Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ෆිලෙමොන් 1:11 - සිංහල කාලීන පරිවර්තනය

11 කලින් ඔහු ඔබට නිෂ්ප්‍රයෝජනව සිටි නමුදු, දැන් ඔහු ඔබටත්, මටත් දෙදෙනාටම ප්‍රයෝජනව සිටියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 වරක් ඔහු ඔබට නිෂ්ප්‍රයෝජන ව සිටි නමුත්, දැන් ඔහු ඔබටත් මටත් ප්‍රයෝජනවත් වී සිටියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 වරක් ඔහු ඔබට නිෂ්ප්‍රයෝජන ව සිටි නමුත්, දැන් ඔහු ඔබටත් මටත් ප්‍රයෝජනවත් වී සිටියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 ඔහු වරක් නුඹට නිෂ්ප්‍රයෝජනව සිටිය නුමුත් දැන් නුඹටත් මටත් ප්‍රයෝජනව සිටියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ෆිලෙමොන් 1:11
10 හුවමාරු යොමු  

ලූක් පමණක් මා සමඟ ය. ඔබ සමඟ මාර්ක් කැඳවාගෙන එන්න. මාගේ සේවය සඳහා ඔහු මට ප්‍රයෝජනවත් ය.


වරක් ඔබ ජනතාවක්ව සිටියේ නැත. එහෙත් දැන් ඔබ දෙවියන්වහන්සේගේ ජනතාව ය. වරක් ඔබ දයාව ලද්දේ නැත. එහෙත් දැන් ඔබ දයාව ලැබ සිටිති.


එනමුත් ප්‍රීතිවීම අපට යුතුයි. මන්ද ඔබේ මේ සහෝදරයා මැරී, යළි ජීවත්ව සිටී; ඔහු නැති වී, යළි සම්භ වුණා’ යි කීවා” යි කී සේක.


සැවොම ඉවත හැරී, ඔවුන් එක්ව නිෂ්ඵල බවට පත්ව ඇත; හොඳක් කරන කෙනෙක් නැත; එක් කෙනකුවත් නැත.”


එසේම ඔබත්, ඔබට නියම කළ සියල්ල ඉටු කළ පසු, ‘අප නො වටිනා දාසයෝ ය; අප කළේ අපගේ කාරිය ඉටු කිරීම පමණ ය’ කියා කියන්නැ” යි පැවසූ සේක.


මන්ද මාගේ මේ පුත්‍රයා මැරී, යළි ජීවත්ව සිටී; ඔහු නැති වී, යළි සම්භ වුණා’ යි කීවා. මෙසේ ඔවුහු ප්‍රීති වන්නට වුණා.


කිසි කමකට නැති මේ දාසයා පිටත අන්ධකාරයට හෙළනු; එතැන වැලපීමත්, දත්මිටි කෑමත් වන්නේ යැ’ යි කීවේ ය.


සිරගතව සිටියදී පියාණන් බවට මා පත් වූ මගේ දරුවා වන ඔනේසිමස් ගැන ඔබට ආයාචනා කරමි.


මාගේම හදවත වැනි ඔහු ඔබ වෙත ආපසු එවන්නෙමි;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්