඔවුන් පලවා හරින්න.
“මට යාච්ඤා කරන්න; එවිට මම නුඹට පිළිතුරු දී නුඹ නොදන්න, සැඟවී ඇති, වැදගත් සත්‍යයන් නුඹට දන්වන්නෙමි.
දිවැසිවර ජෙරමියා වෙත පැමිණ, “අනේ! අපේ කන්නලව්ව ඇසුව මැනව. අප උදෙසා ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කරන්න. ඉතිරි ව සිටින අප සියල්ලන් උදෙසා යාච්ඤා කරන්න. වරක් අපි බොහෝ දෙනෙක් සිටියෙමු; එහෙත්, ඔබට පෙනෙන පරිදි ඉතිරි ව සිටින්නේ අපි ස්වල්ප දෙනෙක් පමණි.
තවද, ඔබට ඇදහිල්ල ඇත්නම්, කවර දෙයක් ඉල්ලා යාච්ඤා කළත් එය ඔබට ලැබෙනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක.
එවිට මුළු ජුදා රට ද ජෙරුසලම් පුරවැසියෝ ද ඔහු වෙත රැස් වී, පාපෝච්චාරණය කරමින් ඔහුගෙන් ජොර්දාන් ගඟෙහි බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.
දෙවියන් වහන්සේ පව්කාරයන්ගේ බස් නොඅසන බවත්, දේව භක්තිය ඇති, දේව කැමැත්ත කරන, යමෙකු ඇත්නම් ඔහුගේ බස් අසන බවත් අපි දනිමු.
දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන් ද බලයෙන් ද නාසරෙත්හි ජේසුස් වහන්සේ ආලේප කළ සැටිත්, දෙවියන් වහන්සේ උන් වහන්සේ සමඟ සිටි බැවින්, උන් වහන්සේ යහපත් ක්‍රියා කරමින් ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින් ද හැසුරුණ සැටිත් ඔබ දන්නහු ය.
අදහාගත්තවුන්ගෙන් බොහෝ දෙනෙක් අවුත් තමන් ද මන්ත්‍රගුරුකම්වල යෙදී සිටි බව ප්‍රකාශ කළහ.
සීමොන් පිළිතුරු දෙමින්, “ඔබ කී දෙයින් කිසිවක් මට සිදුනොවන පිණිස, මා උදෙසා සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි කී ය.
එක මිනිසෙකුගේ අකීකරුකමින් සියල්ලන් ම පව්කාරයන් වූ සේ ම, එක මිනිසෙකුගේ කීකරුකමින් සියල්ලෝ ම දමිටු බවට පමුණුවනු ලබන්නෝ ය.
මේ කරුණ නිසා, අපි එය ඇසූ දා පටන් ඔබ ගැන නොකඩව යාච්ඤා කෙළෙමු. සියලු ආකාර ප්‍රඥාව ද ලොව්තුරා ඥානය ද ලබා, ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණ ලෙස අවබෝධ කරගෙන,
සාමදානයේ දෙවියන් වහන්සේ ම ඔබ මුළුමනින් ම පවිත්‍ර කරන සේක් වා! ඔබගේ මුළු ආත්මය ද ප්‍රාණය ද ශරීරය ද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරාගමනයේ දී නිදොස් ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේ වා!
ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා විශිෂ්ට පූජාවක් දෙවියන් වහන්සේට පුද කෙළේ ය. ඔහුගේ පූජා ගැන දෙවියන් වහන්සේ ප්‍රසන්න වූ බැවින්, ඇදහිල්ලෙන් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට පත් කරනු ලැබී ය. ඔහු මියගිය ද ඇදහිල්ලෙන් දැනුත් කතා කරයි.
ඇදහිල්ලෙන්, නෝවා දැකගත නොහැකි දේ ගැන දෙවියන් වහන්සේ විසින් දන්වනු ලැබ, දේව ගරුබියෙන් ඇලළී සිය පවුලේ අය ගළවාගැනීම සඳහා නැවක් සෑදුවේ ය. ඒ ඇදහිල්ලෙන් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන දමිටු බවට උරුමක්කාරයෙක් විය.
අප ගැන යාච්ඤා කරන්න. මන්ද, සියල්ලේ දී යහපත කිරීමට ආශාවෙන් යුත් නිදොස් හෘදය සාක්ෂියක් අපට ඇති බව සහතික ය.
සමිඳාණන් වහන්සේ අමෝරිවරුන් ඉශ්රායෙල් සෙනඟට පාවා දුන් ඒ දවසේ දී ජෝෂුවා සමිඳාණන් වහන්සේට කතා කොට, මුළු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් හමුයෙහි මෙසේ කීවේ ය: “එම්බා සූර්යය! ගිබියොන්ට ඉහළින් නොසෙල් වී සිටින්න; එම්බා චන්ද්‍රය! අයාලෝන් මිටියාවත ඉහළින් එසේ ම සිටින්න.”
පාපවලට අප නැසී, දැහැමි ජීවිතයක් ගත කරන පිණිස, උන් වහන්සේ ම තමන්ගේ ශරීරයෙන් කුරුසිය මත අපගේ පාප ඉසුලූ සේක. ඔබ සුව කරනු ලැබුවේ උන් වහන්සේගේ තුවාළ නිසා ය.
තවද, අපි උන් වහන්සේගේ ආඥා පිළිපදින නිසා ද, උන් වහන්සේට ප්‍රියමනාප දේ කරන නිසා ද, උන් වහන්සේගෙන් ඉල්ලන සියල්ල ලබමු.
හන්නා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි බොහෝ වේලා යාච්ඤා කරන අතර ඒලී ඇගේ මුඛය දෙස බලා සිටියේ ය.
දැන් තිරිඟු කපන කාලය නොවේ ද? එහෙත්, අහස් ගර්ජනාවක් ද වර්ෂාව ද එවන ලෙස මම සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්නෙමි. ඒ ඉටු වූ කල රජෙකු ඉල්ලීමෙන් ඔබ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කළ දුෂ්ටකම ඔබ තේරුම් ගන්නවා ඇත.”
මෙසේ කී පසු සාමුවෙල් සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. එදින සමිඳාණන් වහන්සේ අහස් ගර්ජනාව ද වර්ෂාව ද එවූ සේක. එවිට මුළු සෙනඟ සමිඳාණන් වහන්සේටත්, සාමුවෙල්ටත්, අතිශයෙන් බිය වූ හ.