ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ෆිලෙමොන් 1:11 - Sinhala New Revised Version

වරක් ඔහු ඔබට නිෂ්ප්‍රයෝජන ව සිටි නමුත්, දැන් ඔහු ඔබටත් මටත් ප්‍රයෝජනවත් වී සිටියි.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

කලින් ඔහු ඔබට නිෂ්ප්‍රයෝජනව සිටි නමුදු, දැන් ඔහු ඔබටත්, මටත් දෙදෙනාටම ප්‍රයෝජනව සිටියි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

වරක් ඔහු ඔබට නිෂ්ප්‍රයෝජන ව සිටි නමුත්, දැන් ඔහු ඔබටත් මටත් ප්‍රයෝජනවත් වී සිටියි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු වරක් නුඹට නිෂ්ප්‍රයෝජනව සිටිය නුමුත් දැන් නුඹටත් මටත් ප්‍රයෝජනව සිටියි.

පරිච්ඡේදය බලන්න



ෆිලෙමොන් 1:11
10 හුවමාරු යොමු  

මේ පලක් නැති දාසයා පිටත අන්ධකාරයට නෙරපාදමන්න. එහි දී වැලපීමත් දත්මිටි කෑමත් වන්නේ ය’යි කියනු ඇත.”


මන්ද, මේ මාගේ පුත්‍රයා මැරී සිට යළි ජීවත් ව සිටියි; නැතිවී සිට සම්බ වී ය’යි කී ය. එවිට ඔව්හු ප්‍රීති ප්‍රමෝද වන්න පටන්ගත්හ.


අප ප්‍රීති සන්තෝෂ විය යුතු ම ය. මන්ද, මේ ඔබේ මල්ලී මැරී සිටි නමුත් නැවත ජීවත් ව සිටි’ “යි; නැති වී සිටි නමුත් නැවත සම්බ වී ය’යි කීයේ ය.


එසේ ම ඔබත් ඔබට අණ කළ සියල්ල කළ පසු, ‘අපි දාසයෝ ය, ස්තුතියක් අපට හිමි නැත, කළ යුතු දෙය පමණක් අපි කෙළෙමු’යි කියන්නැ”යි වදාළ සේක.


හැම දෙන ම මුළා ව ගොස් සිටිති, හැම දෙන ම එක සේ නොමඟ ගොස් සිටිති. යහපත කරන කිසිවෙක් නැත, එක් කෙනෙක් වත් නැත.


ලූක් පමණක් මා සමඟ සිටී. මාක් ඔබ සමඟ කැඳවාගෙන එන්න. මගේ වැඩට ඔහු ප්‍රයෝජනවත් සහකාරයෙකි.


ඒ ඉල්ලීම නම්, මා හිරගෙදර සිටිය දී මාගේ දරුකමට පත් වූ ඔනේසිමස් ගැන ය.


මාගේ හදවත වැනි ඔහු ඔබ වෙත ආපසු එවමි.


වරක් ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ ව නොසිටියහ; දැන් ඔබ උන් වහන්සේගේ සෙනඟ ව සිටින්නහු ය. වරක් ඔබ දයාව නොලැබ සිටියහු ය; දැන් ඔබ දයාව ලැබ සිටින්නහු ය.