Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 7:4 - Sinhala New Revised Version

4 ඔවුන්ගෙන් හොඳ ම අය වුව ද කටු ගස් හා සමාන ය. අවංක ම අය වුව ද කටු වැටකටත් වඩා නරක ය. ඔවුන්ගේ මුරකාරයන් කී දඬුවමේ දවස පැමිණ ඇත. ඔවුන් වියවුල් වන කාලය ආසන්න ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඔවුන්ගෙන් හොඳ ම අය වුව ද කටු ගස් හා සමාන ය. අවංක ම අය වුව ද කටු වැටකටත් වඩා නරක ය. ඔවුන්ගේ මුරකාරයන් කී දඬුවමේ දවස පැමිණ ඇත. ඔවුන් වියවුල් වන කාලය ආසන්න ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ඔවුන්ගෙන් වඩා හොඳ අය කටුගසක් වාගේය. වඩා අවංක අයද කටු වැටකට වඩා නරකය. නුඹේ මුරකාරයන් විසින් කීවාවූ නුඹේ දඬුවමේ දවස පැමිණ තිබේ; දැන් ඔවුන්ගේ වියවුල්කම වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 7:4
16 හුවමාරු යොමු  

මේ වනාහි සව් බලැති මහෝත්තම දෙවි ස්වාමීන් විසින් අප පිට පමුණුවන ලද දර්ශන මිටියාවතෙහි කැළඹීම් ද පරාජය ද වියවුල් ද ඇති වන කාලයක් ය. නගරයේ පවුරු බිඳදමා ඇත. පිහිට පතා මොරගැසීම් දෝංකාරය කඳු අතරින් ඇසේ.


“මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් නුඹට කහඹිලියා හා කටු ගස් මෙන් වුවත්, නුඹ ගෝනුස්සන් අතරේ වාසය කරන්නේ වී නමුත්, ඔවුන්ට වත්, ඔවුන්ගේ වචනවලට වත් බිය නොවන්න. ඔවුන්ගේ මුහුණේ පෙනුමට නොකැළඹෙන්න.


දෙවිඳුන් නුඹලාට දඬුවම් කරන විට නුඹලා කුමක් කරන්නහු ද? දුර බැහැර රටකින් නුඹලා පිට විනාශය පැමුණුණ විට නුඹලා කුමක් කරන්නහු ද? උපකාර ලබාගන්න පිණිස කා වෙත යන්නහු ද? නුඹලාගේ වස්තුව කොතැන සඟවන්නහු ද?


එහෙත් ඒ පොළොව කටු ගස් ද, ගොකටු ද දරයි නම් ඉන් වැදගැම්මක් නැත; සාපය ඒ පිට පැමිණෙයි. දැවී යාමෙන් එය අවසන් වේ.


“හිරු, සඳ හා තාරකාවල ලකුණු පහළ වන්නේ ය. මුහුදේ හා රළ පතරෙහි ඝෝෂාවෙන් වන වියවුලින් ජාතීන් හට සිත් වේදනා වන්නේ ය.


උන් වහන්සේගේ සතුරෝ කටු ගස් මෙන් පැටලී සුරා පානයෙන් මත් වී සිටිය ද වියළී ගිය පිදුරු මෙන් ගිනිබත් වන්නෝ ය.


එවිට සමිඳාණන් වහන්සේ, “ආමොස්, නුඹ කුමක් දකින්නෙහි දැ”යි ඇසූ සේක. “පැසුණු පලතුරු ඇති කූඩයකැ”යි මම පිළිතුරු දුනිමි. එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් සෙනඟගේ විනාශය පඩිසන් දෙන කාලය දැන් පැසී ඇත. ඔවුන්ට දඬුවම් කිරීමට ඇති මාගේ අදහස් මම වෙනස් නොකරමි.


ඒවා නොවටින නිසරු වැඩ වෙයි. දඬුවම් කිරීමට සමිඳුන් පැමිණි විට ඒවා විනාශ කරදමනු ඇත.


මාගේ සෙනඟෙනි, මා පිළිකුල් කරන දේ නුඹලා කළ නිසා ලජ්ජා වූවහු ද? නැත. නුඹලා කොහෙත් ම ලජ්ජා වුණේ වත්, නුඹලාට නින්දාව දැනුණේ වත් නැත. ඒ නිසා, නුඹලා වැටෙන්නන් අතරෙහි වැටෙනු ඇත; නුඹලාට දඬුවම් පැමිණෙන කාලයේ දී නුඹලා පැකිළ වැටෙනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


කටු ගස් වෙනුවට දේවදාර ගස් ද ගොකටු වෙනුවට මරඳ ගස් ද හටගනියි. මෙය සමිඳුන්ගේ නමට සදහට පවතින සලකුණක් වන්නේ ය. එතුමන්ට මැකී නොයන සිහිවටනයක් වන්නේ ය.”


ඔවුන්ගෙන් කිසිවෙක් ද ඉතිරි නොවන්නේ ය. මන්ද, මම අනාතොත්හි වසන මිනිසුන් පිට විපත්තිය එනම්, ඔවුන් පිට දඬුවම් කිරීමේ අවුරුද්ද පමුණුවන්නෙමි.”


මිසරයේ සිටින කුලී හේවායෝ තර කරන ලද වස්සන් වැනි ය. ඔවුන්ගේ විපත්ති දවස, ඔවුන්ගේ විනිශ්චයයේ දවස, එනම්, ඔවුන්ට දඬුවම් කිරීමේ දවස ඔවුන් වෙත ළඟා වූ නිසා ඔවුන්ට කෙළින් සිටීමට නොහැකි ව, ඔව්හු පසු බැස හැරී එක් ව පලා ගියෝ ය.


“එවිට ඉශ්රායෙල් සෙනඟට ඇනෙන කඩුවක් වත්, රිද්දවන උලක් වත් ඔවුන් අපවාදයට පත් කළ ඔවුන් අවට සිටින සියල්ලන්ගෙන් තවත් නොපැමිණෙන්නේ ය; මෙසේ මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්