Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 2:4 - Sinhala Revised Old Version

4 ඒ කාලයේදී ඔවුන් නුඹලා ගැන උපමාවක් කියමින්ද දුක්මුසුවූ ළතෝනියකින් ළතෝනි කියමින්ද: අපි සහමුලින්ම නාස්තිවුණෙමුව. උන්වහන්සේ මාගේ සෙනඟගේ කොටස මාරුකරනසේක. ඒක මාගෙන් පහකරන හැටි! කැරළිකාරයන්ට උන්වහන්සේ අපේ කෙත් බෙදාදෙනසේකැයි කියනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඒ කාලයේ දී නුඹලා පිළිබඳ කථාන්තරය විනාශයේ උදාහරණයක් වශයෙන් ගෙන ළතෝනි ද ගයන්නෝ ය. ‘අපි නැත්තට ම නැති වී සිටිමු’යි කියමින් ඔව්හු මෙසේ ද කියති: ‘දේශය අප අතින් පැහැරගෙන තිබෙන හැටි! ඒ දේශය අප වහල්කමට ගත් අයට උන් වහන්සේ දී ඇත.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඒ කාලයේ දී නුඹලා පිළිබඳ කථාන්තරය විනාශයේ උදාහරණයක් වශයෙන් ගෙන ළතෝනි ද ගයන්නෝ ය. ‘අපි නැත්තට ම නැති වී සිටිමු’යි කියමින් ඔව්හු මෙසේ ද කියති: ‘දේශය අප අතින් පැහැරගෙන තිබෙන හැටි! ඒ දේශය අප වහල්කමට ගත් අයට උන් වහන්සේ දී ඇත.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 2:4
35 හුවමාරු යොමු  

ඔවුන් සියල්ලෝම ඔහුට විරුද්ධව උපමාවක් සහ නින්දාකරන උපහැරණයක් නොකියද්ද? එනම්: තමාට අයිති නැතිදේ වැඩිකරගන්නාවූ, උකස් බඩු තමා පිට පටවාගන්නාවූ අයට දුක්වේ! කොපමණ කල්ද?


එම්බා මරේෂාහි වාසය කරන්නිය, නුඹ හිමිකරගන්නා නැවත නුඹ ළඟට පමුණුවන්නෙමි. ඉශ්‍රායෙල්ගේ තේජස අදුල්ලාම්ට පවා පැමිණෙන්නේය.


කඳු ගැන ඇඬීමක්ද ළතෝනියක්ද කාන්තාරයේ තෘණ බිම් ගැන විලාපයක්ද පවත්වන්නෙමි, මක්නිසාද කිසිවෙක් එහි නොයන හැටියට ඒවා දාලාගියේය; සිව්පාවුන්ගේ හඬ නෑසෙන්නේය; ආකාශයේ පක්ෂීහුද මෘගයෝද පලාගොස් අහක්වුණෝය.


පොළොව සහමුලින්ම හිස්කරනු ලැබ සහමුලින්ම කොල්ලයක් වන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ වචන වදාළසේක.


එවිට මම: ස්වාමීන්වහන්ස, කොපමණ කලකටදැයි ඇසුවෙමි. උන්වහන්සේද: වැසියෙක් නැතිව නුවරවල්ද මනුෂ්‍යයෙක් නැතිව ගෙවල්ද පාළුවීමත්, දේශය මුළුමනින්ම පාළුවීමත්,


අන්ධයා අඳුරෙහි අතගගා යන්නාක් මෙන් නුඹ ඉර මුදුන් වේලාවෙහි අතගගා යන්නෙහිය, නුඹේ මාර්ගවලදී නුඹ සඵලනොවන්නෙහිය. නුඹ ගළවන්ට කිසිවෙකු නැතුව නුඹ නිරන්තරයෙන් පීඩාවට හා කොල්ලයටම ගොදුරු වන්නෙහිය.


ඔහු උපමා කථා පවසමින් කියනුයේ: ඇවිත් මා වෙනුවෙන් යාකොබ්ට ශාපකරන්න, ඇවිත් ඉශ්‍රායෙල්ට දෙස් කියන්නැයි කියා මෝවබ්හි රජවූ බාලාක් අරාමෙන්ද පෙරදිග්හි කඳුවලින්ද මා ගෙන්වුවේය.


උන්වහන්සේ මේ උපමාව තමුන්ට විරුද්ධව කී බව ඔව්හු දැන උන්වහන්සේ අල්ලන්ට සෙවුවෝය. නුමුත් ඔව්හු සමූහයාට භයව සිටියෝය. ඔව්හු වනාහි උන්වහන්සේ අත්හැර ගියෝය.


මම භූමිය මතුපිටින් සියලු දේ සහමුලින් නැතිකරන්නෙමියි ස්වාමීන්වහන්සේ, කියනසේක.


මේක නුඹලාගේ නිවාසය නොවන නිසා නැගිට යන්න. අපවිත්‍රකම නිසා බලවත් විනාශයකින් ඒක නුඹලාව විනාශකරනවා ඇත.


සියලු මිදිවතුවලත් වැලපීම වන්නේය. මක්නිසාද නුඹ මැදින් යන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


එම්බා ඉශ්‍රායෙල් වංශය, මා විසින් නුඹලා ගැන පවත්වන විලාපයවන මේ වචනය අසන්න.


පූජකයෙනි, ගෝණිරෙදි ඔතාගන විලාප කියන්න; පූජාසනයේ සේවකයෙනි, කෑමොරගසන්න; මාගේ දෙවියන්වහන්සේගේ සේවකයෙනි, ඇවිත් ගෝණිරෙදි පෙරවාගන මුළු රාත්‍රියෙහි වැතිර ඉඳින්න. මක්නිසාද ආහාර පූජාවද පාන පූජාවද නුඹලාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට නොපැමිණෙන්නේය.


තරුණ වයසේ පුරුෂයා නිසා ගෝණි රෙදි ඇඳසිටින කන්‍යාවක් මෙන් වැලපෙන්න.


උපමා කියන සියල්ලෝ: මවු යම්සේද දුවත් එසේමය යන උපමාව නුඹ ගැන කියනවා ඇත.


උන්වහන්සේ ඒක මා ඉදිරියේ දිග හැරියසේක; එහි ඇතුළත් පිටත් ලියා තිබුණේය.


මා පිටතට ගියොත් කඩුවෙන් මැරුම්කෑ අය පෙනේ! මා නුවරට ඇතුල්වුණොත් සාගතයෙන් ලෙඩවී ඉන්න අය පෙනේ! මක්නිසාද අනාගතවක්තෘද පූජකයාද කිසිවක් නොදැන දේශයෙහි ඔබමොබ යති.


බලව, ඔහු වලාකුල් මෙන්ද ඔහුගේ රථ සුළි හුළඟක් මෙන්ද නැගී එන්නේය. ඔහුගේ අශ්වයෝ රාජාලීන්ට වඩා ශීඝ්‍රය. අහෝ අපට දුක්වේ! මක්නිසාද අපි නාස්තිවීමුව.


නුඹ බබිලෝනියේ රජුට විරුද්ධව මේ උපමාව කියන්නෙහිය: අහෝ පීඩාකාරයා නැවතුණු හැටි! රන් නුවර නැවතුණු හැටි!


නැවත යෝබ් තමාගේ කථාව පටන්ගෙන කියනුයේ:


යෙරෙමියා වනාහි යොෂියා ගැන විලාප ගීතිකාවක් කෙළේය. ගී කියන සියලු මිනිස්සුද ගීකියන සියලු ස්ත්‍රිහුද අද දක්වා තමුන්ගේ විලාප ගීතිකාවලින් යොෂියා ගැන කථාකරති; ඔව්හු ඒවා ඉශ්‍රායෙල් අතරෙහි නියෝගයක් කොට දුන්නෝය. ඒවා විලාප ගීතිකාවල ලියා තිබේ.


දාවිත්, සාවුල් සහ ඔහුගේ පුත්‍රවූ යොනාතාන් ගැන මේ විලාප ගීය කියමින් වැලපුණේය.


ඔහු උපමා කථා පවසමින් කියනුයේ: බෙයොර්ගේ පුත් බාලාම්ගේ කීම, ඇස් පියවුණු මනුෂ්‍යයාගේ කීම,


ඔහු උපමා කථා පවසමින් කියනුයේ: බෙයොර්ගේ පුත් බාලාම්ගේ කීම, ඇස් පියවුණු මනුෂ්‍යයාගේ කීම,


ඔහු උපමා කථා පවසමින් කියනුයේ: බාලාක්, නැගිට අසන්න; ශිප්පෝර්ගේ පුත්‍රය, කන් යොමුකරන්න.


ඔවුන්ගේ ගෙවල්ද කෙත්ද භාර්යාවෝද එකට අන්‍යයන්ට අයිතිවන්නෝය. එසේය, දේශයේ වැසියන්ට විරුද්ධව මාගේ අත දිගුකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


එබැවින් ඔවුන්ගේ භාර්යාවන් අන්‍යයන්ටද ඔවුන්ගේ කෙත් ඒවා අල්ලාගන්නන්ටද දෙන්නෙමි. මක්නිසාද කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම අයුතු ලාභය පස්සේ යති, අනාගතවක්තෘ පටන් පූජකයා දක්වා සියල්ලෝම ප්‍රයෝගකරති.


ඉන්නිසා මම වැලපී කෑගසන්නෙමි, වස්ත්‍ර ගළවා නිර්වස්ත්‍රව යන්නෙමි. සිවලුන් මෙන් විලාපයක් කරන්නෙමි, පැස්බරුන් මෙන් වැලපෙන්නෙමි.


ඔවුන්වත් ඔවුන්ගේ පියවරුන්වත් දැනනොගත් ජාතීන් අතරට ඔවුන් විසුරුවා, මම ඔවුන් නැතිකරන තුරු කඩුව ඔවුන් පසුපස්සේ හරින්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්