Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 3:5 - Sinhala New Revised Version

5 සෙනඟ එකිනෙකාට හා තම අසල්වැසියාට හිරිහැර කරන්නෝ ය. ගැටවරයෝ වැඩිහිටියන්ටත්, පහත් අය උසස් අයටත් ගෞරව නොකරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 සෙනඟ එකිනෙකාට හා තම අසල්වැසියාට හිරිහැර කරන්නෝ ය. ගැටවරයෝ වැඩිහිටියන්ටත්, පහත් අය උසස් අයටත් ගෞරව නොකරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 සෙනඟ එකිනෙකාගෙන්ද තම තමාගේ අසල්වාසියාගෙන්ද පීඩා විඳින්නෝය. බාලයා මහල්ලාටත් නීචයා උත්තමයාටත් උඩඟුකම් පාන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 3:5
28 හුවමාරු යොමු  

සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම විනිශ්චය පිණිස නුඹලා ළඟට අවුත්, මන්ත්‍රකාරයන්ට ද කාමමිථ්‍යාචාරිකයන්ට ද බොරු සාක්ෂි දෙන්නන්ට ද කුලීකරුවන්ට පීඩා කරන්නන්ට ද වැන්දඹුවන්ට, අනාථයන්ට හා විදේශිකයන්ට අයුතු දේ කරන්නන්ට ද මට ගරුබිය නොදක්වන්නන්ට ද විරුද්ධ ව විගසින් සාක්ෂි දෙන්නෙමි.”


බලන්න, ඔබගේ කෙත් වතුවල අස්වැන්න නෙළූ ගොවීන්ට නොගෙවා ඔබ වංචා කරගත් ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධ ව මොරගසයි. ගොවීන්ගේ මොරගැසීම සේනාවල සමිඳාණන් වහන්සේගේ කන්වල වැටෙන්නේ ය.


එහෙත් ඔබ දිළිඳුන්ට අවමන් කළහු ය. ඔබට පීඩා කරන්නෝ ධනවත්තු නොවෙත් ද? නඩු ශාලාවලට ඔබ ඇදගෙන යන්නෝත්,


ඔව්හු ජේසුස් වහන්සේගේ ඇස් වසා බැඳ, “ඔබට ගැසුවේ කවරෙක් ද කියා දිවැසින් කියන්නැ”යි උන් වහන්සේට කී හ.


එකල ඇතැමෙක් උන් වහන්සේට කෙළ ගසන්නට ද උන් වහන්සේගේ මුහුණ වසා අතින් පහර දෙමින්, “ඉතින් දිවැසින් කියන්නැ”යි උන් වහන්සේට කියන්නට ද පටන්ගත්හ. මුර සේවකයෝ ද උන් වහන්සේ භාරගෙන, අතුල් පහර දුන්හ.


එවිට ඔව්හු උන් වහන්සේගේ මුහුණට කෙළ ගසා, මිට මොලවා පහර දුන්හ. සමහරෙක් උන් වහන්සේට අතුල් පහර දී,


එහි නායකයෝ අල්ලසට විනිශ්චය කරති; පූජකයෝත් කුලියට උගන්වති; බොරු දිවැසිවරු මුදලට පේන කියති. එහෙත්, සමිඳාණන් වහන්සේ කෙරෙහි රඳා සිටිමින්, ‘සමිඳාණන් වහන්සේ අප සමඟ නොවේ ද? අපට කිසි විපත්තියක් නොපැමිණෙන්නේ ය’යි ඔව්හු කියති.


සමාරිය කඳුකරේ සිටින තරබාරු එළදෙනුනි; දිළිඳුන් තළා පෙළා, අසරණයින්ට පීඩා කරන, ‘බොන්නට දෙයක් දෙන්න’ කියා සැමියන්ට අණ කරන ඔබ හැම මෙයට සවන් දෙන්න.


සමහරු ලේ වගුරු වන පිණිස අල්ලස් ගත්හ. නුඹ පොලී සහ ලාභ ගෙන, නුඹේ අසල්වැසියාගෙන් අයුක්තියෙන් ලාභ උපදවාගෙන මා අමතක කෙළෙහි ය. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.


එහෙත්, නුඹේ නෙතත්, සිතත් ආත්මාර්ථයට පමණක් යොමු වී ඇත. නුඹ අහිංසකයන් මරන්නෙහි ය; සෙනඟට සැහැසිකම් හා පීඩා කරන්නෙහි ය. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.”


ඉශ්රායෙල් ජුදාට ඊර්ෂ්‍යා කරන්නේ වත්, ජුදා ඉශ්රායෙල්ට සතුරුකම් කරන්නේ වත් නැත. ඉශ්රායෙල්හි ඊර්ෂ්‍යාව පහ ව යන්නේ ය. ජුදාට පීඩා කරන්නෝ විනාශ කරනු ලබන්නෝ ය.


අනේ! පාපිෂ්ඨ ජාතියක් ද අපරාධයෙන් බර සෙනඟක් ද නපුර කරන වංශයක් ද දුෂ්ට ලෙස ක්‍රියාකරන දරුවන් ද වන ඔවුන් සමිඳුන් අත්හැර, ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ හෙළා දැක, එතුමන්ට පිටුපා ඇත.


ඔහු එතැනින් බෙතෙල් නගරයට ගියේ ය. ඔහු පාරේ යද්දී පුංචි ළමයි නුවරින් පිටත් ව අවුත් ඔහුට කවටකම් කරමින්, “පලා යව, තට්ටයා, පලා යව තට්ටයා” යයි කීවෝ ය.


“වයස්ගත ඇත්තන් ඉදිරියෙහි නැඟිට සිට, මහල්ලන්ට ගරු කළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පාන්න, මම සමිඳාණන් වහන්සේ වෙමි.


සෙනඟගේ දුෂ්ටකම කටු පඳුරු හා ගොකටු දවාලන ගින්නක් වැනි ය; දුම් කඳ ඉහළට නංවන ලැව් ගින්නක් වැනි ය.


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම මිසර දේශය තුළම රටවැසියන් අතර ම යුද්ධයක් හටගන්වන්නෙමි. එකිනෙකා තම තමාගේ සහෝදරයාටත්, තම තමාගේ අසල්වැසියාටත් විරුද්ධ ව පොළඹවන්නෙමි. නුවරක් නුවරකටත්, රජෙකු රජෙකුටත් විරුද්ධ ව සටන් කරනු ඇත.


දේශයේ කිසි ම අවංක මිනිසෙකු වත්, දේව භක්තිය ඇති කෙනෙකු වත් ඉතිරි වී නැත. සෑම දෙනා ම මිනීමැරීමට බලා සිටිති. එක එකා තම තමාගේ සහෝදරයා දැලකින් අසු කරගන්නට මාන බලයි.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම දේශයේ වැසියන්ට තවත් අනුකම්පා නොකරමි. මම හැම මිනිසෙකු ම ඔහුගේ එඬේරා වන පාලකයාට හා රජුගේ බලයට පාවා දෙමි. මොවුහු දේශය නැතිනාස්ති කරති. ඔවුන්ගේ බලයෙන් මම කිසිවෙකු බේරා නොගනිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්