මීකා 2:4 - Sinhala New Revised Version ඒ කාලයේ දී නුඹලා පිළිබඳ කථාන්තරය විනාශයේ උදාහරණයක් වශයෙන් ගෙන ළතෝනි ද ගයන්නෝ ය. ‘අපි නැත්තට ම නැති වී සිටිමු’යි කියමින් ඔව්හු මෙසේ ද කියති: ‘දේශය අප අතින් පැහැරගෙන තිබෙන හැටි! ඒ දේශය අප වහල්කමට ගත් අයට උන් වහන්සේ දී ඇත.’ “ Sinhala New Revised Version 2018 ඒ කාලයේ දී නුඹලා පිළිබඳ කථාන්තරය විනාශයේ උදාහරණයක් වශයෙන් ගෙන ළතෝනි ද ගයන්නෝ ය. ‘අපි නැත්තට ම නැති වී සිටිමු’යි කියමින් ඔව්හු මෙසේ ද කියති: ‘දේශය අප අතින් පැහැරගෙන තිබෙන හැටි! ඒ දේශය අප වහල්කමට ගත් අයට උන් වහන්සේ දී ඇත.’ ” Sinhala Revised Old Version ඒ කාලයේදී ඔවුන් නුඹලා ගැන උපමාවක් කියමින්ද දුක්මුසුවූ ළතෝනියකින් ළතෝනි කියමින්ද: අපි සහමුලින්ම නාස්තිවුණෙමුව. උන්වහන්සේ මාගේ සෙනඟගේ කොටස මාරුකරනසේක. ඒක මාගෙන් පහකරන හැටි! කැරළිකාරයන්ට උන්වහන්සේ අපේ කෙත් බෙදාදෙනසේකැයි කියනවා ඇත. |
ජෙරමියා වනාහි ජොෂියා ගැන විලාප ගීතිකාවක් කෙළේ ය. ගී ගයන සියලු මිනිස්සු ද ගී ගයන සියලු ස්ත්‍රීහු ද අද දක්වා තමන්ගේ විලාප ගීතිකාවලින් ජොෂියා ගැන කතා කරති. ඔව්හු ඒවා ඉශ්රායෙල් අතරෙහි නියෝගයක් කොට දුන්නෝ ය.
උන් වහන්සේ එසේ කළ විට ඉශ්රායෙල් සෙනඟ බබිලෝනියේ රජුට මෙසේ සරදම් කරනු ඇත: “කුරිරු නිරිඳු වැටී ඇත; අනුන්ට පීඩා කිරීමේ ශක්තිය ඔහුට තවත් නැත.
එවිට මම, “සමිඳුනි, මෙසේ වන්නේ කොපමණ කලකට දැ”යි ඇසීමි. එතුමාණෝ මෙසේ පිළිතුරු දුන් සේක: “වැසියෙකු නැති ව නගර ද මිනිසෙකු නැති ව ගෙවල් ද පාළු වන තුරුත්, දේශය සහමුලින් ම ජනශූන්‍ය වන තුරුත් ය.
මා පිටතට ගිය විට කඩුවෙන් මැරුම් කෑ අය මට පෙනේ; මා නගරයට ඇතුළු වූ විට සාගතයෙන් ලෙඩ වී සිටින අය මට පෙනේ. දිවැසිවරු ද පූජකයෝ ද කිසිවක් නොදැන දේශයේ ඔබමොබ යති.’ “
“බලන්න, සතුරා වලාකුළු මෙන් ද ඔහුගේ රථ සුළි සුළඟක් මෙන් ද නැඟී එන්නේ ය. ඔහුගේ අශ්වයෝ රාජාලින්ට වඩා ශීඝ්‍ර ය. අහෝ, අපට වන විපතක මහත! අපි විනාශයි!
ඔවුන්ගේ ගෙවල් ද වතුපිටි ද භාර්යාවන් ද අන්‍යයන්ට අයිති වනු ඇත. මේ දේශයේ සිටින සෙනඟට මම දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
එබැවින් ඔවුන්ගේ භාර්යාවන් අන්‍යයන්ට ද ඔවුන්ගේ කෙත් ඒවා අල්ලාගන්න අයට ද දෙන්නෙමි. මන්ද, ලොකු කුඩා අය සැවොම අයුතු ලාභ ගැනීමට කෑදර වෙති; දිවැසිවරුන් පටන් පූජකයන් දක්වා සියල්ලෝ ම වංචාකම් කරති.
ජෙරමියා මෙසේ කී ය: “කඳු ගැන ඇඬීමක් ද විලාපයක් ද පාළුකරයේ තණ බිම් ගැන ළතෝනියක් ද ගයන්නෙමි. කිසිවෙකුට එහි ගමන් කළ නොහැකි වන ලෙස ඒවා වියළී ගොස් ඇත. එහි සිවුපාවුන්ගේ හඬ නෑසෙන්නේ ය. අහසේ පක්ෂීන් ද මෘගයන් ද පලා ගොස් ඇත.”
ඔවුන් වත්, ඔවුන්ගේ පියවරුන් වත් දැන නොගත් ජාතීන් අතරට ඔවුන් විසුරුවා හැර, ඔවුන් සහමුලින් ම නැති කරදමන තුරු මම ඔවුන් පසුපස්සේ යුද්ධ සේනා යවමි.”
උන් වහන්සේ එය මා ඉදිරියෙහි දිග හැරිය සේක. එහි ඇතුළත හා පිටත ලියා තිබුණි. එහි ලියා තිබුණේ විලාප, වැලපීම් හා ලතෝනි ය.
“පූජකවරුනි, ගෝණි රෙදි ඔතාගෙන වැලපෙන්න. පුදසුනේ සේවකයෙනි, කෑමොරගසන්න. පූජකවරුනි, ගෝණි රෙදි පොරවාගෙන මුළු රැයක් වැතිර සිටින්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පිදීමට ආහාර පූජාවත්, පානීය පූජාවත් කිසිත් නැත.
සිය යොවුන් වියේ දී විවා බස් දුන් පෙම්වතා මියගිය බැවින් දළ රෙදි හැඳගත් කන්‍යාවක මෙන් හඬා වැලපෙන්න.
“එම්බා මරේෂාහි වැසියෙනි! නුඹලා අල්ලාගන්න සතුරන් නැවත එවන්නෙමි. ඉශ්රායෙල්හි තේජස අදුල්ලාම් නගරයට පවා පැමිණෙන්නේ ය.
“මේ නිසා මම හඬා වැලපෙන්නෙමි; පාවහන් වත්, ඇඳුම් වත් නැති ව යන්නෙමි; සිවලුන් මෙන් විලාප නඟන්නෙමි; පැස්බරුන් මෙන් වැලපෙන්නෙමි.
නැඟිට යන්න. මෙය නුඹලාට විවේක ස්ථානයක් නොවේ. පාපය නිසා නුඹලා භයානක විපතකට පත් වන්නහු ය.
සියලු දෙනා ඔහුට අවමන් කොට ඔහුට විරුද්ධ ව මෙසේ ඇනුම්පද කියනු ඇත; “නුඹලාට අයිති නැති දේ ගොඩගසාගත්, උකස් බඩු තමා පිට පටවාගත් අයට වන විපතක මහත!”
එවිට බාලාම් මේ දිවැස් වැකිය පැවසී ය: “බාලාක්, අවදි ව ඇහුම්කන් දෙන්න; ශිප්පෝර්ගේ පුත්‍රය, මට සවන් දෙන්න;
එවිට බාලාම් මේ අනාවැකිය කී ය: “මෝවබ්හි භූපති බාලාක් මා කැඳවූයේ, ආරාම් රටිනි, පෙරදිග කඳුකරයෙනි, ඔහු මා ඇමතූයේ, ‘ එන්න, මා වෙනුවෙන් ඉශ්රායෙල් ජනයාට සාප කරන්න. එන්න, ඉශ්රායෙල් ජනයා හට දෙස් කියන්න’ කියා ය.
ඉන්පසු බාලාම් මේ අන්තිම අනාවැකිය කී ය. “බෙයෝර්ගේ පුත්, බාලාම්ගේ පණිවුඩය මේ ය, ඇස් පැහැදුණු මිනිසාගේ කියමන මේ ය.
එවිට ඔහු මේ අනාවැකිය කී ය: “බෙයෝර්ගේ පුත්, බාලාම්ගේ පණිවුඩය මේ ය. ඇස් පැහැදුණු මිනිසාගේ කියමන මේ ය.
මේ උපමාව තමන්ට විරුද්ධ ව එල්ල කළ බව තේරුම්ගත් ඔව්හු උන් වහන්සේ අල්ලන්නට තැත් කළහ. එහෙත්, ජනකායට බිය වූයෙන් ඔව්හු උන් වහන්සේ අත්හැර යන්න ගියහ.
අන්ධයා අඳුරේ අතපතගාමින් යන්නාක් මෙන් ඔබ ද ඉර මුදුන් වේලාවෙහි අතපතගාමින් යන්නහු ය. ඔබ ගන්න පියවර සාර්ථක නොවන්නේ ය. ඔබ නිතර ම පීඩාවටත්, කොල්ලයටත් පාත්‍ර වන නමුත්, කිසිවෙක් ඔබ ගළවානොගන්නේ ය.