මීකා 7:3 - Sinhala New Revised Version වීර්යයෙන් නපුර කිරීමට ඔවුන් දෑත පොවා ඇත. අධිපතියා ද විනිශ්චයකාරයා ද අල්ලස් ඉල්ලති. බලපුළුවන්කම් ඇත්තා ඔහුගේ සිතේ නපුරු ආසාවන් ප්‍රකාශ කරයි. ඔව්හු එකට උපා යොදාගනිති. Sinhala New Revised Version 2018 වීර්යයෙන් නපුර කිරීමට ඔවුන් දෑත පොවා ඇත. අධිපතියා ද විනිශ්චයකාරයා ද අල්ලස් ඉල්ලති. බලපුළුවන්කම් ඇත්තා ඔහුගේ සිතේ නපුරු ආසාවන් ප්‍රකාශ කරයි. ඔව්හු එකට උපා යොදාගනිති. Sinhala Revised Old Version නපුර වීර්යයෙන් කරන්ට දෑත පොවා තිබේ; අධිපතියාද විනිශ්චයකාරයාද තෑග්ගක් ඉල්ලති; උත්තමයාද තමාගේ සිතේ නපුරු ආශාව කියයි. එසේ ඔව්හු ඒක යොදාගනිති. |
ඔබේ මූලිකයෝ කැරලිකාරයෝ ය, සොරුන්ගේ මිතුරෝ ය. සියලු දෙන ම අල්ලසට ඇලුම් කරති. තම වාසිය සොයා යති; අනාථයන්ට යුක්තිය ඉටුකර නොදෙති; වැන්දඹුවන්ගේ නඩුවලට සවන් නොදෙති.
ලෝ වැසි සියලු දෙනාට ඔවුන්ගේ පව් නිසා දඬුවම් කරන පිණිස සමිඳාණෝ වඩින සේක; රහසින් කරන ලද මිනීමැරුම් එළි කරනු ලබන්නේ ය. පොළොව, මැරුම් කෑ අය තවත් නොසඟවන්නේ ය.
සෙනඟ එකිනෙකාට හා තම අසල්වැසියාට හිරිහැර කරන්නෝ ය. ගැටවරයෝ වැඩිහිටියන්ටත්, පහත් අය උසස් අයටත් ගෞරව නොකරති.
ඔහු දුෂ්ට උපා යොදයි; බොරුවෙන් දුප්පත් අය විනාශ කරන්නත්, ඒ අයගේ අයිතිවාසිකම් ඔවුන්ගෙන් වළක්වන්නත් ඔහු උපා යොදයි.
ඔබ වහන්සේ මා සමඟ කෝප වන්නේ නැත; සදහට ම මා සමඟ උරණවන සේක් ද?’ ඉශ්රායෙලය, නුඹ එසේ කී නමුත් නුඹට හැකි නපුරුකම් සියල්ල ම නුඹ කර ඇත.”
සමිඳාණන් වහන්සේ කතා කොට, “මාගේ සෙනඟ අඥාන ය; ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවන් වැනි ය; ඔවුන්ට කිසි තේරුමක් නැත; නපුරු දේ කිරීමට ඔව්හු දක්ෂ ය, එහෙත්, යහපත කිරීමට ඔව්හු නොදනිති”යි වදාළ සේක.
එබැවින් ඔවුන්ගේ භාර්යාවන් අන්‍යයන්ට ද ඔවුන්ගේ කෙත් ඒවා අල්ලාගන්න අයට ද දෙන්නෙමි. මන්ද, ලොකු කුඩා අය සැවොම අයුතු ලාභ ගැනීමට කෑදර වෙති; දිවැසිවරුන් පටන් පූජකයන් දක්වා සියල්ලෝ ම වංචාකම් කරති.
සමහරු ලේ වගුරු වන පිණිස අල්ලස් ගත්හ. නුඹ පොලී සහ ලාභ ගෙන, නුඹේ අසල්වැසියාගෙන් අයුක්තියෙන් ලාභ උපදවාගෙන මා අමතක කෙළෙහි ය. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.
ඒ නගරය තුළ අධිපතීහු අයුතු ලාභ ලබාගන්න පිණිස ලේ වැගිරීමටත්, ප්‍රාණ නැති කිරීමටත් සිටින, ගොදුර ඉරාදමන වෘකයන්ට සමාන ය.
නුඹ සමඟ විසූ ඉශ්රායෙල් අධිපතීහු සියලු දෙන එක් කෙනෙකු වත් නෑර සිය බලය ලේ වගුරුවන පිණිස පාවිච්චි කළහ.
දුර්වල වූ සියල්ලන් විසුරුවාදමන තුරු නුඹලා ඇලපෙතන් ද උරහිසෙන් ද තල්ලු කර, නුඹලාගේ අංවලින් උන්ට අනින බැවින්,
එවිට උන් වහන්සේ උත්තර දෙමින්, “ඉශ්රායෙල් සහ ජුදා සෙනඟගේ අපරාධ ඉමහත් ය; දේශය ලෙයින් පිරී තිබේ. නුවර ද අයුක්තියෙන් පිරී තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ දේශය අත්හැරිය සේක’ කියා ද ‘උන් වහන්සේ නොදක්නා සේක’ කියා ද ඔව්හු කියති.
ඔව්හු සුරාසොඩුන් සමඟ විකාර කරති; කාමමිථ්‍යාචාරයෙහි ම යෙදී සිටිති; ආත්ම ගෞරවයට වඩා නින්දිතකමට ඇළුම් වෙති.
ඔබේ පව් කොපමණ බරපතල ද කියාත්, ඔබේ අපරාධ කොපමණ බහුල ද කියාත් මම දනිමි. නුඹලා දමිටුන්ට පීඩා කරන්නහු ය; අල්ලස් ගෙන උසාවිය මඟින් යුක්තිය ඉටු කරගැනීමට දුප්පතුන්ට ඉඩ නොදෙන්නහු ය.
“එහෙත් මාගේ සතුරන් වී සිටින්නේ නුඹලා ය. අහිංසකයන්ගේ පොරෝනාව නුඹලා උදුරාගන්නහු ය; සාමකාමී මිනිසුන් යුද්ධයට පොළඹවන්නහු ය.
එහි නායකයෝ අල්ලසට විනිශ්චය කරති; පූජකයෝත් කුලියට උගන්වති; බොරු දිවැසිවරු මුදලට පේන කියති. එහෙත්, සමිඳාණන් වහන්සේ කෙරෙහි රඳා සිටිමින්, ‘සමිඳාණන් වහන්සේ අප සමඟ නොවේ ද? අපට කිසි විපත්තියක් නොපැමිණෙන්නේ ය’යි ඔව්හු කියති.
එහෙත්, නුඹලා යහපතට ද්වේෂ කර අයහපතට ඇලුම් වන්නහු ය. නුඹලා මාගේ සෙනඟට හඬ ගසා, කටුවලින් ඔවුන්ගේ මස් ඉරා දමන්නහු ය.
“ජේසුස් වහන්සේ ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක් දැ”යි ඇසී ය. ඔව්හු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ.
එබැවින් සමිඳාණන් වහන්සේ එන තුරු නියම කාලයට පෙර කිසි විනිශ්චයක් නොකරන්න. උන් වහන්සේ අඳුරෙහි සැඟවුණු දේ ආලෝකයට පමුණුවා, සිත් සතන්හි අදහස් හෙළි කරන සේක. එවිට හැම දෙනෙක් ම තම තමන්ට හිමි ප්‍රශංසාව දෙවියන් වහන්සේගෙන් ලබති.