Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 42:2 - Sinhala New Revised Version

2 දිවැසිවර ජෙරමියා වෙත පැමිණ, “අනේ! අපේ කන්නලව්ව ඇසුව මැනව. අප උදෙසා ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කරන්න. ඉතිරි ව සිටින අප සියල්ලන් උදෙසා යාච්ඤා කරන්න. වරක් අපි බොහෝ දෙනෙක් සිටියෙමු; එහෙත්, ඔබට පෙනෙන පරිදි ඉතිරි ව සිටින්නේ අපි ස්වල්ප දෙනෙක් පමණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 දිවැසිවර ජෙරමියා වෙත පැමිණ, “අනේ! අපේ කන්නලව්ව ඇසුව මැනව. අප උදෙසා ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කරන්න. ඉතිරි ව සිටින අප සියල්ලන් උදෙසා යාච්ඤා කරන්න. වරක් අපි බොහෝ දෙනෙක් සිටියෙමු; එහෙත්, ඔබට පෙනෙන පරිදි ඉතිරි ව සිටින්නේ අපි ස්වල්ප දෙනෙක් පමණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 අනේ නුඹ අපේ කන්නලව්ව පිළිගෙන අප විසින් යා යුතු මාර්ගයත් අප විසින් කරන්ට යුතුදේත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දන්වන හැටියට මෙහි ඉතිරිව සිටින අප සියල්ලන් උදෙසා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 42:2
34 හුවමාරු යොමු  

සමහර විට ඔවුන් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කන්නලව් කොට, යාච්ඤා කොට, එක එකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනු ඇත. මන්ද, සමිඳාණන් වහන්සේ මේ සෙනඟට විරුද්ධ ව ප්‍රකාශ කර තිබෙන උදහස සහ කෝපය ඉමහත් ය.”


මම නුඹලා අතරට චණ්ඩ මෘගයන් එවන්නෙමි. ඒ මෘගයෝ නුඹලාගේ දරුවන් මරා, ගවයන් වනසා, නුඹලාගේ ජන සංබ්‍යාව අඩු කරන්නෝ ය. එවිට මාවත් ද පාළු වනු ඇත.


එබැවින් ඔබ එකිනෙකාට පාපෝච්චාරණය කර, සුවය ලබන පිණිස, එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. දැහැමි මිනිසෙකු යදින යැදුම බලවත් ය; පලදායක ය;


සීමොන් පිළිතුරු දෙමින්, “ඔබ කී දෙයින් කිසිවක් මට සිදුනොවන පිණිස, මා උදෙසා සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි කී ය.


සෙනඟගෙන් පිරී තිබුණ නුවර දැන් පාළු වී තිබෙන හැටි! ජාතීන් අතර උතුම් වී සිටි ඈ කණවැන්දුමියක මෙන් වී දේශාධිපතිනියක් වූ ඇය දාසියක් වී සිටින හැටි!


අසිරියාවේ අධිරාජයා ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන පිණිස ඔහුගේ ප්‍රධාන නිලධාරියා වන රබ්-ෂාකේ ලවා කියවූ වචන අපේ දෙවි වන සමිඳාණන් වහන්සේට ඇසෙන්න ඇත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මේ අපහාසයන් අසා ඒවා කී අයට දඬුවම් කරන සේක්වා. එබැවින් ඉතිරි ව සිටින සෙනඟ උදෙසා දෙවියන් වහන්සේට යාච්ඤා කරන්න.”


සව් බලැති සමිඳාණෝ මෙසේ ටික දෙනෙකුට ඉතිරි වන්න ඉඩ නුදුන් සේක් නම්, ජෙරුසලම ද සොදොම් හා ගොමොරා මෙන් සහමුලින් ම විනාශ වන්න ඉඩ තිබිණි.


ඔව්හු සාමුවෙල් අමතා, “අප නොනසින පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මෙහෙකරුවන් උදෙසා යාච්ඤා කළ මැනව; මන්ද, රජෙකු ඉල්ලීමේ වරද අපේ අනික් සියලු පාපවලට අප එකතු කර ඇතැ”යි කී හ.


එවිට ඔව්හු සාමුවෙල්ට කතා කොට, “අපේ දෙවි සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ගේ අතින් අප ගළවන පිණිස අප උදෙසා නොනැවතී ම යාච්ඤා කළ මැනවැ”යි කී හ.


එබැවින් මාගේ ස්වාමීන් වන රජතුමනි, අනේ! මාගේ බස් අසා, මාගේ කන්නලව්ව පිළිගෙන, මා එහි නොනසින පිණිස ජොනතන් ලේකම්ගේ ගෙට මා නැවත නොහැරිය මැනව”යි කීවේ ය.


එහෙත්, ශෙදෙකියා රජු ෂෙලෙමියාගේ පුත් ජෙහුකල් ද පූජක වූ මයසේයාගේ පුත් ශෙපනියා ද අත, “අනේ! අප උදෙසා අපේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි දිවැසිවරයා වන ජෙරමියාට කියා යැවී ය.


රජ තෙම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට කතා කොට, “මාගේ අත සුව වන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කර මා උදෙසා යාච්ඤා කරන්නැ”යි කී ය. ඒ මනුෂ්‍යයා ද සමිඳාණන් වහන්සේට කන්නලව් කළ විට රජුගේ අත සුව වී පෙර තිබුණාක් මෙන් විය.


ඔබ ගණනින් අහසේ තරු මෙන් වැඩි වුවත්, දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට අකීකරු වූ බැවින් ගණනින් ස්වල්පයක් මෙන් ඉතිරි වන්නහු ය.


එවිට පාරාවෝ කතා කොට, “පාළුකරයේ දී නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන පිණිස නුඹලා බොහෝ දුර නොයන්නහු නම් මම නුඹලාට යන්න අවසර දෙමි. මා වෙනුවෙන් ද යාච්ඤා කරන්නැ”යි කීවේ ය.


ඒ කාලය කෙටි නොකරන ලද්දේ නම්, කිසිවෙක් වත් නොගැළවෙන්නෝ ය. එහෙත්, තෝරාගත්තවුන් උදෙසා ඒ කාලය කෙටි කරනු ලබන්නේ ය.


එහෙත්, මම ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙකු කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද ගළවා ඉතිරි කරන්නෙමි. මෙසේ කරන්නේ, ඔවුන් පැමිණෙන දේශවල සෙනඟට ඔවුන්ගේ සියලු පිළිකුල්කම් ඔවුන් ප්‍රකාශ කරන පිණිස ය. එවිට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”


ඔබේ ප්‍රාණවලට හානිවන විධියට ඔබ නොමඟ ගොස් ඇත. ‘අපේ දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සියල්ල ඒ හැටියට අපට දන්වන්න. අපි එය කරන්නෙමු’යි ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට කන්නලව් කිරීමට ඔබ මා යැවුවහු ය.


ඔව්හු ජෙරමියා අමතා, “අනේ! අප උදෙසා සමිඳාණන් වහන්සේගෙන් විමසන්න. මන්ද, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අපට විරුද්ධ ව යුද්ධ කරන්නේ ය; සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා කළ පුදුම ක්‍රියා අනුව අප ගැන ක්‍රියා කරමින් නෙබුකද්නෙශර් අප කෙරෙන් ඉවත් වී යාමට සලස්වනු ඇතැ”යි කී හ.


මට අයැදින පිණිස නුඹලා අත් ඔසවන කල එය නොදකින ලෙස මම මාගේ ඇස් වසාගන්නෙමි. නොකඩවා යාච්ඤා කළත් කිසිසේත් සවන් නොදෙන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී ඇත.


ඇරත් මා ඔබ උදෙසා යාච්ඤා නොකර සිටීමේ පාපයෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක් වා, තවද, මම යහ මඟ ඔබට උගන්වන්නෙමි.


සමිඳාණන් වහන්සේ සෙසු ජාතීන් අතරෙහි ඔබ හැම විසුරුවා දමන සේක. උන් වහන්සේ ඔබ ගෙන යන විජාතීන් අතරෙහි ඔබ ගණනින් ඉතා ස්වල්ප දෙනෙකු වශයෙන් ඉතිරි වන්නාහු ය.


අහස් ගිගුරුම සහ ගල් වර්ෂාව නවත්වන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. මම ද නුඹලාට යන්න අවසර දෙමි. නුඹලා තවත් මෙහි නැවතීම උවමනා නැතැ”යි කී ය.


සමිඳුනි! ඔවුන්ගේ යහපත පිණිස මම යාච්ඤා නොකෙළෙම් නම්, කරදර කාලයෙහිත්, විපත් කාලයෙහිත් සතුරා උදෙසා ඔබ වහන්සේට කන්නලව් නොකෙළෙම් නම්, මේ සාප මා පිට පැමිණේ වා!


එවිට ශෙදෙකියා රජ දිවැසිවර ජෙරමියා කැඳවා, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ තුන් වන දොරටුවට පිළිගෙන, ඔහුට කතා කොට, “මම ඔබෙන් කාරණයක් අසමි. කිසිවක් මාගෙන් නොසඟවන්නැ”යි කී ය.


එකල කාරේයාගේ පුත් ජොහානාන් මිශ්පාහි දී ගෙදලියාට රහසින් කතා කොට, “මා ගොස් කිසිවෙකු නොදැනුවත් ව නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මරන පිණිස මට අවසර ලැබේ වා. ඔබව මරන්නට ඉඩ දෙන්නේ කුමට ද? එසේ වුවහොත්, ඔබ වෙත රැස් ව සිටින සියලු ජුදෙව්වරුන් විසිර යනු ඇත. ජුදාහි ඉතිරි ව සිටින සියලු දෙනා විනාශ වනු ඇතැ”යි කීවේ ය.


ඔවුන් ජාතීන් අතරෙන් ජනයා කුලියට ගන්න නමුත්, දැන් මම ඔවුන් එක්රැස් කොට ඔවුන්ට දඬුවම් කරමි. අසිරියාවේ රජු නොපමා ව ඔවුන්ට පීඩා කරන විට ඔව්හු වේදනාවෙන්‍ මිරිකී යන්නෝ ය.


ඒ පළඟැටියන් දේශයේ ඇතිතාක් සියලු පලා වර්ග කාදමනු මම දිටිමි. එවිට මම, “මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබේ සෙනඟට කමා වුව මැනව; සෙනඟ ජීවත් වන්නේ කොහොම ද? ඔව්හු සුළු සෙනඟකි”යි යැදීමි.


ඔබට ශුභසිද්ධිය සැලසීමටත්, ඔබ වැඩි වර්ධනය කිරීමටත් සමිඳාණන් වහන්සේ ප්‍රීති ප්‍රමෝද වූවාක් සේ, ඔබ වනසාලීමටත්, නැත්තටම නැතිකිරීමටත් උන් වහන්සේ ප්‍රීති ප්‍රමෝද වන සේක. ඔබ අයිති කරගන්නට යන රටින් උන් වහන්සේ ඔබ සම්පූර්ණයෙන් පිටමං කරදමන සේක.


මාගේ අයැදීම ඔබ ඉදිරියට පැමිණේ වා! ඔබේ පොරොන්දුව ලෙස මා මිදුව මැනව.


ඉශ්රායෙල්වරුනි, නුඹලා බොහෝ දේ දැක ඇතත් තේරුම් ගෙන නැත. නුඹලාගේ කන් ඇරී ඇතත් නුඹලා සවන් දී නැත.”


ගසකට, ‘නුඹ මාගේ පියා ය’ කියා ද ගලකට ‘නුඹ මාගේ මව ය’ කියා ද කියන නුඹලා සියලු දෙනා ලජ්ජාවට පත් වනු ඇත. මෙසේ වන්නේ, නුඹලා මා වෙත නොහැරී මට පිටු පෑ බැවිනි. එහෙත්, නුඹලා විපතට පත් වූ විට ‘නැඟිට අප ගැළෙවුව මැනවැ’යි මට කන්නලව් කරන්නහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්