Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 3:2 - Sinhala New Revised Version

2 එහෙත්, නුඹලා යහපතට ද්වේෂ කර අයහපතට ඇලුම් වන්නහු ය. නුඹලා මාගේ සෙනඟට හඬ ගසා, කටුවලින් ඔවුන්ගේ මස් ඉරා දමන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එහෙත්, නුඹලා යහපතට ද්වේෂ කර අයහපතට ඇලුම් වන්නහු ය. නුඹලා මාගේ සෙනඟට හඬ ගසා, කටුවලින් ඔවුන්ගේ මස් ඉරා දමන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 නුඹලා යහපතට ද්වේෂකොට නපුරට ප්‍රේමවන්නහුය; නුඹලා ඔවුන්ගෙන් ඔවුන්ගේ හමද ඔවුන්ගේ ඇටවලින් ඔවුන්ගේ මාංසද ගළවන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 3:2
32 හුවමාරු යොමු  

ඒ නගරය තුළ අධිපතීහු අයුතු ලාභ ලබාගන්න පිණිස ලේ වැගිරීමටත්, ප්‍රාණ නැති කිරීමටත් සිටින, ගොදුර ඉරාදමන වෘකයන්ට සමාන ය.


නීති රීති කඩන්නෝ දුෂ්ටයන්ට පැසසුම් කරති; නීති රීති රකින්නෝ ඔවුන්ට විරුද්ධ ව සිටිති.


අහරක් බුදින ලෙස මාගේ සෙනඟ කාදමන, දෙවිඳුන් නොඅයදින, අපරාධ කරන අයට කිසි ම දැනුමක් නැද් ද?


ප්‍රේමය අවංක වේ වා. නපුර පිළිකුල් කොට, යහපතට ඇලුම් වන්න.


මාගේ සෙනඟ පාගාදමන්නත්, දුප්පතුන්ට අසාධාරණ දේ කරන්නත් නුඹලාට යුතු නැත. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වන මම ය.”


එහෙත්, හනානීගේ පුත් ජේහු නම් දිවැසිවරයා ජෙහෝෂාපාට්ගේ පෙරමඟට පිටත් ව ගොස්, ඔහුට කතා කොට, “දුෂ්ටයාට උපකාර කිරීමත්, සමිඳාණන් වහන්සේට වෛර වන්නන්ට ප්‍රේම කිරීමත් ඔබට යුතු ද? මේ කාරණය නිසා ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස පැමිණ තිබේ.


ආහබ් ද කතා කොට, “අහෝ මාගේ හතුර, ඔබ මා සොයාගත්තෙහි දැ”යි එලියාට කී ය. ඔහු උත්තර දෙමින්, “මම නුඹ සොයාගතිමි. මක්නිසා ද, නුඹ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කරන්න නුඹ ම භාර වී සිටින්නෙහි ය.


අනුකම්පා රහිත, දයාවිරහිත, ඕපාදූප කියන, අසංවර, කුරිරු, හොඳ දේට අකමැති,


මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුසු ය, යන දෙවියන් වහන්සේගේ නියෝගය දැන දැනත් ඒ දේ ම කරති. එපමණක් නොව, ඒ දේ කරන අයට අනුබල ද දෙති.


එවිට ඔව්හු නැවතත් මොරගසමින්, “මේ මිනිසා නොවේ, බරබ්බස් නිදහස් කර දෙන්නැ”යි කී හ. බරබ්බස් වනාහි මංකොල්ලකාරයෙකි.


ඔබට ද්වේෂ කරන්නට ලෝකයාට නොහැකි ය. එහෙත්, ලෝකයා මට ද්වේෂ කරති. මන්ද, ‘ලෝකයාගේ ක්‍රියා නපුරු ය’යි මා සාක්ෂි දරන බැවිනි.


එහෙත් ඔහුගේ නගරවැසියෝ ඔහුට වෛර වී, ‘මේ මනුෂ්‍යයා අප කෙරේ රජකම් කිරීම අපේ කැමැත්ත නොවේ ය’යි කියනු පිණිස නියෝජිත පිරිසක් ඔහු පස්සේ යැවූ හ.


ජෙරුසලමේ සිටින අධිපතීහු ගොරවන සිංහයෝ ය. ඇගේ විනිශ්චයකාරයෝ කෑදර වෘකයෝ ය. ඔව්හු පසු දිනට කිසිවක් ඉතිරි නොකරති.


නුඹලා කිරි බොන්නහු ය; ලෝම ඇඳුම් ඇඳගන්නහු ය; තර සතුන් මරා කන්නහු ය. එහෙත්, නුඹලා බැටළුවන් පෝෂණය නොකරන්නහු ය;


ඔහු දුදනන් පිළිකුල් කරන්නේ ය. සමිඳුන්ට ගරු කරන අයට ඔහු ගරුසරු පා, වාසි අවාසි නොතකා, සිය පොරොන්දු ඉටු කරයි.


නුඹලාගේ ඔය දැහැමිකමත්, නුඹලාගේ ක්‍රියාත් මම හෙළි කරන්නෙමි. නුඹලාගේ දේව රූපවලින් නුඹලාට පිහිටක් නොවේ.


“ ‘එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාංසය වශයෙන් හැඳින්වෙන්නේ නගරයෙහි නුඹලා විසින් බාවනු ලැබ ඇති, නුඹලා අතින් මැරුම්කනු ලැබූ අය ය; කල්දේරම වශයෙන් හැඳින්වෙන්නේ නගරය ය. එහෙත්, නුඹලා මෙයින් පිටත ගෙනෙනු ලබන්නහු ය.


එයට මස් කෑලි දමන්න. ඉතා හොඳ කෑලි වන පස්සා ගාතය ද ඉස්සරහ ගාතය ද ඉතා හොඳ කටු ද එයට පුරවන්න.


“එහෙත් මාගේ සතුරන් වී සිටින්නේ නුඹලා ය. අහිංසකයන්ගේ පොරෝනාව නුඹලා උදුරාගන්නහු ය; සාමකාමී මිනිසුන් යුද්ධයට පොළඹවන්නහු ය.


දේශයේ කිසි ම අවංක මිනිසෙකු වත්, දේව භක්තිය ඇති කෙනෙකු වත් ඉතිරි වී නැත. සෑම දෙනා ම මිනීමැරීමට බලා සිටිති. එක එකා තම තමාගේ සහෝදරයා දැලකින් අසු කරගන්නට මාන බලයි.


වීර්යයෙන් නපුර කිරීමට ඔවුන් දෑත පොවා ඇත. අධිපතියා ද විනිශ්චයකාරයා ද අල්ලස් ඉල්ලති. බලපුළුවන්කම් ඇත්තා ඔහුගේ සිතේ නපුරු ආසාවන් ප්‍රකාශ කරයි. ඔව්හු එකට උපා යොදාගනිති.


නපුරට යහපත කියා ද යහපතට නපුර කියා ද කියන, එළිය අඳුරු බවටත් අඳුර එළිය බවටත් හරවන මිහිර තිත්ත බවටත් තිත්ත මිහිර බවටත් හරවන ඔබට වන විපතක මහත!


සමාරිය කඳුකරේ සිටින තරබාරු එළදෙනුනි; දිළිඳුන් තළා පෙළා, අසරණයින්ට පීඩා කරන, ‘බොන්නට දෙයක් දෙන්න’ කියා සැමියන්ට අණ කරන ඔබ හැම මෙයට සවන් දෙන්න.


නපුරට ද්වේෂ කරන්න, යහපතට ප්‍රිය කරන්න, උසාවිය මඟින් යුක්තිය ඉටු කරවන්න. සමහරවිට, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මේ රටේ ඉතිරි ව සිටින ජනයාට කරුණා කරනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්