Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




හෙබ්‍රෙව් 11:4 - Sinhala New Revised Version

4 ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා විශිෂ්ට පූජාවක් දෙවියන් වහන්සේට පුද කෙළේ ය. ඔහුගේ පූජා ගැන දෙවියන් වහන්සේ ප්‍රසන්න වූ බැවින්, ඇදහිල්ලෙන් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට පත් කරනු ලැබී ය. ඔහු මියගිය ද ඇදහිල්ලෙන් දැනුත් කතා කරයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

4 කායින්ට වඩා උතුම් පූජාවක් ආබෙල් දෙවියන්වහන්සේට ඔප්පු කළේ ඇදහිල්ලෙනි. එමඟින් ඔහු ධර්මිෂ්ඨයකු ලෙස පිළිගැනුණේ, දෙවියන්වහන්සේ ඔහුගේ දීමනාව පිළිගනිමින් ඔහු අනුමත කළ කල්හි ය; මිය ගොස් ඇති නමුදු, ඒ ඇදහිල්ලෙන් ඔහු තවමත් කතා කරයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා විශිෂ්ට පූජාවක් දෙවියන් වහන්සේට පුද කෙළේ ය. ඔහුගේ පූජා ගැන දෙවියන් වහන්සේ ප්‍රසන්න වූ බැවින්, ඇදහිල්ලෙන් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට පත් කරනු ලැබී ය. ඔහු මියගිය ද ඇදහිල්ලෙන් දැනුත් කතා කරයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා උතුම් පූජාවක් දෙවියන්වහන්සේට ඔප්පුකෙළේය. ඔහුගේ දීමනා ගැන දෙවියන්වහන්සේ සාක්ෂිදුන් බැවින්, එයින් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට සාක්ෂි ලැබුවේය. ඔහු මළ නුමුත් ඒ ඇදහීමෙන් තවම කථාකරන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 11:4
21 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ ද, “නුඹ කළ මේ දේ කුමක් ද? බලන්න, නුඹේ සහෝදරයාගේ ලේ පොළොවෙන් මට මොරගසයි.


එහෙත්, සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, “එසේ නොවනු ඇත. යම් කෙනෙක් කායින් මැරුවොත් ඔහුගෙන් එමෙන් සත් වරක් දරුණු ලෙස පළිගනු ලබන්නේ ය”යි වදාළ සේක. එබැවින් සමිඳාණන් වහන්සේ ද යමෙකුට කායින් මුණ ගැසුණොත් කායින් නොමරන පිණිස ඔහු පිට ලකුණක් තැබූ සේක.


ආදම් ද යළි සිය භාර්යාව සමඟ එක් විය. ඈ පුතෙකු ලැබූ කල, “කායින් මැරූ ආබෙල් වෙනුවට දෙවියන් වහන්සේ මට පුතෙකු දුන් සේකැ”යි කීවා ය. එබැවින් ඈ ඔහුට සෙත් යන නාමය තැබුවා ය.


ඉක්බිති කායින් සිය සොහොයුරු ආබෙල් අමතා, “අපි එළිමහනේ කෙතට යමු”යි කී ය. මෙසේ ඔවුන් ගිය විට කායින් සිය සොහොයුරු ආබෙල්ට විරුද්ධ ව නැඟිට ඔහු මරාදැමී ය.


එවිට සමිඳාණන් වහන්සේ වෙතින් ගිනි බැස පූජාවත්, දරත්, ගලුත්, ධූලිත් දවා අගලේ වතුරත් වියළවා දැමී ය.


එහෙත්, ඒ පැරණියෝ තමන් රැස් කර දැනගත් ප්‍රඥාවෙන් අපට කතා කරති; ඔවුන්ට සවන් දෙන්න.


දුදනන්ගේ පුද පූජා සමිඳුන්ට පිළිකුලකි; සුදනන්ගේ යැදුම් එතුමන්ට සතුටකි.


දුදනන් පුදන යාග පූජා සමිඳුන්ට පිළිකුලකි, වැරදි චේතනාවෙන් පුදන විට වැඩියෙනුත් පිළිකුලකි.


සමිඳාණන් වහන්සේ ඉදිරියෙන් ගින්නක් නික්ම පූජාසනය මත වූ දවන යාග පූජාව සහ තෙල දවා හැරියේ ය. මෙය දුටු සියලු සෙනඟ හඬ නඟා මුණින්තළා වැටුණා හ.


මෙසේ මිහි පිට අහිංසක වූ ආබෙල් පටන්, ශුද්ධස්ථානය හා පූජාසනය අතර ඔබ විසින් මරන ලද බරාකියාගේ පුත් සෙකරියා දක්වා, සියලු අහිංසකයන් මැරීමේ විපාකය ඔබ පිට පැමිණෙන්නේ ය.


ලෝකය මැවීමේ සිට වගුරුවන ලද සියලු දිවැසිවරයන්ගේ ලේ ගැන මේ පරම්පරාව වගකිව යුතු ය. එසේ ය, මේ පරම්පරාව ඒ ගැන වගකිව යුතු යයි මම ඔබට කියමි.


ඔව්හු දෙවියන් වහන්සේ දන්නා බව කියති. එහෙත් ස්වකීය ක්‍රියාවලින් උන් වහන්සේ නාඳුනන බව දක්වති; ඔව්හු පිළිකුල් ව, මුරණ්ඩු ව, යහපත කිරීමට අපොහොසත් ව සිටිති.


තමන්ගේ ඇදහිල්ල නිසා අපේ මුතුන්මිත්තෝ දෙවියන් වහන්සේට ප්‍රිය මනාප වූ හ.


මේ සා විශාල සාක්ෂිකාර සේනාවකින් අප වට වී සිටින නිසා, සියලු අවහිර ද, පහසුවෙන් අප වෙළා ගන්නා පාපයන් ද ඉවත ලා,


නව ගිවිසුමක මැදහත්කාරයාණන් වූ ජේසුස් වහන්සේ වෙතට ය. ආබෙල්ගේ ලෙයට වඩා උතුම් ලෙස කතා කරන උන් වහන්සේගේ ඉසීමේ ලෙය ද වෙතටත් ය.


සෑම නායක පූජකයෙක් ම, පඬුරුත් පාප පූජාත් ඔප්පු කිරීම පිණිස ස්වකීය සෙනඟ අතුරින් තෝරාගෙන ඔවුන් වෙනුවෙන් දෙවියන් වහන්සේ සඳහා වූ කටයුතු කිරීම පිණිස පත් කරනු ලබයි.


ව්‍යවස්ථාව අනුව සියලු දෙය ම ලෙයින් පවිත්‍ර කරනු ලැබේ යයි කිව හැකි ය. ලේ වැගිරීමක් නැති ව පව් කමාවක් නැත.


ඒ යහපත් මනුෂ්‍යයා ඔවුන් මැද ජීවත් වූ අතර, දිනපතා එහි සිදු වූ දේවල් දැකීමෙන් ද ඇසීමෙන් ද ඔවුන්ගේ අසභ්‍ය ජීවිතය නිසා ඔහුගේ යහපත් සිත දැඩි දුකින් පෙළුණේ ය.


අහෝ, ඔවුන්ට වන විපතක මහත! ඔව්හු කායින් ගිය මාර්ගයෙහි ම ගමන් කළහ; බාලාම් කළාක් මෙන්, මුදලට ආශාවෙන් වරදට වැටුණහ; කෝරා මෙන් කැරලි ගසා විනාශ වූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්