Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 23:18 - Sinhala New Revised Version

18 එවිට බාලාම් මේ දිවැස් වැකිය පැවසී ය: “බාලාක්, අවදි ව ඇහුම්කන් දෙන්න; ශිප්පෝර්ගේ පුත්‍රය, මට සවන් දෙන්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 එවිට බාලාම් මේ දිවැස් වැකිය පැවසී ය: “බාලාක්, අවදි ව ඇහුම්කන් දෙන්න; ශිප්පෝර්ගේ පුත්‍රය, මට සවන් දෙන්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 ඔහු උපමා කථා පවසමින් කියනුයේ: බාලාක්, නැගිට අසන්න; ශිප්පෝර්ගේ පුත්‍රය, කන් යොමුකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 23:18
3 හුවමාරු යොමු  

බාලාම් ඔහු වෙත ගිය විට බාලාක් හා මෝවබ්හි නායකයන් ඔහුගේ දවන යාග පූජාව ළඟ සිටිනු දිටී ය. බාලාක් ද, “සමිඳාණන් වහන්සේ කුමක් කීවේ දැ”යි විචාළේ ය.


දෙවිඳාණෝ බොරු කියන මිනිසෙක් නොවෙති; පසුබට වන මිනිස් පුතෙක් ද නොවෙති; එතුමාණෝ, තමන් කී දේ ඉටු නොකරන සේක් ද? පොරොන්දු වූ දේ, නොදෙන සේක් ද?


ඒහුද් රජතුමා වෙත පැමිණියේ ය. ඔහු තමාගේ උඩුමහල් තලෙහි තනියම ඉඳගෙන සිටියේ ය. ඒහුද් ඔහු අමතා, “ඔබට දෙවියන් වහන්සේගේ පණිවුඩයක් දන්වන්න මට ඇතැ”යි කී ය. ඔහු හුනස්නෙන් නැඟිට්ටේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්