Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 1:15 - Sinhala New Revised Version

15 “එම්බා මරේෂාහි වැසියෙනි! නුඹලා අල්ලාගන්න සතුරන් නැවත එවන්නෙමි. ඉශ්රායෙල්හි තේජස අදුල්ලාම් නගරයට පවා පැමිණෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 “එම්බා මරේෂාහි වැසියෙනි! නුඹලා අල්ලාගන්න සතුරන් නැවත එවන්නෙමි. ඉශ්රායෙල්හි තේජස අදුල්ලාම් නගරයට පවා පැමිණෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 එම්බා මරේෂාහි වාසය කරන්නිය, නුඹ හිමිකරගන්නා නැවත නුඹ ළඟට පමුණුවන්නෙමි. ඉශ්‍රායෙල්ගේ තේජස අදුල්ලාම්ට පවා පැමිණෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 1:15
11 හුවමාරු යොමු  

දාවිත් ගාත් රටින් ගැළවී ගොස්, අදුල්ලාම්හි ගුහාවට පැමිණියේ ය. ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝ ද ඒ අසා එහි ඔහු වෙත ගියෝ ය.


කෙයිලා ද අක්ශීබ් ද මරේෂා ද යන නගර නවය සහ ඒවායේ ගම් ද යන මේවා ය.


ජර්මූත් ද අදුල්ලාම් ද සෝකෝ ද අශේකා ද


අම්මොන්වරුන් ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් දේශයේ වැසියෝ නැද් ද? එයට උරුමක්කාරයෝ නැද් ද? ඇත්නම්, මල්කාම් දෙවියාට නමස්කාර කරමින් සෙනඟ ගාද් රට හිමි කරගෙන නගරවල වාසය කරන්නේ මන් ද?


දෙවිඳුන් නුඹලාට දඬුවම් කරන විට නුඹලා කුමක් කරන්නහු ද? දුර බැහැර රටකින් නුඹලා පිට විනාශය පැමුණුණ විට නුඹලා කුමක් කරන්නහු ද? උපකාර ලබාගන්න පිණිස කා වෙත යන්නහු ද? නුඹලාගේ වස්තුව කොතැන සඟවන්නහු ද?


බෙත්-ශූර්, ශෝකෝ, අදුල්ලාම්;


ලිබ්නාහි රජ; අදුල්ලහි රජ;


ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් ගොයම් කපන කාලයේ දී දාවිත් සිටි අදුල්ලම් ගුහාවට ගියහ. පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපායිම් මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියහ.


එකල ජුදා තම සහෝදරයන්ගෙන් වෙන් වී අදුල්ලම් නම් නගරයේ වැසියෙකු වන හීරා නමැත්තෙකු සමඟ වාසය කිරීමට ගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්